රමේෂ් මධුශංකට කඩුලු ත්‍රිත්වයක් ‍

111

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ අද (27) කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ දී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට ලුම්බිණි විද්‍යාලයේ රමේෂ් මධුශංක සමත් විය. 

මේරියන්ස් ක්‍රිකට් සමාජයට පළමු ඉනිමේ ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන Major Club….

කොළඹ ලුම්බිණි විද්‍යාලයේ සත්කාරකත්වයෙන් පැවති මෙම තරගයේ සංචාරකයන් වූයේ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය ය. කාසියේ වාසිය දිනා ගත් ලුම්බිණි විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 144ක් ලබා ගත්හ. 

එහි දී දකුණතින් වේගපන්දු යවන රමේෂ් මධුශංක ඉනිමේ 30 වැනි පන්දුවාරයේ දී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත් වීම කැපී පෙණුනි. සාන්ත සෙබස්තියන් විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 118ක් තිබෙද්දී රමේෂ් මධුශංක මෙම කඩුලු ත්‍රිත්වය වාර්තා කළේය. ඔහුට ගොදුරු වූයේ නිසිත අභිලාශ්, විහඟ මෙන්ඩිස් සහ නදීර ප්‍රනාන්දු ය. 

ඊට පෙර ද සාන්ත සෙබස්තියන් ඉනිම ඉතා අවදානම් තත්ත්වයේ පැවති අතර එහි දී තෙවැනි කඩුල්ලට ලකුණු 84ක සබඳතාවක් එක් කිරීමට නායක ජනිශ්ක පෙරේරා සහ දුනිත් ජයතුංග සමත් වූහ. ජනිශ්ක පෙරේරා පන්දු 98කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 64ක් ලබා ගත්තේය. දුනිත් ජයතුංගගේ ඉනිම පන්දු 90කින් සමන්විත වූ අතර හතරේ පහර 4ක් සමඟින් ඔහු ලකණු 39ක් ලබා ගත්තේය. 

කවීෂාගේ පන්දුකරණයෙන් ශ්‍රී ලංකාවට පහසු ජයක්

2019 ACC ආසියානු කුසලාන නැගී එන කාන්තා ක්‍රිකට් තරගාවලියේ මූලික….

සාන්ත සෙබස්තියන් ඉනිම අවසන් වෙන විට රමේෂ් මධුශංක ලකුණු 46කට කඩුලු 3ක් ලබා ගත් අතර දකුණතින් වේගපන්දු යැවූ රවිඳු රසංක ලකුණු 40කට කඩුලු 5ක් දවා ගත්තේය. 

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ලුම්බිණි ක්‍රීඩකයෝ අයහපත් කාලගුණ තත්ත්වය මත තරගය වේලාසනින් නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 47ක් ලබා සිටිය හ. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ මේ වන විට නොදැවී ලකුණු 12ක් ලබා සිටින උෂාන් ඉමාෂ ය. 

කඩුලු ලබා ගැනීමේ දී සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ දකුණතින් වේගපන්දු යවන නායක ජනිශ්ක පෙරේරා ලකුණු 16කට කඩුලු 5ක් දවා ගනිමින් ලුම්බිණි ක්‍රීඩකයන්ගේ ප්‍රධාන සතුරා විය. ඔහු මෙම තරගයේ පළමු දිනයේ දී තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වීම කැපී පෙණුණි. ඊට අමතරව වමතින් වේගපන්දු යවන ශෂික පෙරේරා ලකුණු 24කට කඩුලු 2ක් දවා ගත්තේය. 

වෝනර්ගේ උපන්දින ශතකය ඉදිරියේ ශ්‍රී ලංකාව දණ නමයි!

මුල්පෙළ පිතිකරුවන්ගේ ප්‍රහාරාත්මක පිතිකරණයත්, පන්දු යවන්නන්ගේ….

තරගය දෙවැනි සහ අවසන් දිනයට හෙට (28) ක්‍රියාත්මක ය. 

සාන්ත සෙබස්තියන් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 144 (47.1) :ජනිශ්ක පෙරේරා 64 , දුනිත් ජයතුංග 39, රවිඳු රසංක 5/40, රමේෂ් මධුශංක 3/46

ලුමිබ්ණි විද්‍යාලය; පළමු ඉනිම කඩුල 7ක් දැවී 47 (20.3) :උෂාන් ඉමාෂ නොදැවී 12, ජනිශ්ක පෙරේරා 5/16, ශෂික පෙරේරා 2/24

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<