ගෙවුණු දවස මැයි 09 – ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා සංචිතය නම් කරයි

173

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

දෙදින ශූරතාවය ජෝසප්වරුන්ට

පුරා මාස පහකට ආසන්න කාලයක් පුරාවට පැවති සිංගර් කුසලාන පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු පෙළ දෙදින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය 08 වැනිදා මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර කොළඹ කෝල්ට්ස් පිටියේ දී ආරම්භ විය.

සාන්ත ජෝසප් විද්‍යාලය සිය පළමු ඉනිමට ලබාගත් ලකුණු 300ට එරෙහිව ත්‍රිත්ව විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිම වෙනුවෙන් ලබා ගත්තේ ලකුණු 173ක් නිසාවෙන් අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයක් ලබා ගත් සාන්ත ජෝසප් විද්‍යාලය දෙදින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගන්නා ලදි.

සම්පූර්ණ වාර්තාව: ජෝසප්වරුන් කුසලානය මරදානට රැගෙන යයි

මලල ක්‍රීඩා –

සහය දිවීමේ කණ්ඩායම ආසියානු සංචිතයෙන් හැලේ

srilanka women relay teamජුනි මස 7 වැනිදා සිට 10 වැනිදා දක්වා ජපානයේ ජිෆු (Gifu) හිදී පැවැත්වීමට නියමිත ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය සඳහා දොළොස් දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය ඊයේ (09) කටයුතු කළේය.

නිමා වූ දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී වසර විසිහතරකට පෙර සුසන්තිකා ජයසිංහ, දමයන්ති දර්ශා, නිම්මි ද සොයිසා හා අමන්දා වනිගතුංග විසින් පිහිටුවා තිබූ වාර්තාවක් තත්පර 46.23කින් බිඳ දැමූ 4X100 බාලිකා සහය දිවීමේ කණ්ඩයමේ දක්ෂතා, එම කණ්ඩයම ජිෆු නුවරට පැවැත්වෙන ආසියානු ශූරතාවලියට තෝරා ගැනීමට තරම් ප්‍රමාණවත් නොවීම විමතියට කරුණකි.  

සම්පූර්ණ වාර්තාව: සහය දිවීමේ ශූරියෝ ආසියානු කනිෂ්ඨ සංචිතයෙන් ඉවතට

දිනයක අවසානය