බෝර්නියෝ සෙවන්ස් යන ශ්‍රී ලංකා රග්බි සංචිතය

1008
Sri Lanka Sevens Squad named for Borneo 7s

එළඹෙන සතියේ මැලේසියාවේ දී පැවැත්වීමට නියමිත බෝර්නියෝ සෙවන්ස් රග්බි තරගාවලිය සඳහා සහභාගී වීමට පහළොස් දෙනෙකුගෙන් යුතු සංචිතයක් ජාතික රග්බි තේරීම් කමිටුව විසින් තෝරා පත් කරගෙන තිබේ.

කරට-කර සටනකින් ඉසිපතනය ජය ගනියි

පාසල් රග්බි ලීගයේ දෙවන සතියට උණුසුම් අවසානයක් ගෙන ආ සාන්ත ජෝසප් විද්‍යාලයත් ඉසිපතන විද්‍යාලයත් අතර තරගයෙන් 39-32ක් වශයෙන් ජය හිමි වූයේ ඉසිපතන විද්‍යාලයටයි.

සිකුරාදා වන විට මෙම සංචිතයෙන් දොළොස් දෙනෙකු තෝරා ගනු ලබන අතර ඔවුන් එළඹෙන සතියේ බදාදා වන විට මැලේසියාව බලා පිටත් වෙනු ඇත. හිටපු රග්බි ක්‍රීඩකයින් සහ දැනටමත් රග්බි ක්‍රීඩාවේ නියැලෙන බොහෝමයක් තරු තරග වඳින ආරාධිත තරගාවලියක් ලෙස බොර්නියෝ සෙවන්ස් තරගාවලිය ප්‍රසිද්ධියක් උසුලයි.

ශ්‍රී ලංකාව ආසියා පැසිෆික් කලාපය නියෝජනය කරමින් තරග වදින අතර තවත් බොහෝමයක් රටවල් මෙම තරගාවලියට සහභාගී වනු ඇත.

නවසීලන්ත ජාතික නව පුහුණුකරු පීටර් වුඩ්ස් යටතේ ශ්‍රී ලංකාව මෙම තරගාවලියට සහභාගී වන ප්‍රථම අවස්ථාව මෙයයි.

මෙම තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකාව අප්‍රේල් 07 වැනි දා සිට 09 වැනි දා දක්වා හොංකොං හිදී ලෝක සත්සාමාජික රග්බි තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා තරග වැඳීමට නියමිත අතර රටවල් 16 අතරින් ශූරතාවය දිනා ගන්නා කණ්ඩායම පමණක් 2018 ලෝක රග්බි ශූරතාවය සඳහා සුදුසුකම් ලබා ගනී.

සංචිතය

දනුෂ්ක රන්ජන්, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, දනුෂ් දයාන්, ජේසන් දිසානායක, රිචඩ් ධර්මපාල, සුහිරු ඇන්තනි (මහනුවර පිල)

 සුදර්ශණ මුතුතන්ත්‍රි, කෙවින් ඩික්සන්, නිශෝන් පෙරේරා මහතා (හැව්ලොක්)

 කවිදු පෙරේරා, අනුරාධා හේරත්, ඔමල්ක ගුණරත්න (CR & FC)

 දිනූෂ චතුරංග, සාලිය හඳපාන්ගොඩ (නාවික හමුදා පිල)

රීසා රෆයිඩීන් (පොලිස් පිල)

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට