රග්’B’ කාණ්ඩයේ උඩට එන්න ඕන මෙන්න මෙහෙමයි

2542

“වෙහෙසකර සති 4කට පස්සේ B කාණ්ඩයෙන් Plate Championship එකට (පලඟ ශූරතාවයට) තරග කරන්න අවස්ථාව දිනා ගන්න කණ්ඩායම් මොනවද, කවුරු දිනයි ද, කවුරු ආයේ B කාණ්ඩයට වැටෙයි ද?” කියන දේ ගැන පොඩ්ඩක් හොයලා බලමු.

Video – පාසල්වල දක්ෂතා ප්‍රමාණවත් නොවූ සතියක්

පාසල් රග්බි ලීගයේ බලාපොරොත්තු වූ මට්ටමේ දක්ෂතා නුදුටු සතියක්…

මේ සතියේ තරග සටහන

  • මාර්තු 28 – සාන්ත බෙනඩික්ට් හා ආනන්ද – සාන්ත බෙනඩික්ට් ක්‍රීඩා පිටියේ දී
  • මාර්තු 31 – විද්‍යාර්ථ හා ධර්මරාජ – නිත්තවෙල දී
  • මාර්තු 31 – තර්ස්ටන් හා මහානාම – තර්ස්ටන් ක්‍රීඩා පිටියේ දී
  • මාර්තු 31 – ශ්‍රී සුමංගල හා රිච්මන්ඩ් – පල්ලෙකැලේ දී
  • මාර්තු 31 – C. W. W. කන්නංගර හා සාන්ත සිල්වෙස්තර – සුගතදාස ක්‍රීඩාංගණයේ දී
  • අප්‍රේල් 01 – D. S. සේනානායක හා ලුම්බිණි – CR&FC ක්‍රීඩා පිටියේ දී

දැන් අපි බලමු කාටද, කොහොමද, Plate එකට එන්න පුළුවන් කියලා.

1B කාණ්ඩයෙනුයි 2B කාණ්ඩයෙනුයි බැලූ බැල්මට පේනවා විද්‍යාර්ථ කණ්ඩායමයි DS කණ්ඩායමයි නිතරගයෙන්ම Plate එකේ ඉඩ වෙන්කර ගත්ත කියල. එ්ත් විද්‍යාර්ථ කණ්ඩායම මේ සතියේ තරගයෙන් පරාජය වුනොත් Plate එකට යන්න වෙන්නේ 1B කාණ්ඩයේ දෙවැනියා හැටියට. එ්ත් ඒ වගේ ප්‍රශ්නයක් DS කණ්ඩායමට නම් නෑ.

ගිය අවුරුද්දේ A කාණ්ඩයෙන් පසුබැස්ස DS කණ්ඩායම, මේ අවුරුද්දේ B කාණ්ඩය ආක්‍රමණය කරන බවක් තමයි පේන්නේ. මොකද DS කණ්ඩායම Bonus Point 4ක් දිනා ගත්තේ පළවෙනි තරග තුනෙන්ම ලකුණු 50ට වැඩියෙන් වාර්තා කරලා සුමංගල කණ්ඩායමට එරෙහිව Tries 4කට වැඩියෙන් වාර්තා කරලයි.

ඒ වගේම තමයි විද්‍යාර්ථ කණ්ඩායමත්. තරගාවලිය පටන්ගත්තේ මහානාම කණ්ඩායමට එරෙහිව ලකුණු 75ක් වාර්තා කරලා. ඒ රිද්මයෙන්ම අනෙක් තරගත් විද්‍යාර්ථයින් ජය ගත්තා. ඒත් විද්‍යාර්ථයින්ට හම්බවෙන්නේ Bonus Point 3ක් විතරයි, මොකද තර්ස්ටන් කණ්ඩායම හමුවේ ඔවුන් ජයග්‍රහණය කළේ ලකුණු 10-06ක් ලෙස අඩු ලකුණු ගණනකින්  හින්දා.

අපි දැන් බලමු මේ දෙන්නා ඇරෙන්න වෙන කවුද Plate එකේ සීට් එකක් වෙන්කරගන්නේ කියල.

ධර්මරාජ කණ්ඩායමයි විද්‍යාර්ථ කණ්ඩායමයි අතර තරගයෙන් ධර්මරාජ දින්නොතින් දෙගොල්ලොන්ටම ප්‍රශ්නයක් නැතුව Plate එකට යන්න පුළුවන්.

ඒත් මහානාම – තර්ස්ටන් තරගයෙන් මහානාම කණ්ඩායම Bonus Point එකක් එක්ක දින්නොත්, එහෙමත් නැත්නම් ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ලකුණු තත්ත්වය සම වුනොත් Plate එකට යන කණ්ඩායම් තෝරන්න වෙනම ක්‍රමයක් තියෙනවා. ඒකට අනුව කලින් ධර්මරාජ මහානාම තරගය දින්න කණ්ඩායමට තමයි Plate එකේ වරම් හම්බවෙන්නේ. එතකොට ධර්මරාජ කණ්ඩායමට නම් ඒක ලොකු ප්‍රශ්නයක්. මොකද මහානාම කණ්ඩායම ධර්මරාජ කණ්ඩායමට එරෙහිව ලකුණු 27-17ක් වශයෙන් එම තරගය ජයග්‍රහණය කළා.

