ඩී. එස්. ක්‍රීඩකයන්ගෙන් වැඩි දක්ෂතා

103

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (05) පැවති අර්ධ අවසන් පූර්ව වටයේ තරගවල දී මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය, කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගන්නා ලදි. 

රාජකීය විද්‍යාලයත් අර්ධ අවසන් පූර්ව වටයට

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ…………

ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලයයි. 

අද නිමා වූ තරගවල දී පිතිකරුවන් ලෙසින් ත්‍රිත්ව විද්‍යාලයේ රනුද සෝමරත්න, ඩී. එස්. සේනානායක විද්‍යාලයේ අමිත දාබරේ සහ අභිශේක් ලියනාරච්ච අර්ධ ශතක ලබා ගනිමින් දක්ෂතා දැක්වීම කැපී පෙණුන අතර පන්දු යැවීමෙන් දකුණතින් පිට දඟපන්දු යැවූ ඩී. එස්. සේනානායක විද්‍යාලයීය නායක මනීන්ද්‍ර ජයතිලක කැපී පෙණුනි. 

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය 

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයීය පිටියේ දී පන්දුවාර 45ක තරගයත් සේ ආරම්භ වූ මෙම තරගයෙන් ලකුණු 6ක ජයග්‍රහණයක් ලබා ගනිමින් අවසන් පූර්ව වටයට නියෝජනය කිරීමට සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයෝ සමත් වූහ. 

Photos: St. Sebastian’s College, Moratuwa vs Trinity College – U17 Cricket Tournament 2019 | Quarter Final

කාසියේ වාසිය දිනා ගත් ත්‍රිත්ව ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් පිටියට පිවිස සියලුම දෙනා දැවී ලකුණු 164ක් ලබා ගත්හ. එම ඉනිමේ දී රනුද සෝමරත්න ලකුණු 87ක් ලබා ගනිමින් කැපී පෙණෙන ඉනිමක් ක්‍රීඩා කළේය. ඔහුගේ ඉනිම පන්දු 109කින් සමන්විත වූ අතර හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් ඊට අන්තර්ගත විය. 

ත්‍රිත්ව ඉනිමේ අවසන් කඩුලු ත්‍රිත්වය කිසිදු ලකුණක් ලබා නොදී දවා ගැනීමට ප්‍රතිවාදී සාන්ත සෙබස්තියන් පන්දු යවන්නෝ සමත් වූහ. කඩුලු ලබා ගැනීමේ දී හිරුමාල් පෙරේරා සහ අශාන් ප්‍රනාන්දු කඩුලු 3 බැගින් දවා ගත්හ. 

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයෝ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 159ක් ලබා සිටිය දී වට වර්ෂාව හේතුවෙන් තරගය නතර කෙරුණි. එතැන් සිට තරගය ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් නොවීම හේතුවෙන් තරගයේ තීරණය ඩක්වර්ත් ලුවිස් ක්‍රමවේදයට පැවරුණි. ඒ අනුව සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයෝ තමන්ට ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය ලකුණු 153 අභිබවා යෑම හේතුවෙන් ජයග්‍රහණය ඔවුන්ට හිමි විය. 

ගෞරවාන්විතව තරගාවලියට තිත තැබීමට ශ්‍රී ලංකාවට හැකි වෙයි ද?

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙන පළමු…………

සාන්ත සෙබස්තියන් ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු සවිඳු රොද්‍රිගෝ පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමගින් ලකුණු 40ක් ලබා ගත්තේය. ඊට අමතරව තරගය අවසන් වන විට චකිල පෙරේරා පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 36ක් ලබා සිටියේය. 

සාන්ත සෙබස්තියන් ඉනිමේ පළමු කඩුල්ලට සවිඳු රොද්‍රිගෝ සහ යෙශාන් අවිශ්ක ලකුණු 71ක සබඳතාවක් එක් කළ ද ඔවුන්ගේ ලකුණු පුවරුව වරෙක කඩුලු 4කට ලකුණු 90ක් සේ ද දිස් විය. එහෙත් මැදපෙළ පිතිකරුවෝ එක්ව සාන්ත සෙබස්තියන් කණ්ඩායම ගොඩ ගැනීම හේතුවෙන් ඔවුන්ට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට වරම් හිමි විය. 

කඩුලු ලබා ගැනීමේ දී පිතිකරුවෙක් ලෙස ද මනා සේවයක් කළ රනුද සෝමරත්න ලකුණු 24කට කඩුලු 2ක් දවා ගත්තේය. 

