ගෙවුනු දවස ජූලි 02 – සඳකැන් මැද ආලෝකමත් වූ දෙවැනි තරගය

249

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

    ක්‍රිකට්    

දෙවැනි තරගය ශ්‍රී ලංකාවට

TP-12

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින තරගයේ දී උරුම වූ අනපේක්ෂිත පරාජයේ අවමානය යම්තාක් දුරකට මකා ගන්නට ඊයේ (02) ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණි.

ඒ දෙවැනි එක්දින තරගයේ දී ප්‍රතිවාදී සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 7කින් පහසුවෙන් පරාජය කිරීමත් සමඟයි. ඉන්ද්‍රජාල පන්දු යැවීමක නිරත වුන ලක්ෂාන් සඳකැන්, වනිඳු හසරංග සහ පිත්තෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ උපුල් තරංග මෙම සුපිරි ජයග්‍රහණය පසුපස සිටි විශිෂ්ටයින් තිදෙනා බවට පත්විය.

සම්පූර්ණ වාර්තාව: අඳුරින් වැසුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සඳකැන් එළිය දෙයි


එංගලන්තයෙන් ප්‍රහාරයක්

World-Cup-2017

ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ 9 වන තරගය ඊයේ (2) ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා එංගලන්ත කාන්තා කණ්ඩායම අතර, එංගලන්තයේ ටවුටන් නුවර, කන්ට්‍රි ක්‍රීඩා පිටියේ දී පැවැත්විය. එම තරගයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට එංගලන්ත කාන්තා කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායිකා ඉනෝකා රණවීර පළමුව පිතිකරණය සඳහා අවස්ථාව ලබා ගත්තාය.

සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා කාන්තාවන්ට එංගලන්තයෙනුත් ප්‍රහාරයක්


  වොලිබෝල්  

වරාය අධිකාරිය අවදානමක

Sri Lanka Ports Authority v Vietnam SC (2017 Asian Men's Club Volleyball Championship

මේ දිනවල ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම සහභාගී වන ආසියානු ක්‍රීඩා සමාජ වොලිබෝල් තරගාවලිය පැවැත්වෙන අතර එහි 9-13 ස්ථාන සඳහා වන තරගයේ දී ශ්‍රී ලංකා වරාය අධිකාරි වොලිබෝල් කණ්ඩායම වට 3/1ක් ලෙස ඕස්ට්‍රේලියාවේ කැන්බෙරා Heat කණ්ඩායම හමුවේ පරාජයට පත්විය.

එම පරාජය නිසා මීළඟට හොංකොං හි Yan Chai කණ්ඩායම සමඟින් පැවැත්වෙන වොලිබෝල් තරගය ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම ජයග්‍රහණය කිරීම අනිවාර්ය වේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම කැන්බෙරා Heat කණ්ඩායම හමුවේ පළමු වටය ලකුණු 25-19ක් ලෙස පරාජයට පත් වුවත්, දෙවන වටය තුල දී ප්‍රතිවාදීන් ලකුණු 25 – 12ක් ලෙස පරාජයට පත්කරන ලදි. නමුත් අවසන් වට 2ම පිළිවෙළින් ලකුණු 25 – 20ක් හා ලකුණු 25 – 18ක් ලෙස ජයග්‍රහණය කිරීමට කැන්බෙරා Heat කණ්ඩායම සමත් විය.

සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා වරාය අධිකාරියට තියුණු පරාජයක්


    රග්බි    

ශූරතාවය ගල්කිස්සට

pic 4 (2)

නවීන් හේනකන්කානම්ගේ ගේ නායකත්වය යටතේ ක්‍රීඩා කළ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම අන්තර් පාසල් සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් මහා තරගයේ දී ඉසිපතන විද්‍යාලය ලකුණු 19-1‍ෙක් ලෙස පරාජයට පත්කරමින් අඛණ්ඩව දෙවන වසරටත් තරගාවලියේ ශූරතාවය ඔවුන් සතුකර ගන්නට සමත් විය.

.

සම්පූර්ණ වාර්තාව: දෙවන වසරටත් ශූරතාවය සාන්ත තෝමස් විද්‍යාලයට


රග්බි ගැටලු ගැන සාකච්ඡා කෙරේ

Asanga Seneviratne re-appointed SLRFU president uncontested

ශ්‍රී ලංකා රග්බි මහා සභා රැස්වීම ඊයේ (02) කොළඹ ඔලිම්පික් නිවහනේ දී පැවැත්විය.

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව සම්බන්ධ වගකිව යුත්තන් ඊයේ වාර්ෂික මහා සභා රැස්වීමේ දී එක්වෙමින් රග්බි ක්‍රීඩාවේ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කටයුතු කළේය. මෙම රැස්වීම පවත්වනු ලැබුවේ ශ්‍රී ලංකා රග්බි විධායක කමිටුවේ සභාපති අසංග සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වය යටතේ ය.

සම්පූර්ණ වාර්තාව: අසංග සෙනෙවිරත්න පාසල් රග්බි ගැන අසතුටෙන්

දිනයක අවසානය