රාජකීය – සෙබස්තියන් සම ශූරයින් වෙයි

80

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන වයස අවුරුදු 17න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ අවසාන මහා තරගයට ද වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගාවලියේ සම ශූරයන් ලෙසින් කොළඹ රාජකීය විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය නම් කෙරුණි. 

පාසල් තරග 3කට වැහි දෙවියෝ බැල්ම හෙලයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ සිංගර් …

අද (16) කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් රාජකීය විද්‍යාලය සියලුම දෙනා දැවී ලකුණු 111ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් සාන්ත සෙබස්තියන් විද්‍යාලයට තරගය නතර කරන විට පන්දුවාර 12ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 43ක් ලබා සිටියේය. 

කොළඹ රාජකීය විද්‍යාලයීය B කණ්ඩායම රෙසඳු තිලකරත්න ගේ නායකත්වයෙන් ද මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය B කණ්ඩායම ඉඳුවර ද අල්විස්ගේ නායකත්වයෙන් ද පිටියට පිවිසීමට සූදානම්ව සිටියේය.  

මේ දිනවල පැවැත්වෙන අයහපත් කාලගුණ තත්ත්වය මධ්‍යයේ තර්ස්ටන් පිටිය තෙත් ගතියෙන් යුක්තව පැවතීම හේතුවෙන් තරගයේ ආරම්භය ප්‍රමාද විය. පිටියේ විනිසුරුවන් අවස්ථා කිහිපයක දී ම පිටිය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පන්දුවාර 27ක තරගයක් ලෙසින් අවසාන මහා තරගය පැවැත්වීමට තීරණය කෙරුණි. 

ඒ අනුව උරගා බැලුණ කාසියේ වාසිය දිනාගත් සාන්ත සෙබස්තියන් නායකයා ප්‍රතිවාදී රාජකීයයන්ට පළමුවෙන් පන්දුවට පහර දීමට ආරාධනා කළේය. 

ICC සාමාජිකත්වය ලැබුනත් නේපාලයට තවත් ගැටලුවක්

නේපාල ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක පරාස් කඩ්කා තම නායකත්ව ධුරයෙන් ඉල්ලා අස්වීමට…

රාජකීය ඉනිම ආරම්භ කළේ උවිඳු වීරසේකර සහ අශේන් ගමගේ ය. ඔවුන් දෙදෙනාට වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට සෙබස්තියන් පන්දු යවන්නෝ ඉඩ තැබුවේ නැත. ලකුණු පුවරුව 5ක් වෙද්දී පළමු කඩුල්ල ලෙසින් උවිඳු වීරසේකර ලකුණු 3කට දැවී ගියේය. 

අනතුරුව පිටියට එක් වූයේ නෙතින් පනාපිටිය ය. නෙතින් සහ අශේන් එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු ගොඩ නගද්දී අශේන් ආබාධයකට ලක් වෙමින් පිටියෙන් ඉවත්ව ගියේය. ඔහු නැවත පිටියට පිවිස 7 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දීත් ලබා ගත්තේ ලකුණු 12ක් පමණි. 

රාජකීය ඉනිමේ කැපී පෙනෙන පිතිකරුවන් වූයේ නෙතින් පනාපිටිය සහ නායක රෙසඳු තිලකරත්න ය. රෙසඳු තිලකරත්න පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 26ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. නෙතින් පනාපිටිය ලබා ගත් ලකුණු සංඛ්‍යාව 21කි. ඒ වෙනුවෙන් ඔහු පන්දු 36ක් වැය කළ අතර හතරේ පහරක් සහ හයේ පහරක් තම ඉනිමට ඇතුලත් කර ගත්තේය. 

අනතුරුව තෙවිඳු සෙනවීර (12) සහ ඔමේන් සෙනුල (15) පමණක් ඉලක්කම් දෙකේ ලකුණු රැස් කළ අතර අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ලකුණු 10 සීමාව පසුකර යෑමට සෙබස්තියන් පන්දු යවන්නෝ ඉඩ දුන්නේ නැත. ඒ අනුව උතුම් දිසානායක (8), නිපුන් ප්‍රබෝධ (3), දමිත් කප්පාගොඩ (1), ඩෑන් පෝද්දිවෙල (2*) සහ උෂාන් බෝරුප්ප (1) අඩු ලකුණුවලට තම ඉනිම් පූජා කළහ. 

