වෙල්ලාලගේ දක්ෂතා අපතේ යයි

600

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ සිංගර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (25) නිමා වූ තරගයක දී දක්ෂ පන්දු යැවීමක නිතර වීමට දුනිත් වෙල්ලාලගේ සමත් විය. 

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයේ උපනායක වමතින් දඟපන්දු යවන වෙල්ලාලගේ තර්ස්ටන් ඉනිමේ කඩුලු 6ක් ලකුණු 35කට දවා ගැනීමට සමත් විය. එහෙත් තරගයේ විසඳුම ප්‍රතිවාදී කණ්ඩායමේ වාසියට නතු වීමෙන් ඔහුගේ දක්ෂතාවලට නිසි අගයක් නොලැබුණි. 

නිදුක් සහ දුල්මිණ රිච්මන්ඩ්වරුන්ට හිසරදයක් වෙයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන …….

කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය (Group C)

තර්ස්ටන් විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයෙන් එක් ලකුණක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට තර්ස්ටන් ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ ප්‍රතිවාදීන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිවිසි සත්කාරක තර්ස්ටන් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 168ක් ලබා ගත් අතර ප්‍රතිවාදී සාන්ත ජෝසප් ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී 167ක් පමණි. 

තර්ස්ටන් විද්‍යාලය; සියලුම දෙනා දැවී 168 (47) විහඟ ජයනාම 50, ඔෂාන් හංසික 36, බවන්ත ජයසිංහ 29, දුනිත් වෙල්ලාලගේ 6/35, ශෙවෝන් ඩැනියෙල් 2/20

සාන්ත ජෝසප් විද්‍යාලය; සියලුම දෙනා දැවී 167 (44) ෂෙරන් ෆොන්සේකා 37, මිතිර සෙනුර 30, යෙසිත් රූපසිංහ 29, ෂෙවෝන් ඩැනියෙල් 23, ඉසිර මතීෂ 2/11, සුජන විජෙරත්න 2/33, නිපුන් ප්‍රේමරත්න 2/41


බම්බලපිටියට සාන්ත පීතර විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය (Group D)

බම්බලපිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 41ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත සෙබස්තියන් විද්‍යාලය සමත් විය. 

කාසියේ වාසිය දිනා ගත් සාන්ත පීතර ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත සෙබස්තියන් විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 167ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් සාන්ත පීතර විද්‍යාලයට සියලුම දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 126ක් පමණි. 

සාන්ත සෙබස්තියන් විද්‍යාලය; කඩුලු 9ක් දැවී 167 (50) බිහඟ මෙන්ඩිස් නොදැවී 84, සවිඳු රොද්‍රිගෝ 21, විනුග ලියනගේ 3/32, ධනාල් හේමානන්ද 3/33

සාන්ත පීතර විද්‍යාලය; සියලුම දෙනා දැවී 126 (40) පී. හේරත් 41, ශානුක ගලගොඩ 21, සඳුන් ප්‍රනාන්දු 3/33, සංදේශ් ප්‍රනාන්දු 2/08, හිරුමාල් පෙරේරා 2/17, අශාන් රොද්‍රිගෝ 2/21

ස්ටොක්ස්ගේ උඩපන්දුව අතඇරුනම මම බය වුනා – මෙන්ඩිස්

ගෙවී ගිය වසර කිහිපය පුරාවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ……..


කොළඹ වෙස්ලි විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය (Group E)

වෙස්ලි විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයෙන් පැරබෝලා න්‍යාය මත ලකුණු 44ක ජයග්‍රහණයක් ලබා ගැනීමට වේල්ස් කුමර විද්‍යාලය සමත් විය. මෙම තරගයේ දී අනුදිත් වික්‍රමසිංහ සහ පසිඳු පැතුම් අර්ධ ශතක ලබා ගැනීම කැපී පෙණුනි. 

