ගෙවුණු දවස ජූලි 03 – හතුරුසිංහට එංගලන්ත වීසා අහිමි වෙයි

395

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

හතුරුසිංහගේ සැලසුම් කල්යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහ මහතා ටෙස්ට් ක්‍රිකට් තරග 3කින් සමන්විත කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අවසන් වූවාට පසුව 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඇති පහසුකම් හා එහි ඇති සූදානම නිරීක්ෂණය කිරීම සඳහා එංගලන්තය බලා යෑමට සැලසුම් කර තිබුනත් ඒ සඳහා අවශ්‍ය වීසා බලපත්‍ර නොලැබීම නිසා එහි යාමට හතුරුසිංහ මහතාට අවස්ථාව ලැබී නැත.

2019 වසරේ මැයි මස 30 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මූලික වටයේ තරග රැසක්ම උතුරු එංගලන්තය ආශ්‍රිතව පැවැත්වේ.

සම්පූර්ණ වාර්තාව: වීසා හරස් වී හතුරුගේ සැලසුම් කල්යයි

තද වැසි වැටී පළමු දිනය සේදී යයි

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම අතර චිතගොං හි ෂෙයික් කමාල් ඇකඩමි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන දෙවැනි නිල නොලත් සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ ඊයේ (03) කිසිදු පන්දුවක් නොයවමින් නිමා වූ දිනයක් ලෙසින් අවසන් විය.

බංග්ලාදේශයට මේ දිනවල පවතින වර්ෂාව ඉදිරි දින දෙකේ දී ද පවතින බැව් බංග්ලාදේශ කාලගුණ වාර්තාවන් පවසයි. ඔවුන්ට අනුව තරගය සම්පූර්ණයෙන් පවත්වා ගෙන යෑමට සුදුසු තරමින් හිරු එළිය සහිත කාලගුණ තත්ත්වයක් පවතින්නේ තරගයේ අවසන් දිනය වන ජූලි මස 06 වැනිදා ය.

සම්පූර්ණ වාර්තාව: බංග්ලාදේශයට තද වැසි; A තරගය පළමු දිනයට අත්හිටුවයි

පාපන්දු –

ජාතික පාපන්දු සංචිතය නම් කරයි

ලිතුවේනියාව සමඟ පැවැත්වෙන සුහද තරගාවලියට හා 2018 සැප්තැම්බර් මස දකුණු ආසියානු (SAFF) පාපන්දු ශූරතාවලියට සහභාගී වන විසිහතර දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් නම් කරන ලදි.

කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජයෙන් ක්‍රීඩකයින් හයක් ද, යුධ හමුදා ක්‍රීඩා සමාජයෙන් ක්‍රීඩකයින් පහක් ද සංචිතයට නම් කර ඇති අතර නාවික හමුදා ක්‍රීඩා සමාජයේ සුභාෂ් මදුශාන් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ඇත.

සම්පූර්ණ සංචිතය: 24 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

දිනයක නිමාව