ප්‍රශාන් කල්හාරගෙන් සුපිරි පන්දු යැවීමක්

184

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ සිංගර් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (04) පැවති තරග අතරින් පන්දු යැවීමේ දී දක්ෂතා දැක්වීමට කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රශාන් කල්හාර සමත් විය. 

අභිශේක් ලියනාරච්චි ශතකයක් ලබා ගනී

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ සිංගර් කුසලාන පළමු කොටසේ ක්‍රිකට්…

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය (Group A)

මොරටුවේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 38ක ජයග්‍රහණයක් ලබා ගැනීමට රාජකීය විද්‍යාලය සමත් විය. 

කාසියේ වාසිය දිනා ගත් සත්කාරක ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි රාජකීය ක්‍රීඩකයෝ තම ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 199ක් රැස් කළහ. ඊට පිළිතුරු ලෙසින් වේල්ස් කුමාර විද්‍යාලය සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 165ක් පමණි. 

එම ඉනිමේ කඩුලු 5ක් ලකුණු 31කට දවා ගැනීමට ප්‍රශාන් කල්හාර සමත් විය. 

Photos: Prince of Wales College vs Royal College | U17 Cricket Tournament 2019

රාජකීය විද්‍යාලය; කඩුලු 9ක් දැවී 199 (50) සදීෂ රාජපක්ෂ 45, දසිස් මංචනායක 43, සොනාල් අමරසේකර 48, කනික දයාරත්න 22, පසිඳු පැතුම් 2/45, අශාන් කළිඳු 2/27

වේල්ස් කුමාර විද්‍යාලය; සියලුම දෙනා දැවී 165 (40.4) හංසජ වෙණනාත් 27, පසිඳු පැතුම් 60, ප්‍රශාන් කල්හාර 5/31, කවිඳු පතිරත්න 2/33, ගිශාන් බාලසූරිය 2/35


කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය (Group B)

කොළඹ බී. ආර්. සී. පිටියේ දී පැවති තරගයෙන් ලකුණු 29ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ආනන්ද විද්‍යාලය සමත් විය. 

කාසියේ වාසිය දිනූ ලුම්බිණි ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් ආනන්ද ක්‍රීඩකයෝ ලකුණු 190ක් ලබා ගත් අතර ප්‍රතිවාදී ලුම්බිණි විද්‍යාලයට ලබා ගත හැකි වූයේ ලකුණු 161ක් පමණි. 

Photos: Lumbini College vs Ananda College | U17 Cricket Tournament 2019

ආනන්ද විද්‍යාලය; සියලුම දෙනා දැවී 190 (50) නුශාල් ධර්මරත්න 49, නෙත්ම කරුණාරත්න 49, හංසක ජයසිංහ 20, සසංක නෙත්මින 3/32, නෙතුල් රාජපක්ෂ 2/41

ලුම්බිණි විද්‍යාලය; සියලුම දෙනා දැවී 161 (35.5) ටෂික නිර්මාල් 61, නෙතුල් රාජපක්ෂ නොදැවී 42, බවන්ත හිමල් 24, ඉසුරු අයේෂ් 4/30, සවිඳු බණ්ඩාර 2/25, විනුක දම්සිත් 2/23

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවකට එංගලන්තයෙන් ආරාධනාවක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂ ක්‍රිකට් ක්‍රීඩිකාවක් වන චමරි අතපත්තු එංගලන්ත කාන්තා ප්‍රිමියර්….

කෑගල්ල සාන්ත මේරිස් විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය (Group N)

කෑගල්ලේ දී පැවති මෙම තරගයේ දී ධර්මරාජ විද්‍යාලය කඩුලු 3කින් ජයග්‍රහණය කළේය. 

කාසියේ වාසිය දිනූ සාන්ත මේරිස් විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 156ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ධර්මරාජ විද්‍යාලය කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 158ක් ලබා ගත්තේය.

සාන්ත මේරිස් විද්‍යාලය; සියලුම දෙනා දැවී 156 (40.2) කවීෂ මධුශාන් 40, තුෂාන් බානුක 31, මලීෂ රාජකරුණා 2/22, කේශර නුරාගොඩ 2/22, තුෂාර වන්නිනායක 2/26, ලවිඳු දිසානායක 2/31

ධර්මරාජ විද්‍යාලය; කඩුලු 7ක් දැවී 158 (27.1) චේතිය වීරකෝන් 44, ජනිත් ගුණතුංග 44, මලීෂ සේනානායක 3/43


කොළඹ ඩි ලා සාල් විද්‍යාලය සහ කඳාන ද මැසිනෝද් විද්‍යාලය (Group A)

මුතුවැල්ල මහජන පිටියේ දී පැවති මෙම තරගයෙන් ද මැසිනොද් විද්‍යාලය ලකුණු 196ක ජයග්‍රහණයක් වාර්තා කළේය. 

කාසියේ වාසිය දිනූ ද මැසිනෝද් විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 9ක් දැවී ලකුණු  294ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ඩි ලා සාල් විද්‍යාලයට ලබා ගත හැකි වූයේ ලකුණු 98ක් පමණි.

ද මැසිනෝද් විද්‍යාලය; කඩුලු 9ක් දැවී 294 (50) සහන් කෝසල 91, රුවින් ෆොන්සේකා 56, ලෙස්ටර් ජයවීර 37, ශෙනාල් චම්පික 4/30, සංදීප පෙරේරා 3/64

ඩි ලා සාල් විද්‍යාලය; සියලුම දෙනා දැවී 98 (23.4) සේවින්ද ගිම්හාන 59, චානුක සිල්වා 3/16, සමිඳු දිනෙත් 2/15, රුවින් ෆොන්සේකා 2/23, සිහින සිතුමිණ 2/35

19න් පහළ සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියට දින තීන්දුයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ අන්තර් පළාත් සුපිරි ක්‍රිකට්…

අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය (Group F)

බලපිටියට ගුරු අභ්‍යාස විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගැනීමට රිච්මන්ඩ් ක්‍රීඩකයෝ සමත් වූහ. 

කාසියේ වාසිය දිනූ රිච්මන්ඩ් ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දෙමින් ලකුණු 119ක් ලබා ගත් අතර රිච්මන්ඩ් ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී එම ඉලක්කය සපුරා ගත්හ.

ශ්‍රී දේවානන්ද විද්‍යාලය; සියලුම දෙනා දැවී 119 (46.4) සසිඳු ද සිල්වා 34, පසිඳු කවිශ්ක 3/24, කවිඳු නිර්මාණ 2/19, චමත් ඩිල්සර 2/29

රිච්මන්ඩ් විද්‍යාලය; කඩුලු 4ක් දැවී 120 (24.3) අචිර ද සොයිසා 48, බානුක මනෝහර නොදැවී 38, කවීෂ කල්පන 2/33

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<