අභිශේක් ලියනාරච්චි ශතකයක් ලබා ගනී

161

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ සිංගර් කුසලාන පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ අද (03) පැවති තරගවල දී කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ අභිශේක් ලියනාරච්චි ශතකයක් ලබා ගැනීම කැපී පෙණුනි. 

අශේන් සොයිසාගෙන් තුන්ඉරියව් දක්ෂතා

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස…..

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය (Group D)

කොළඹ දී පැවති මෙම තරගයේ දී ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ක්‍රීඩකයෝ ලකුණු 88ක් ජයග්‍රහණයක් ලබා ගත්තේය. 

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ජයවර්ධනපුර ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඩී. එස්. සේනානායක ක්‍රීඩකයෝ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 262ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිමේ දී ශ්‍රී ජයවර්ධනපුර ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 174ක් පමණි. 

ඩී. එස්. ඉනිමේ දී ආරම්භක දකුණත් පිතිකරු අභිශේක් ලියනාරච්චි පන්දු 147කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 116ක් ලබා ගැනීම කැපී පෙණුනි. ඔහු වමත් පිතිකරු අමිත් දාබරේ සමඟ එක්වෙමින් පළමු කඩුල්ලට පන්දුවාර 30ක දී ලකුණු 150ක් ලබා ගැනීමට සමත් විය. 

දෙවැනි කඩුල්ලට පිටියට පිවිසි විනුක ද සිල්වා ද නොදැවී ලකුණු 55ක් ලබා ගත් අතර ඔහු සහ අභිශේක් අතර දෙවැනි කඩුල්ලට නොදැවුණ ලකුණු සබඳතාව ලකුණු 112කි. 

ඩී. එස්. සේනානායක විද්‍යාලය – කඩුල්ලක් දැවී 262 (50) අභිශේක් ලියනාරච්චි නොදැවී 116, අමිත දාබරේ 73, විනුක ද සිල්වා නොදැවී 55

ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය – සියලුම දෙනා දැවී 174 (42.5) කවිශ්ක බොතේජු 51, ජනිත් ආකාශ් 24, නිසුක විනුසර 34, මනින්ද්‍ර ජයතිලක 3/23, අමිත දාබරේ 2/29, විශ්ව ජයසිංහ 2/39

සෙනසුරාදා සිදු වූ කලබලය ගැන විශේෂ පරීක්ෂාවක්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය හා ඇෆ්ගනිස්ථානය අතර ..


බම්බලපිටියට සාන්ත පීතර විද්‍යාලය සහ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය (Group D)

බම්බලපිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 10ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත පීතර විද්‍යාලය සමත් විය. 

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී සුමංගල ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දී සියලුම දෙනා දැවී ලබා ගත් ලකුණු 46 කිසිදු කඩුල්ලක් නොදී ලබා ගැනීමට සත්කාරක ක්‍රීඩකයෝ සමත් වූහ.

Photos: St. Peter’s College vs Sri Sumangala College, Panadura | U17 Cricket Tournament 2019

ශ්‍රී සුමංගල විද්‍යාලය; සියලුම දෙනා දැවී 46 (17.1) දනාල් හේමානන්ද 4/15, විනුජ ලියනගේ 3/03, ප්‍රභාෂණ හේරත් 3/23

සාන්ත පීතර විද්‍යාලය; කිසිවෙක් නොදැවී 48 (9.2) ෂෙනාල් බොතේජු නොදැවී 26


කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය (Group A)

කොටහේනේ දී පැවති මෙම තරගයේ දී නාලන්දා විද්‍යාලය කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගත්තේය. 

කාසියේ වාසිය දිනා ගත් සාන්ත බෙනඩික්ට් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් ලකුණු 90ක් ලබා ගත් අතර එම ලකුණු ප්‍රමාණය කඩුලු 2ක් පමණක් දැවී ලබා ගැනීමට නාලන්දා ක්‍රීඩකයෝ සමත් වූහ. 

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය; සියලුම දෙනා දැවී 90 (39) නිමේෂ් සොයිසා 36, අශේන් ද සොයිසා 23, විනුක නානායක්කාර 4/23, දිනෙත් සමරවීර 3/13, රවීන් ද සිල්වා 2/12

නාලන්දා විද්‍යාලය; කඩුලු 2ක් දැවී 92 (29.4) රශාන් දිසානායක 37

මාටින් ගප්ටිල් ඇඟිලි දෙකෙන් පුහුණුකරුවාට කළ සංඥාව

2015 ලෝක කුසලානයේ නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර…..


කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය සහ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය (Group C)

පිළියන්දල දී පැවති මෙම තරගයේ දී පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය කඩුල්ලක ජයග්‍රහණයක් ලබා ගත්තේය.

කාසියේ වාසිය දිනූ සත්කාරක ක්‍රීඩකයන්ගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කෝට්ටේ ක්‍රීඩකයෝ ලබා ගත්තේ ලකුණු 143ක් පමණි. එම ඉලක්කය කඩුලු 9ක් දැවී ලබා ගැනීමට පිළියන්දල ක්‍රීඩකයෝ සමත් වූහ.

ආනන්ද ශාස්ත්‍රාලය; සියලුම දෙනා දැවී 143 (41.3) හිරුෂ පියුමාල් 57, කවිඳු මිහිරංග 20, තමෝද්‍ය ශ්‍රී රවිශ්ක 3/09, සිතුම් නිම්නක 2/22, තරුෂ රනසර 2/35

පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය; කඩුලු 9ක් දැවී 145 (37.5) තරුෂ රන්සර 29, මර්වින් කේසර නොදැවී 26, ලක්ෂිත හසංක 25, වෙනුක් හේට්ටිආරච්චි 3/13, රවිඳු මිහිරංග 3/49


කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය (Group C)

කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජ පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගැනීමට මහානාම විද්‍යාලය සමත් විය. 

කාසියේ වාසිය දිනා ගත් තර්ස්ටන් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් ලබාගත් ලකුණු 93ට පිළිතුරු ලෙසින් මහානාම ක්‍රීඩකයෝ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 97ක් ලබා ගත්හ.

තර්ස්ටන් විද්‍යාලය; සියලුම දෙනා දැවී 93 (37.3) රනේශ් සිල්වා 24, සෙතුම් කෙනුල 4/23, බෙහාන් ඉනුක 3/08, දෙවින්ද කැකිරිදෙණිය 2/12

මහානාම විද්‍යාලය; කඩුලු 2ක් දැවී 97 (24.5) විනුක රූබසිංහ නොදැවී 25, පවන් රත්නායක නොදැවී 25, ශාන්තිල රොහාන් 21, සූජන ලොනෙත් 2/11

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<