අශාන් සහ ලසිත් මැසිනොද් ක්‍රීඩකයන්ට එරෙහිව දැවැන්ත ඉනිමක් ගොඩ නගයි

683

මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ අශාන් ප්‍රනාන්දුගේ ද්විත්ව ශතකයත්, ලසිත් කෘෘස්පුල්ලේගේ ශතකයත් හේතුවෙන් ද මැසිනොද් විද්‍යාලයීය කණ්ඩායම සමඟ පැවති ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ සුහද තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයෝ අද (02) සමත් වූහ.

මේ අතර ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර පැවති සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයක දී කඩුලු 9ක ජයග්‍රහණයක් ලබා ගනිමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට රිච්මන්ඩ් ක්‍රීඩකයෝ සමත් වූහ.

ක්‍රිශාන් සංජුලගෙන් ශතකයක්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් පිටියේ අද (01) ආරම්භ වූ එකම තරගයේ දී ……..

ද මැසිනොද් විද්‍යාලය සහ මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය අතර තරගය

කඳානේ දී අද නිමා වූ මේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයෝ සමත් වූයේ ඉනිමක පරාජයෙන් බේරීමට පිට පිට දෙවැනි වරටත් පිටියට පිවිසෙමින් දෙවැනි ඉනිමේ දී දැවැන්ත ඉනිමක් ගොඩ නගමිනි.

පළමු දිනය නිමාවේ දී මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 81ක් ලබා සිටි අතර අද දිනයේ දී ඔවුන්ගේ ලකුණු පුවරුව 139ක් ලෙසින් කියැවෙද්දී ඉනිම නිමා විය. ඒ අනුව ඔවුන්ට නැවත වතාවක් පිටියට පිවිසීමට සිදු වූයේ ලකුණු 203ක් පිටුපස සිටිමිනි.

පළමු ඉනිමේ දී ගිලිහී ගිය දක්ෂතා පුබුදුවා ගත් මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයෝ දෙවැනි ඉනිමේ දී තරගය නිමා වන විට කඩුලු 6ක් දැවී ලකුණු 411ක් ලබා ගැනීමට සමත් වූහ. එම ඉනිමේ දී දකුණත් පිතිකරු අශාන් ප්‍රනාන්දු 201කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 203ක් ලබා ගත්තේය.

ඊට අමතරව ලසිත් කෘෘස්පුල්ලේ ද දකුණතින් පිත්ත හසුරුවමින් පන්දු 105ක දී හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 102ක් ලබා ගත්තේය. ඔවුන් පසුපස පැමිණි පළමු ඉනිමේ දී නොදැවී අර්ධ ශතකයක් වාර්තා කළ රොෂේන් ප්‍රනාන්දු නැවත වතාවක් අර්ධ ශතකයක් ලබා ගනිමින් දක්ෂතා දැක්විය.

ද මැසිනොද් විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 342 (71.3): ක්‍රිශාන් සංජුල 170, මිතිල ගීත් 37, නිම්න ප්‍රනාන්දු 66, පසිඳු උස්හෙට්ටි 3/100, නවීන් ප්‍රනාන්දු 2/82

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 139 (38.2): රොෂේන් ප්‍රනාන්දු නොදැවී 60, අසිත සිල්වා 3/33, මිතිල ගීත් 5/55, මාක් මතායස් 2/21

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 411 (76.0) ලසිත් කෘෘස්පුල්ලේ 102, අශාන් ප්‍රනාන්දු 203, රොෂේන් ප්‍රනාන්දු 65, රොමාල් ප්‍රනාන්දු 2/160, ක්‍රිශාන් සංජුල 2/11

පළමු දිනයේ වැඩි වාසිය සාන්ත පීතර විද්‍යාලයට

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය……


මහින්ද විද්‍යාලය සහ ධර්මරාජ විද්‍යාලය අතර තරගය

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් සංචාරක ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මහින්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණ 313ක් ලබා ගනිමින් පළමු ඉනිම අත්හිටු විය.

එම ඉනිමේ දී කේ. කේ. කෙවින් සහ හංසික වැළිහිඳ අර්ධ ශතක ලබා ගැනීම කැපී පෙණුනි.

ප්‍රතිවාදී ඉනිමට පිටියට පිවිසි ධර්මරාජ ක්‍රීඩකයෝ අයහපත් කාලගුණ තත්ත්වය මත තරගය අවසන් කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 21ක් ලබා සිටියේය.

තරගය දෙවැනි දිනයටත් (03) ක්‍රියාත්මක වේ.

මහින්ද විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 313 (69.1) කේ. කේ. කෙවින් 83, හංසික වැළිහිඳ 72, විනුර දුල්සර 39, කවිඳු එදිරිවීර 38, රෙෂාන් කාවින්ද 38

ධර්මරාජ විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 2ක් දැවී 21 (4.0):


සීමිත පන්දු වාර තරගාවලිය

 

රිච්මන්ඩ් විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර තරගය

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයක දී කොළඹ මහානාම විද්‍යාලයට එරෙහිව කඩුලු 9ක ජයග්‍රහණයක් වාර්තා කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ගාල්ල රිච්මන්ඩ් ක්‍රීඩකයෝ සමත් වෙති.

ගාල්ල මහින්ද විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් රිච්මන්ඩ් ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මහානාම ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 101ක් පමණි. එහි දී කමිඳු මෙන්ඩිස් කඩුලු 3ක් ද, දිලුම් සුධීර කඩුලු 2ක් දවා ගත්හ.

පිළිතුරු ඉනිම පන්දුවාර 14ක දී අවසන් ජයග්‍රහණයෙන් අවසන් කිරීමට රිච්මන්ඩ් ක්‍රීඩකයෝ සමත් වූයේ එක් කඩුල්ලක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමිනි. එම ඉනිමේ දී නැවත වතාවක් ක්‍රියාත්මක වූ කමිඳු මෙන්ඩිස් පන්දු 39ක දී හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 46ක් ලබා ගත්තේය. මීට අමතරව ධනංජය ලක්ෂාන් පන්දු 29ක දී ලකුණු 39ක් ලබා ගත්තේය. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට සබඳතාව ලකුණු 80කි.

මහානාම විද්‍යාලය; සියලුම දෙනා දැවී 101 (44.1) සොනාල් ගමගේ 17, පවන්ත වීරසිංහ 17, කමිඳු මෙන්ඩිස් 3/22, දිලුම් සුධීර 2/10

රිච්මන්ඩ් විද්‍යාලය; කඩුල්ලක් දැවී 102 (14.0) කමිඳු මෙන්ඩිස් නොදැවී 46, ධනංජය ලක්ෂාන් 36

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<