සඳුන් මධුශංක නිල්වලා තෝමසුවෝ පාලනය කරයි

80

ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයේ වමතින් දඟපන්දු යවන සඳුන් මධුශංකගේ දක්ෂතා සමඟින් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ තරග දෙකක් අද (19) පැවැතිනි. 

හුදකලා සටනක නිරත වූ රවිඳුගෙන් ශ්‍රී ලංකාවට මුක්කුවක්

සංචාරක ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා බංග්ලාදේශ 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවති පස්වැනි හා අවසන්……

මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය

මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී අද (19) ආරම්භ වූ මෙම සුහද තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරක සාන්ත තෝමස් නායකයා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තේය. ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ගේ ඉනිම සම්පූර්ණයෙන්ම අඩපණ කිරීමට වමතින් දඟපන්දු යැවූ සඳුන් මධුශංක සමත් විය. ඔහු ප්‍රතිවාදී කඩුලු 6ක් ලකුණු 23කට දවා ගනිමින් දක්ෂතා දක්වමින් දිනයේ කැපී පෙනෙන පන්දු යවන්නා බවට පත්විය. 

සාන්ත තෝමස් ඉනිම ලකුණු 76කට සීමා කිරීමෙන් අනතුරුව පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සාන්ත ඇලෝසියස් විද්‍යාලය තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 107ක් ලබා සිටියේය. එම ඉනිම වෙනුවෙන් ඔමල් සදිත් ලකුණු 48ක් ලබා ගත්තේය. 

සාන්ත තෝමස් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 76 (41.1) සඳුන් මධුශංක 6/23, නිඳුක මල්සිත් 2/07

සාන්ත ඇලෝසියස් විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 7ක් දැවී 107 (54) ඔමල් සදිත් 48, කවිඳු දිල්හාර 24, හිරුෂ ජීවදිත් 2/17, සචිර තීක්ෂණ 2/33

මෙම තරගය හෙ (20) දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතය. 

දිමුත් සහ රොස්කෝ පිතිකරණයෙන් ලකුණු අතරට

27 වැනි වරටත් පැවැත්වෙන වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය….

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය (Group B)

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය පිටියේ දී අද (19) නිමා වූ මෙම තරගයෙන් ඉනිමක සහ ලකුණු 55ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සංචාරක සාන්ත තෝමස් විද්‍යාලය සමත් විය. 

කාසියේ වාසිය දිනා ගත් සාන්ත තෝමස් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 239ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් සත්කාරක ධර්මපාල විද්‍යාලය තම පළමු ඉනිමට ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 109ක් පමණි. ලකුණු 130ක් පිටුපස සිටිමින් පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ධර්මපාල ක්‍රීඩකයන්ට තම දෙවැනි ඉනිමට ලබා ගත හැකි වූයේ ලකුණු 75ක් පමණි. 

සාන්ත තෝමස් ජයග්‍රහණයේ දී රවිඳු ගුණසේකර ධර්මපාල විද්‍යාලයීය දෙවැනි ඉනිමේ කඩුලු 5ක් ලකුණු 17කට දවා ගැනීමට සමත් වීම කැපී පෙණුනි. ඔහුට අමතරව ඩිල්මින් රත්නායක ලකුණු 29කට කඩුලු 4ක් දවා ගත්තේය. ඔහු තරගයේ දී ලකුණු 62කට කඩුලු 10ක් ලබා ගනිමින් දක්ෂතා දැක් වූයේය. 

සාන්ත තෝමස් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 239 (74.1) කිශාන් මුණසිංහ 47, ගවින් බොතේජු 42, ශමිල්ක වික්‍රමතිලක 41, ඩියොන් ප්‍රනාන්දු 30, මනීෂ රූපසිංහ 23, ලක්ෂිත පුරසිංහ 4/60, සංචන ලංකා 3/44

ධර්මපාල විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 109 (41.2) නදීශ බණ්ඩාර 30, ඩිල්මින් රත්නායක 6/33 සහ දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 75 (26.4) රවිඳු ගුණසේකර 5/17, ඩිල්මින් රත්නායක 4/29

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<