ගෙවුනු දවස මාර්තු 21 – ලුම්බිණි ක්‍රීඩකයෝ ජය පැන් බොති

240
Sri Lanka Sports News :ast Day Summery March 21st

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

ක්‍රිකට් –

දිමුත්ගේ විශිෂ්ට ශතකය

pic 1ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නවතම මුහුණුවරකින් සංවිධානය කරනු ලබන අන්තර් දිස්ත්‍රික් එක්දින තරගාවලියේ තවත් උණුසුම් තරග කිහිපයක්ම ඊයේ (21)  පැවැත්විය. ඊයේ අවසන් වූ තරග වලින් ජයග්‍රහණ ලබා ගැනීමට මහනුවර හා අනුරාධපුර කණ්ඩායම් සමත් වූ අතර, දිමුත් කරුණාරත්න වාර්තා කල ශතකය ද දිනය තුල කැපීපෙනින.

මහනුවර – සියල්ලන්ම දැවී ලකුණු 209 (පන්දුවාර 43): දිමුත් කරුණාරත්න 110*, දසුන් ශානක 33, මිනෝද් භානුක 24, රුවිදු ගුණසේකර 4/37, නිලංක සඳකැන් 3/28

නුවරඑළිය – සියල්ලන්ම දැවී ලකුණු 113 (පන්දුවාර 38): ප්‍රමෝද් මදුවන්ත 36, කසුන් මදුසංක 6/32, නුවන් ප්‍රදීප් 2/20

අනුරාධපුර – සියල්ලන්ම දැවී ලකුණු 266 (පන්දුවාර 50): ලහිරු ජයකොඩි 62, නිපුන් කරුණානායක 61, නිසල් ෆැන්සිස්කෝ 43, අකීල් ඉන්හාම් 35, යොහාන් ද සිල්වා 3/37, සුරේෂ් පීරිස් 3/70

පොළොන්නරුව – සියල්ලන්ම දැවී ලකුණු 235 (පන්දුවාර 50): තරිදු සිරිවර්ධන  64, සුලාන් ජයවර්ධන 49, ක්‍රිශේන් අපෝන්සු 30, නිපුන ගමගේ 25, මලිත් ද සිල්වා 4/31, ඉම්රාන් කාන් 3/25, අදීශ නානායක්කාර  2/45

සම්පූර්ණ වාර්තාව: දිමුත්ගේ ශතකයත් සමඟින් ජය මහනුවරට


අවසන් සටනේ එක් ප්‍රවේශ පතක් නාලන්දාවට

Thurstan v Nalandaසිංගර් අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ  උණුසුම් තරග කිහිපය ඊයෙන් (21) ආරම්භ වූ අතර, එහි සීමිත පන්දුවාර තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය කොළඹ තර්ස්ටන් විද්‍යාලය හා කොළඹ නාලන්ද විද්‍යාලය අතර පැවැත්විය. එම තරගය ලකුණු 57කින් ජයග්‍රහණය කල තර්ස්ටන් විද්‍යාලය අවසන් තරගයේ තම ස්ථානය වෙන්කර ගැනීමට සමත් විය.

තර්ස්ටන් විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 208 (පන්දුවාර 47.4): කසුන් අබේරත්න 62, ඉමේෂ් විරංග 51, චරණ නානායක්කාර 25, උමේක්ෂ ඩිල්ශාන් 3/35

නාලන්ද විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 151 (පන්දුවාර 40.2): ලක්ෂිත රසාංජන 44, දසුන් සෙනෙවිරත්න 31, කලන කත්‍රිආරච්ච්  23, නවීන් ගුණවර්ධන  3/16, සදරු ඩයස් 3/20

සම්පූර්ණ වාර්තාව: නාලන්ද බළකොටු බිදලූ තර්ස්ටන් අවසන් තරගයට


නීල හරිත සටනේ ජය ලුම්බිණියට

Battle of Blues and Greenකොළඹ කෝල්ට්ස් පිටියට පැමිණි දහස් සංඛ්‍යාත ස්වකීය දිරිගන්වන්නන් අමන්දානන්දයට පත් කරමින් සිව්වැනි නීල හරිත සටනෙන් ඉනිමක සහ ලකුණු 9ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ඊයේ (21) කොළඹ ලුම්බිණි විද්‍යාලය සමත් විය. එම ජයග්‍රහණය පසුපස සිටි මහපොදු සාධකය බවට පත්වූ දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක පසිඳු නදුන් ඉන්ද්‍රජාලික පන්දු යැවීමක නිරත වෙමින් බණ්ඩාරනායක පිතිපෙළ සම්පූර්ණයෙන්ම බිඳ දැමුවේය.

ලුම්බිණි විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 247 (පන්දුවාර 57.4): කවීන් පීරිස් 80, අමිත දාබරේ 30, රවිඳු සංජීව 29, කණිෂ්ක මධුවන්ත 21, හිමත් හංසන 3/57, ජනිඳු ජයවර්ධන 3/62.

බණ්ඩාරනායක විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 108 (පන්දුවාර 35.3): පසිඳු බණ්ඩාර 25, පසිඳු නදුන් 7/49.

බණ්ඩාරනායක විද්‍යාලය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 130 (පන්දුවාර 36.3): සසිරි අධිකාරි 40, ජනිඳු ජයවර්ධන 35, විමුක්ති කුලතුංග 3/17, පසිඳු නඳුන් 2/36, තානුක දාබරේ 2/21.

සම්පූර්ණ වාර්තාව: නීල හරිත සටනෙන් සුපිරි ජයක් ලුම්බිණියට

දිනයක අවසානය