ගෙවුනු දවස ජුනි 30 – ප්‍රථම තරගය පරාදයි

157

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

   ක්‍රිකට්   

වාර්තාගත ජයක පහස සිම්බාබ්වේට

Sri Lanka v Zimbabwe 1st ODI match

ශ්‍රී ලංකා පොළොව මත දී ලකුණු 300කට වැඩි ඉලක්කයක් හඹා ගොස් එක්දින තරගයක් ජය ගන්නට ලොව කිසිදු කණ්ඩායමක් සමත්ව සිටියේ නැත. නමුත් ඊයේ (30) එම දුර්ලභ අවස්ථාව දැක ගැනීමට ගාලු ක්‍රීඩාංගණයට පැමිණි දහස් සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන්ට අවස්ථාව හිමි වූ නමුත් එම ගෞරවයේ හිමිකරුවන් වූයේ ඔවුන් බලාපොරොත්තු වූ කණ්ඩායම නම් නොවේ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 5ක් දැවී රැස් කළ ලකුණු 316ට පිළිතුරු වශයෙන් පන්දුවාර 47යි පන්දු 4ක් තුල කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 322ක් ලබා ගත් සිම්බාබ්වේ ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවේ දී පළමු වරට සත්කාරකයන්ට එරෙහිව එක්දින තරගයක් ජය ගන්නට සමත් වුනේ මෙරට දී එක්දින තරගයක හඹා ගොස් ජය ගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ද අලුත් කරමිනුයි.  

සම්පූර්ණ වාර්තාව: වාර්තාගත ජයක් සමඟින් සිම්බාවේ කණ්ඩායම සිංහයන් හඬවයි


  වොලිබෝල්  

කාන්තා ශූරතාවයට ලංකාවෙන් 12ක්

pic 2 (2)

19 වන වරට පැවැත්වීමට නියමිත ආසියානු ජ්‍යෙෂ්ඨ කාන්තා වොලිබෝල් ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සඳහා ක්‍රීඩිකාවන් 18 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් තෝරාගෙන ඇත.

තරගාවලිය අගෝස්තු මස 9 වන දින සිට 17 වන දින දක්වා පිලිපීනයේ මැනිලා නුවර දී පැවැත්වීමට නියමිතයි.

2016 වසරේ දී දකුණු ආසියානු තරග (SAG) වල දී රිදී පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවන් 08 දෙනෙක් සහ අවුරුදු 23න් පහළ ජාතික කණ්ඩායමෙන් ක්‍රීඩිකාවන් 02 දෙනෙක් මෙම සංචිතයට ඇතුළත් කර ඇත.

සම්පූර්ණ වාර්තාව: ආසියානු ජ්‍යෙෂ්ඨ කාන්තා කුසලානයට 12 සංචිතයක්

දිනයක අවසානය