ත්‍රිත්ව විද්‍යාලය; සියලුම දෙනා දැවී 164 (43) රනුද සෝමරත්න 87, හිරුමාල් පෙරේරා 3/30, අශාන් ප්‍රනාන්දු 3/40, ක්‍රිශේන් පෙරේරා 2/33

සාන්ත සෙබස්තියන් විද්‍යාලය; කඩුලු 6ක් දැවී 159 (41.1) සවිඳු රොද්‍රිගෝ 40, යෙශාන් අවිශ්ක 23, බිහඟ මෙන්ඩිස් 21, චකිල පෙරේරා නොදැවී 36, රනුද සෝමරත්න 2/12

අෆීෆ් – නජ්මුල් සබඳතාවය ශ්‍රී ලංකාවට හිසරදයක් වෙයි

ශ්‍රී ලංකා නැගීඑන ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ නැගීඑන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන නිල නොවන ටෙස්ට්………..

කොළඹ නාලන්දා විද්‍යාලය සහ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය 

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 9ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඩී. එස්. සේනානායක විද්‍යාලය සමත්වෙමින් අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්හ. මෙම තරගය පන්දුවාර 49ක තරගයක් ලෙසින් ක්‍රියාත්මක විය. 

කාසියේ වාසිය දිනා ගත් නාලන්දා ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරමින් සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 137ක් පමණි. ප්‍රතිවාදී ඩී. එස්. සේනානායක ක්‍රීඩකයෝ එම ඉලක්කය ලෙහෙසියෙන් සපුරා ගෙන යන ගමනේ දී වර්ෂාව බාධා වූයේ ජයග්‍රහණයට ලකුණු 2ක් මෙපිට සිටිද්දීය. එතැන් සිට වර්ෂාව තව තවත් හිතුවක්කාර වීම හේතුවෙන් මෙම තරගයේ ද තීරණය ඩක්වර්ත් ලුවිස් ක්‍රමවේදයට බාර දෙන ලදි. 

Photos: Nalanda College vs D. S. Senanayaka College – U17 Cricket Tournament 2019 | Quarter Final

ඒ වෙද්දී ඩී. එස්. සේනානායක විද්‍යාලය කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු 136 ඔවුන්ගේ ජයග්‍රාහී සීමාව ද වීම හේතුවෙන් තරගයේ ජයග්‍රහණය මෙන්ම ඔවුන් තරගාවලියේ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට ද සුදුසුකමක් විය. 

ඩී. එස්. ඉනිම වෙනුවෙන් අමිත දාබරේ පන්දු 99කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 56ක් ලබා ගත් අතර අභිශේක් ලියනාරච්චි පන්දු 111කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුනු 54ක් ලබා ගත්හ. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට සබඳතාව ලකුණු 109කි. 

නාලන්දා විද්‍යාලය; සියලුම දෙනා දැවී 137 (38.2) රවීන් ද සිල්වා 38, විනුක නානායක්කාර 22, මනීන්ද්‍ර ජයතිලක 4/38, අමිත දාබරේ 3/14

ඩී. එස්. සේනානායක විද්‍යාලය; කඩුල්ලක් දැවී 136 (38.4) අමිත දාබරේ 56, අභිශේක් ලියනාරච්චි නොදැවී 54

කොළඹ මහානාම විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය 

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් ලැබූ මහානාම ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට වරම් දිනා ගත්හ. 

Photos: Royal College vs Mahanama College | U17 Cricket Tournament 2019 | Quarter Final

වර්ෂාව හේතුවෙන් මෙම තරගය පන්දුවාර 46කට සීමා වූ අතර කාසියේ වාසිය දිනා ගත් රාජකීය ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස කඩුලු 9ක් දැවී ලබා ගත්තේ ලකුණු 135ක් පමණි. ඊට පිළිතුරු ලෙසින් මහානාම විද්‍යාලය කඩුලු 3ක් පමණක් දැවී අවශ්‍ය ඉලක්කය සපුරා ගත්තේය. එහි දී සචිර වැලිවත්ත නොදැවී ලකුණු 43ක් ලබා ගනිමින් තරගයේ කැපී පෙණෙන ක්‍රීඩකයා බවට පත්විය. 

රාජකීය විද්‍යාලය; සියලුම දෙනා දැවී 135 (46) බිසඳු සන්දිව් 28, කනික දයාරත්න නොදැවී 26, සදිශ රාජපක්ෂ 24, චමත් චමුපති 2/14, අචින්ත සුපුන් 2/16

මහානාම විද්‍යාලය; කඩුලු 8ක් දැවී 136 (30.2) සචිර වැලිවත්ත නොදැවී 43, විනුක රූබසිංහ 28, පවන් රත්නායක 23, සදිශාන් චමෝද්‍ය නොදැවී 17, පුල්ශාන් රෝහණ 15

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<