ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවතත් පාකිස්තානයට?

57

මේ වසර අවසානයේ ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවට සමගාමීව පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරග දෙක සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම බොහෝ විට පාකිස්තානය බලා සංචාරය කරනු ඇත. 

එම ටෙස්ට් තරග දෙක 2019 වසරේ දෙසැම්බර් මස 11 වැනිදා සිට 23 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පින්ඩි හා කරච්චි හිදී පැවැත්වීමට අවශ්‍ය මූලික කටයුතු පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් මේ වන විට සිදු කරගෙන යමින් සිටියි.

ක්‍රීඩිකාවන්ගේ කොන්ත්‍රාත්තුවේ ඉහළම කාණ්ඩයට තුන්දෙනෙක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් …..

ICCය විසින් ප්‍රකාශිත ඉදිරි තරග කාලසටහන් සැලසුම් අනුව ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරග දෙක, දෙසැම්බර් හිදී පැවැත්වීමට නියමිතව තිබූ එක්දින හා විස්සයි විස්ස තරගාවලියට පෙර ඔක්තෝබර් මාසයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබුණි. 

නමුත් දෙරටේ බලධාරීන් අතර තිබූ සුහද හමුවකට පසුව එක්දින හා විස්සයි විස්ස තරගාවලිය ඔක්තෝබර් මස පවත්වා දෙසැම්බර් මාසයේ දී ටෙස්ට් තරග දෙක ක්‍රීඩා කිරීම සඳහා එකඟතාවකට පැමිණ ඇත. 

ශ්‍රී ලංකා – පාකිස්තාන සීමිත පන්දුවාර තරගාවලි දෙක කිසිදු ගැටලුවකින් තොරව පසුගිය දා පාකිස්තානයේ දී අවසන් වූ නිසා ඔවුන්ගේ රටේ දී මෙම ටෙස්ට් තරගාවලිය පැවැත්වීමට සුදුසු මට්ටමේ ආරක්‍ෂිත වාතාවරණයක් තිබෙන බවට ඒත්තු ගැන්වීමට පාකිස්තානයට අවස්ථාවක් ලැබුණි. 

කෙසේ නමුත් එම තරගාවලිය අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් හට ආරක්ෂක හේතූන් නිසිවෙන් පාකිස්තානය තුල නිදහසේ කාලය ගත කිරීමට නොහැකි වූ බවත්, තරග නොපැවැත්වෙන දිනවල දී මුළු දිනය පුරාවටම හෝටල් කාමර තුලට වී සිටීමට සිදු වූ බවට යම් යම් මතවාද පැනනැගුනු නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පවත්වන ලෙස ඉල්ලීමක් කරන ලදි. 

එයට පිළිතුරු දුන් පාකිස්තානු ක්‍රිකට් බලධාරීන් ඒ සඳහා ඔවුන්ගේ කැමැත්ත පළ කළ නමුත්, තරගාවලිය සංවිධානය කිරීම සඳහා වැය වන මුදලින් භාගයක මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දැරිය යුතු බවට ඔවුන් යම් කොන්දේසියක් පැන විය. පසුව නැවත වතාවක් දෙරටේ ක්‍රිකට් බලධාරීන් අතර සාකච්ඡා වට කිහිපයක් පැවැත්වෙන ලදි. 

ලෝක කුසලානයට ඩැහැගන්න අලුත් කණ්ඩායමක්

2020 වසරේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ….

දෙරටේ ක්‍රිකට් ආයතන අතර පැවති එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් අතර හමුවක් පසුගිය 23 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී පැවති අතර එම හමුව ඉතාමත් සාර්ථක මට්ටමකින් අවසන් වී තිබෙන බව ThePapare.com වෙත වාර්තා වේ. 

ඒ නිසාවෙන් ශ්‍රී ලංකාව මෙම ටෙස්ට් තරග දෙක සඳහා බොහෝ විට පාකිස්තානය බලා පියාසර කරනු ඇති අතර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සහභාගීත්වය පිළිබඳ අවසන් තීන්දුව ඉදිරි සතියේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු රැස්වීමේ දී ගනු ඇත.

අපේක්ෂිත තරග කාලසටහන,

  • පළමු ටෙස්ට් තරගය – දෙසැම්බර් 11 – 15 – රාවල්පින්ඩි හිදී 
  • දෙවන ටෙස්ට් තරගය – දෙසැම්බර් 19-23 – කරච්චි හිදී

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<