සාන්ත සෙබස්තියන් පන්දු යවන්නෝ රාජකීය ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 21ක දී දවා ගැනීමට සමත් වීම කැපී පෙණුනි. එහි දී හොඳම පන්දු යැවීම වාර්තා කළේ කණුශ්ක ලක්ෂාන් ය. ඔහු තම පන්දු යැවීම වාර්තා කළේ පන්දුවාර 6ක් නිලකුණු පන්දුවාර 2ක් සහ ලකුණු 8කට කඩුලු 3ක් ලෙසිනි. ඊට අමතරව ශෙනිත් ප්‍රනාන්දු ලකුණු 21කට කඩුලු 3ක් දවා ගත්තේය. සෙනුශ්ක ප්‍රනාන්දු, කුෂාන් හේරත් සහ මහේන් සිල්වා ද කඩුල්ල බැගින් දවා ගත්හ.

ඉන්දියාව ඇඟිල්ලෙන් නැටවූ අජන්ත මෙන්ඩිස්ගේ අභිෂේක රැය

මාධ්‍ය සාකච්ඡාවල දී සාමාන්‍යයෙන් නිතරම සිනහවෙන් මුව සරසාගෙන සිටින මහේන්ද්‍ර සිං…

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සාන්ත සෙබස්තියන් පිතිකරුවෝ පළමු වැනි පන්දුවාරයේ සිට පාලනය කිරීමට රාජකීය පන්දු යවන්නෝ සමත් වූහ. ඔවුන් වඩාත් අමාරුවේ වැටුණේ 7 වැනි පන්දුවාරයේ දී ය. එම පන්දුවාරය යැවූ දමිත් කප්පාගොඩ පන්දු 4ක දී ප්‍රමෝද් මෙන්ඩිස් (2) සහ සෙනුශ්ක ප්‍රනාන්දු (0) දවා ගනීමින් මේ දක්ෂතාව කළේය. එම පන්දුවාරය අවසන් වෙන විට රාජකීය ඉනිම කියැවුණේ කඩුලු 4කට ලකුණු 29ක් ලෙසිනි.

දමිත් කප්පාගොඩ තරගය නතර කරන විට ලකුණු 12කට කඩුලු 2ක් දවාගෙන සිටියේය. ඊට අමතරව උතුම් දිසානායක ද ලකුණු 11කට කඩුලු 2ක් දවා ගත් අතර ආරම්භක වේගපන්දු යැවූ ඩෑන් පෝද්දිවෙල ද කඩුල්ලක් දවා ගනිමින් සාන්ත සෙබස්තියන් පිතිකරුවෝ පාලනය කළහ. 

සාන්ත සෙබස්තියන් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූයේ නායක ඉඳුවර අල්විස් ය. ඔහු පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 16ක් ලබා ගත්තේය. අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ලකුණු 10 සීමාවට ළඟා වීමට ඉඩ නොදීම කැපී පෙණුනි. ඒ අනුව ශනේෂ් ප්‍රනාන්දු (9) සහ කේෂර මධුශ්ක (0) ද අඩු ලකණුවලට දැවී ගියහ. 

තරගය වර්ෂාව හේතුවෙන් නතර කරන විට මහේන් සිල්වා (6) සහ නිශේන් ප්‍රනාන්දු (3) නොදැවී පිටියේ රැඳී සිටිය හ. 

රාජකීය විද්‍යාලය; සියලුම දෙනා දැවී 111 (27) නෙතින් පනාපිටිය 21, රෙසඳු තිලකරත්න 26, ඔමේන් සෙනුල 15, ශෙනිත් ප්‍රනාන්දු 3/21, කණුශ්ක ලක්ෂාන් 3/08

සාන්ත සෙබස්තියන් විද්‍යාලය; කඩුලු 5ක් දැවී 43 (12) ඉඳුවර අල්විස් 16, දමිත් කප්පාගොඩ 2/12, උතුම් දිසානායක 2/11

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<