පාසල් තරග 3කට වැහි දෙවියෝ බැල්ම හෙලයි

63

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (16) නිමා වූ අතර ඒ සියලු තරග වර්ෂාව හේතුවෙන් අතරමග නතර කර දැමීමට සිදු විය. 

නාලන්දා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු වයස අවුරුදු 19න් පහළ පළමු…

මොරටුව, වේල්ස් කුමර විද්‍යාලය හා කොළඹ, ඩී. එස්. සේනානායක විද්‍යාලය 

වේල්ස් කුමර විදුහල් පිටියේ දී පැවති මෙම සුහද තරගය විසඳුමකින් තොරව අවසන් විය.

කාසියේ වාසිය දිනා ගත් සත්කාරක වේල්ස් කුමරුවෝ පළමුව පන්දුවට පහර දීමට තීරණය කරමින් පළමු දිනය අවසානයේ දී කඩුලු 7ක් දැවී ලකුණු 152ක් ලබා ගත්තේය. තරගය එදින වර්ෂාව හේතුවෙන් එතැන් සිට නතර කෙරුණ අතර අද ඔවුන්ගේ ඉනිම සියලුම දෙනා දැවී ලකුණු 181කට සීමා විය. 

එම ඉනිමේ කඩුලු ලබා ගැනීමේ දී චමත් යටවල ලකුණු 39කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. 

Photos: Prince of Wales College vs D. S Senanayake College | U19 Cricket Tournament 2019/20

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 151ක් රැස් කළහ. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ටෙරන් බාස්කරන් ය. ඔහු ලකුණු 64ක් ලබා ගත්තේය. කඩුලු ලබා ගැනීමේ දී ලක්ෂාන් පෙරේරා ලකුණු 36කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. 

ලකුණු 30ක්  ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි වේල්ස් කුමරුවන්ට එවර ක්‍රීඩා කිරීමට ලැබුණේ පන්දුවාර 6ක් පමණි. වර්ෂාව සහ ක්‍රීඩාංගණයේ පැවති ආයහපත් තත්ත්වය හමුවේ තරගය එතැන් සිට නතර කිරීමට විනිසුරුවෝ සහ ගිවිස ගත් කණ්ඩායම් දෙක තීරණය කළහ. ඒ වෙද්දී ඩී. එස්. ඉනිම කඩුලු 2ක් දැවී ලකුණු 11ක් සේ දැක්විය. 

වේල්ස් කුමර විද්‍යාලය; පළමු ඉනිම (පළමු දිනය අවසානයේ පන්දුවාර 53.2ක දී කඩුලු 7ක් දැවී 152) සියලුම දෙනා දැවී 181 (64.5) විනුජ රන්පුල් 73, පසිඳු පැතුම් 33, මුදිත ලක්ෂාන් 3/64, චමත් යටවර 4/39

ඩී. එස්. සේනානායක විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 151 (60.2) ටෙරන් බාස්කරන් 64,  ලක්ෂාන් පෙරේරා 3/36, නඳුක ප්‍රනාන්දු 2/07, අශාන් ප්‍රනාන්දු 2/28, රවිඳු ජනිත් 2/63

වේල්ස් කුමාර විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 11 (6) සනිඳු දිසානායක 2/04

මුරලි, බ්‍රෙට් ලී, තෙන්දුල්කාර් නැවතත් ක්‍රිකට් වලට?

සචින් තෙන්දුල්කාර්, බ්‍රෙට් ලී, මුත්තයියා මුරලිදරන්, බ්‍රයන් ලාරා වැනි ලෝක ක්‍රිකට් දැවැන්තයන් සහභාගි….

කොළඹ, ආනන්ද විද්‍යාලය හා කොළඹ, වෙස්ලි විද්‍යාලය (Group D) 

වෙස්ලි විදුහල් පිටියේ දී පැවති මෙම තරගය විසඳුමකින් තොරව අවසන් විය. 

කාසියේ වාසිය දිනා ගත් සත්කාරක වෙස්ලි විද්‍යාලයේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සංචාරක ආනන්ද ක්‍රීඩකයෝ පෙර දිනයේ තරගය නතර කරන විට කඩුලු 8ක් දැවී ලකුණු 97ක් ලබා සිටියහ. අද පෙරවරුවේ ඔවුන් එම ලකුණු ප්‍රමාණයෙන් සෑහීමට පත්ව ප්‍රතිවාදී වෙස්ලි ක්‍රීඩකයන්ට පන්දුවට පහර දීමට ආරාධනා කළහ. 

ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ට පන්දුවට පහර දීමට හැකි වූයේ පන්දුවාර 8ක් පමණි. වර්ෂාව සේ ම අඳුරු ආලෝක තත්ත්වයත් ක්‍රීඩා පිටිය වසා ගනිද්දී තරගය නතර කර දැමීමට දෙපිලේ පිරිස් කටයුතු කළහ. ඒ වෙද්දී වෙස්ලි විද්‍යාලය තම පළමු ඉනිමට කිසිවෙක් නොදැවී ලකුණු 36ක් ලබා සිටිය හ. 

ආනන්ද විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 97 (39) නිම්තක අධිකාරි 2/15, සිදත් ධර්මසිරිවර්ධන 2/26

වෙස්ලි විද්‍යාලය; පළමු ඉනිම කිසිවෙක් නොදැවී 36 (8) සහිල් ඩයස් නොදැවී 21

ICC සාමාජිකත්වය ලැබුනත් නේපාලයට තවත් ගැටලුවක්

නේපාල ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක පරාස් කඩ්කා තම නායකත්ව ධුරයෙන් ඉල්ලා අස්වීමට….

ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය සහ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය (Group A)

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගය වර්ෂාව හේතුවෙන් දෙවැනි දිනයේ දී එකම හෝ පන්දුවක් නොයවා නතර කිරීමට පිටියේ විනිසුරුවන්ට සිදු වූහ. 

දිනයේ පෙරවරුවේ ඇද වැටුණ වර්ෂාව හේතුවෙන් තෙතබරිත වී තිබූ ක්‍රීඩාංගණය යම් තරමකින් හෝ සහනයක් ලබමින් පස්වරුවේ හිස ඔසවන තත්ත්වයට පත් වූව ද නැවත පස්වරු 3.15ට පමණ ඇද වැටුණ වර්ෂාව තරගය සම්පූර්ණයෙන් නතර කිරීමට කළ විධානයක් සේ වුණි.

තරගයේ පළමු දිනයේ කාසියේ වාසිය දිනා ගත් සංචාරක මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් කඩුලු 7ක් දැවී ලකුණු 149ක් ලබා ගත් අතර එය තරගයේ එකම දත්තයන් විh. 

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය; කඩුලු 7ක් දැවී 149 (47) සහන් පෙරේරා 37, තිලිණ පෙරේරා 27, නිදුක මල්සිත් 3/31

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<