වෙස්ලි විද්‍යාලය; සියලුම දෙනා දැවී 186 (50) අනුදිත වික්‍රමසිංහ 60, තුෂාන් චමල්ක නොදැවී 32, සිදත් ධර්මසිරිවර්ධන 21, අශාන් ප්‍රනාන්දු 2/25, පසිඳු පැතුම් 2/36

වේල්ස් කුමර විද්‍යාලය; කඩුලු 6ක් දැවී 184 (41.4) පසිඳු පැතුම් 78, තරිඳු අමරසිංහ 36, දිනූෂ රාන්පෝල් 29, සිදත් ධර්මසිරිවර්ධන 2/27


කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය (Group B)

කොළඹ බී. ආර්. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ලුම්බිණි ක්‍රීඩකයෝ සමත් වූහ. 

කාසියේ වාසිය දිනා ගත් ලුම්බිණි ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 65 පමණි. ඉන් ලකුණු 41ක්ම රැස් කළේ විශ්ව ප්‍රනාන්දු සහ ශෂීන් නිමේෂ් ය. ඔවුන් දෙදෙනා දෙවැනි කඩුල්ලට ලකුණු 41ක් රැස් කළහ. මෙම ඉනිමේ කඩුලු 5ක් ලකුණු 12ක් පමණක් දෙමින් ලබා ගැනීමට දකුණතින් වේග පන්දු යවන ලුම්බිණි විද්‍යාලයීය නායක මෙතුල් රාජපක්ෂ සමත් වීම කැපී පෙණුනි. 

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ලුම්බිණි ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 66ක් ලබා ගත්හ.

මොරටු මහා විද්‍යාලය; සියලුම දෙනා දැවී 65 (28.5) විශ්ව ප්‍රනාන්දු 19, ශෂීන් නිමේෂ් 17, මෙතුල් රාජපක්ෂ 5/12, සකිත් පෙරේරා 2/07

ලුම්බිණි විද්‍යාලය; කඩුලු 2ක් දැවී 66 (8) තෂික නිර්මාල් නොදැවී 23, බවන්ත හිමාල් නොදැවී 11, ඩිලාන් තාරක 2/31

එහේ ගිහින් හොඳ දස්කම් දක්වන්න බලාපොරොත්තු වෙනවා – අසලංක

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු …


මහනුවර සාන්ත සර්වේසස් විද්‍යාලය සහ කෑගල්ල සාන්ත මේරිස් විද්‍යාලය (Group N)

මහනුවර පොලිස් උද්‍යාන පිටියේ දී පැවති මෙම තරගයෙන් පැරබෝලා න්‍යාය මත ලකුණු 55ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත සිල්වෙස්තර ක්‍රීඩකයෝ සමත් වූහ.

සාන්ත සිල්වෙස්තර විද්‍යාලය; සියලුම දෙනා දැවී 169 (33.5) මලීෂ සිල්වා 48, ගිහාන් බස්නායක 25, සත්සර නවෝද් 22, වරුණ උදාර 4/28, තරුක දිසානායක 3/39, ප්‍රවීන් ලියනගේ 2/22

සාන්ත මේරිස් විද්‍යාලය; කඩුලු 9ක් දැවී 98 (29) වරුණ උදාර නොදැවී 22, විරංග කෝරලේගෙදර 4/19


කටුගස්තොට රාහුල විද්‍යාලය සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය (Group L)

කටුගස්තොට දී පැවති මෙම තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට රාහුල විද්‍යාලය සමත් විය. 

කිංග්ස්වුඩ් විද්‍යාලය; සියලුම දෙනා දැවී 152 (41.5) අනුල සෙනෙවිරත්න 39, දුමින්ද බණ්ඩාර 26, හසින්ත පොල්කොටුව 25, තිලංක කුමාරතුංග 3/25, ආකාශ් ගාන්ධිවංශ 2/14, ඩිල්ශාන් අරඹෙගෙදර 2/27

ශ්‍රී රාහුල විද්‍යාලය; කඩුලු 5ක් දැවී 153 (27.1) ජනිත් හසරංග 42, ඩිල්ශාන් අරඹෙගෙදෙර නොදැවී 28, තිරිඳු ෆොන්සේකා 26, සයුරු රත්නායක 25, අනිල් සෙනෙවිරත්න 2/34, හසින්ත පොල්කොටුව 2/35

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<