අශේන් සොයිසාගෙන් තුන්ඉරියව් දක්ෂතා

92

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ සිංගර් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (01) පැවති තරග අතුරින් තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වීමට කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ අශේන් සොයිසා සමත් විය.

ලුම්බිණියේ තෂිකගෙන් දෙහිවලට එරෙහිව ශතකයක්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ සිංගර්…

කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ නුගේගොඩ සාන්ත ජෝන්ස් විද්‍යාලය (Group A)

කොටහේනේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 197ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සත්කාරක සාන්ත බෙනඩික්ට් ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ සාන්ත ජෝන්ස් නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සියලුම දෙනා දැවී ලකුණු 277ක් රැස් කළ අතර ඊට පිළිතුරු ඉනිමට සාන්ත ජෝන්ස් ක්‍රීඩකයන්ට රැස් කර ගත හැකි වූයේ ලකුණු 80ක් පමණි.

මෙම තරගයේ දී සාන්ත බෙනඩික්ට් ක්‍රීඩක අශේන් සොයිසා පිතිකරුවෙක් ලෙසින් අර්ධ ශතකයක් ලබා ගනිමින් පන්දු යැවීමේ දී ලකුණු 7කට කඩුලු 2ක් දවා ගත්තේය.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය; සියලුම දෙනා දැවී 277 (42.2) අශේන් සොයිසා 60, පසන් සුවහස් 45, අකිඳු කරුණාරත්න 42, තේනුක නන්දලාල් 23, චමුදිත කෞෂල්‍ය 3/77, අයත් දිල්මිත් 2/29

සාන්ත ජෝන්ස් විද්‍යාලය; සියලුම දෙනා දැවී 80 (33.2) භානුක පෙරේරා 4/18, අශේන් සොයිසා 2/07

අවිශ්ක ශ්‍රී ලංකාවේ ළාබාලතම ලෝක කුසලාන ශතක හිමියා වෙයි

This clip will only be available in Sri Lanka for viewing up to 3 days from the date of upload…


මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සහ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය (Group K)

මීගමුවේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සමත් විය.

කාසියේ වාසිය දිනූ ගලහිටියාව ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස සියලුම දෙනා දැවී ලකුණු 158ක් ලබා ගත් අතර පිළිතුරු ලෙසින් සත්කාරක ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 160ක් ලබා ගත්හ.

ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය; සියලුම දෙනා දැවී 158 (40.1) ලූකස් කේසර 24, නිලූක ඩිල්ශාන් 22, දෙනුවන් සිල්වා 21, රවිඳු ගිම්සක 3/23, නිහාල් ද සිල්වා 3/29, සෙනාශ් ප්‍රනාන්දු 3/35

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය; කඩුලු 7ක් දැවී 160 (35.2) ඒ. රාජපක්ෂ 35, ෂෙහාන් ප්‍රනාන්දු 25, කවිත කුමාරප්පුලි 23, රුසිත් ගමගේ 3/32

වසර 20කට පසුව ශ්‍රී ලංකාව කළින්ම එළියට විසිවෙයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග සියල්ලම අවසන් වීමටත් පෙර එනම්, තරග 38ක් අවසානයේ…


වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සහ මීගමුව සාන්ත පීතර විද්‍යාලය (Group P)

ගොඩිගමුවේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත පීතර විද්‍යාලය සමත් විය.

කාසියේ වාසිය දිනූ සාන්ත ජෝසප් විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 121ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් සාන්ත පීතර විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 123ක් ලබා ගත්තේය.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය; සියලුම දෙනා දැවී 121 (23.1) හසින්ත විජේරත්න 22, පසිඳු දසනායක 20, විශ්ව නවෝද්‍ය 3/27, දිනෙත් සත්සර 3/27, රුසිත් නවෝද 2/33

 සාන්ත පීතර විද්‍යාලය; කඩුලු 2ක් දැවී 123 (30.3) ලසිත් නිසල්ක 47, බ්‍රයන් ජුලියස් 33

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<