2B කාණ්ඩයේ තමයි හොඳම හරිය තියෙන්නේ. කවුරු මොන කිව්වත් DS කණ්ඩායම අල්ලන්න නම් කාටවත් බෑ, මොකද එයාලා දින්න ඕන තරග ඔක්කොම උඩින්ම දිනලා තියෙන නිසා.

ඒත් දෙවැනියට Plate එකට අත තියන්නේ කවුද කියන එක නම් ප්‍රශ්නයක්. කණ්ඩායම දෙකක් ඉන්නවා මග බලාගෙන. ඒ තමයි ලුම්බිණි කණ්ඩායම සහ සුමංගල කණ්ඩායම.

“සුම්මා” රග්බි කණ්ඩායම තමන්ගේ පිටියේ දී ම ගිය සතියේ DS කණ්ඩායමට පැරදුණ නිසා තෙවැනි තැනටම වැටුණා. ඒත් මේ සතියේ ලුම්බිණි DS තරගයෙන් ලුම්බිණි පැරදුනොත් සුමංගලයින්ට කිසි ප්‍රශ්නයක් නැතුව Plate එකට යන්න පුළුවන්.

ඒත් ලුම්බිණි දින්නොත් සුමංගලයින්ට වෙනවා රිච්මන්ඩ්ට හොඳ සංග්‍රහයක් දෙන්න Bonus Point එකකුත් එක්ක. ඒත් මොකක් හරි වෙලා කලින් කාණ්ඩයේ වගේම ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ලකුණු සම වුනොත්? එතකොට නම් අවුලක්. ලුම්බිණිට වෙනවා පසු බහින්න. මොකද එයාලා සුමංගල කණ්ඩායමට පැරදිලා පළවෙනි සතියෙම ලකුණු 14-19ක් විදිහට.

අපි Plate එකට යන හැටි ගැන කතා කළා. දැන් බලමු මේ සතියේ කවුරු දිනයි ද කියල.

විද්‍යාර්ථ ධර්මරාජ තරගය

විද්‍යාර්ථ කණ්ඩායම පළවෙනි සතියේ මහානාම කණ්ඩායමට එරෙහිව ලකුණු 75-20ක් විදිහට ජයග්‍රහණය කළා. ඒත් ධර්මරාජ කණ්ඩායම තෙවැනි සතියේ මහානාම කණ්ඩායමට 27-17ක් විදිහට පැරදුණා. එහෙම බලද්දී විද්‍යාර්ථයින්ට වක්‍රාකාරව ධර්මරාජ කණ්ඩායම හමුවේ ජයග්‍රහණය කරන්න ඉඩක් තියෙනවා කියල හිතන්න පුළුවන්.

තර්ස්ටන් මහානාම තරගය

පළවෙනි සතියේ විද්‍යාර්ථ මහානාම තරගයේ මහානාම කණ්ඩායම විද්‍යාර්ථ කණ්ඩායමට එරෙහිව ලකුණු 75-20ක් ලෙස පැරදුණා. ඒත් තර්ස්ටන් කණ්ඩායම විද්‍යාර්ථ කණ්ඩායමට පරදින්නේ ලකුණු 10-06ක් විදිහට. එහෙම බලද්දී නම් මහානාමයට තර්ස්ටන් එක්ක දිනන එක නම් ටිකක් අමාරු වෙයි.

එතකොට DS ලුම්බිණි තරගය?

ලුම්බිණි කණ්ඩායම සුමංගල කණ්ඩායමට එරෙහිව ලකුණු 14-19ක් ලෙස පරාජය වුනා. ඒත් DS කණ්ඩායම ලකුණු 31-22ක් විදිහට සුමංගල කණ්ඩායම හමුවේ ජය ගත්තා. එහෙම බලද්දී නම් DS කණ්ඩායමට මේ තරගයේ වැඩි වාසි හිමිවෙන්න ඉඩ තියෙනවා.

සුමංගල රිච්මන්ඩ් තරගය

සුමංගල DS තරගයෙන් සුමංගල කණ්ඩායම ලකුණු 31-22ක් ලෙස පැරදුනත්, DS කණ්ඩායමට එරෙහිව රිච්මන්ඩ් කණ්ඩායම පැරදුණේ නම් ලකුණු 53-03ක් විදිහටයි. එහෙම බලද්දී නම් “සුම්මා” දිනන පාටක් නම් තමයි පෙන්නේ.

කවුරු කොහොම හිතුවත් තරගයක් වෙනස් කරන්න මේ කණ්ඩායම් හැම එකටම බැරිකමක් නෑ. කොල්ලො නේහ්, කවුද දන්නේ මොන වෙලාවේ කොහොම සෙල්ලම් කරයි ද කියල නේද?

මොකක් වෙයි කියල ද ඔයාලා හිතන්නේ? පහළින් Comment එකක් දාන්න.

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<