හතරවැනි සතියේ B කාණ්ඩයේ වුනේ මොකද්ද?

538
b division

2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයෙන් තරග වදින පාසල් අතර පසුගිය සතියේ පැවතී තරග නිමා වූයේ පහත පරිදියි.

සත්කාරක සාන්ත බෙනඩික්ට් විදුහල, ගාල්ල රිච්මන්ඩ් විදුහලට එරෙහිව තරග කළ අතර එහි දී ලකුණු 27-07ක් ලෙස පහසු ජයක් අත්කර ගැනීමට සත්කාරකයෝ සමත් වූහ.

තරගයේ ආරම්භය පටන් නීති විරෝධී ක්‍රියාවෙන් හේතුවෙන් කණ්ඩායම් දෙකටම අවවාද නොඅඩුව විනිසුරුතුමන්ගෙන් ලැබුණ අතර තරගය අවසානයේ දී කහ කාඩ්පත් 5ක් හා රතු කාඩ්පතක් ක්‍රීඩකයින්ට නිකුත් කිරීමට විනිසුරුට සිදුව තිබුණි.

බෙනඩික්ට් ක්‍රීඩකයින් තරගය අවසානයේ උත්සාහක දිනුම් 4ක් ලබාගෙන ජය ගනිද්දී රිච්මන්ඩ්වරුන්ට වාර්තා කිරීමට හැකි වූයේ එක් උත්සාහක දිනුමක් පමණි.

සත්කාරක සී. ඩබ්. ඩබ්. කන්නන්ගර විදුහල හා මහනුවර ධර්මරාජ විදුහල අතර පැවති තරගයෙන් ලකුණු 36-00ක් ලෙස පහසු ජයක් අත්කර ගැනීමට ධර්මාරජයින් සමත් විය.

ධර්මරාජයින් වාර්තා කළ උත්සාහක දිනුම් 5න් 3ක්ම ධර්මරාජ නායක මනුක හියාරපිටිය විසින් වාර්තා කිරීම විශේෂත්වයකි. ධර්මරාජ ක්‍රීඩකයෝ උත්සාහක දිනුම් 5ක් ප්‍රවර්තන 4ක් හා එක් දඬුවම් පහරක් සාර්ථක කර ගනිද්දී කන්නංගරයින්ට කිසිදු ලකුණක් රැස්කර ගැනීමට නොහැකි විය.

සාන්ත සිල්වෙස්තර විදුහල හා මහානාම විදුහල අතර පැවති තරගයෙන් තියුණු ජයක් අත්කර ගැනීමට සිල්වෙස්තර ක්‍රීඩකයින් සමත් විය.

මේ තරගාවලියේ සිල්වෙස්තරයින් ලබාගත් පළමු ජයග්‍රහණය මෙය වන අතර එය ද එක් උත්සාහක දිනුමක වෙනසකින් තීරණය විය. සිල්වෙස්තරයින් උත්සාහක දිනුම් 5ක්, ප්‍රවර්තන 4ක් හා එක් දඬුවම් පහරක් සමඟින් ලකුණු 36ක් රැස්කර ගත් අතර මහනාමයින් උත්සාහක දිනුම් 4ක්, ප්‍රවර්තන 3ක් හා එක් දඬුවම් පහරක් වාර්තා කරමින් රැස්කරගත්තේ ලකුණු 29ක් පමණි.

ආනන්ද විදුහල හා ලුම්බිණි විදුහල අතර පැවතී තරගයෙන් ලකුණු 20-05ක් ලෙස පහසු ජයක් අත් කරගැනීමට ලුම්බිණි ක්‍රීඩකයින් සමත් විය. ලුම්බිණි ක්‍රීඩකයින් පහසුවෙන් ලකුණු රැස් කිරීම ආරම්භ කළ අතර ආනන්ද ක්‍රීඩකයින්ට රැස්කළ එකම උත්සාහක දිනුම වාර්තා කිරීමටත් ඔවුන්ට විශාල වෙහෙසක් දරන්නට සිදු විය.

තරගය අවසානයේ දී ලුම්බිණි ක්‍රීඩකයින් උත්සාහක දිනුම් 3ක්, ප්‍රවර්තනයක් හා දඬුවම් පහරක් සමඟින් ලකුණු 20ක් ලබා ගත් අතර ආනන්ද ක්‍රීඩකයින්ට වාර්තා කිරීමට හැකි වූයේ එක් සාර්ථක උත්සාහක දිනුමක් පමණි

අපරාජිතයන්ගේ සටන වූ මහනුවර ශ්‍රී සුමංගල විදුහල හා D. S. සේනානායක විදුහල අතර තරගය පල්ලෙකැලේ දී පැවැත්වුන අතර DS ක්‍රීඩකයින් විසින් තරගයේ ජයග්‍රහණය දිනා ගන්නට සමත් විය.

වැඩි ගෞරව සමඟින් DS ක්‍රීඩකයින් උත්සාහක දිනුම් 4ක්, ප්‍රවර්තන 4ක් හා එක දඬුවම් පහරක් සමඟින් ලකුණු 31ක් රැස්කර ගත් අතර උත්සාහක දිනුම් 3ක් ප්‍රවර්තන 2ක් හා එක් දඬුවම් පහරකින් සුමංගල ක්‍රීඩකයින්ට සෑහීමට පත්වීමට සිදු විය.

ලකුණු 10-06ක් ලෙස තියුණු නිමා වූ තර්ස්ටන් හා විද්‍යාර්ථ අතර තරගයෙන් ජයග්‍රහණය කළේ විද්‍යාර්ථ කණ්ඩායමයි.

විද්‍යාර්ථයින් එක් උත්සාහක දිනුමක් වාර්තා කරමින් තරගය ජයග්‍රහණය කළ අතර තර්ස්ටන් විදුහල කොතෙක් උත්සහ කළත් ඔවුන්ට එක උත්සාහක දිනුමක් හෝ වාර්තා කිරීමට නොහැකි විය. තරගය අවසානයේ දී විද්‍යාර්ථයින් ලකුණු 10ක් රැස් කරගෙන සිටි අතර තර්ස්ටන් ක්‍රීඩකයින්ට රැස්කර ගැනීමට හැකි වූයේ දඬුවම් පහර දෙක් පමණි.

2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලියේ තවත් විස්තර ThePapare.com විසින් ඔබ වෙත ගෙන එන්නට සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<