දෙවැනි කොටසේ පළමු ශතකය වෙල්ලාලගෙන්

205

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ සිංගර් කුසලාන පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයේ පළමු ශතකය වාර්තා කිරීමට කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයේ වමත් පිතිකරු දුනිත් වෙල්ලාලගේ අද (02) සමත් විය.

17න් පහළ පළමුපෙළ තරගාවලියේ දෙවන වටයට පාසල් 32ක්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව විසින් සංවිධානය කරනු ලබන “2019 සිංගර් කුසලාන” වයස අවුරුදු 17න්….

කොළඹ නාලන්දා විද්‍යාලයට එරෙහිව ලබාගත් මෙම ශතකයට අමතරව ඔහු පන්දු යැවීමෙන් ද කඩුලු 2ක් දවා ගත්තේය. මේ අතර මහානාම විද්‍යාලයේ නායක පවන් රත්නායක ද ලුම්බිණි ක්‍රීඩකයන්ට එරෙහිව තුන් ඉරියව් දක්ෂතා දැක්වීම කැපී පෙණුනි. 

කොළඹ නාලන්දා විද්‍යාලය සහ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය (Group X)

නාලන්දා විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයේ දී සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ ලකුණු 96ක ජයග්‍රහණයක් ලබා ගත්හ. 

කාසියේ වාසිය දිනා ගත් සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 9ක් දැවී ලකුණු 263ක් ලබා ගත්තේ දුනිත් වෙල්ලාලගේ ශතකයක සහ ශෙවෝන් ඩැනියෙල් ලබා ගත් අර්ධ ශතකයක් එක්වය. දුනිත් වෙල්ලාලගේ පන්දු 95කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සමඟින් ලකුණු 108ක් ලබා ගත්තේය. ශෙවෝන් ඩැනියෙල්ගේ ඉනිම පන්දු 70කින් සමත් වූ ලකුණු 52කි. 

පිළිතුරු ඉනිමට නාලන්දා ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 167ක් පමණි. 

සාන්ත ජෝසප් විද්‍යාලය; කඩුලු 9ක් දැවී 263 (50) දුනිත් වෙල්ලාලගේ 108, ෂෙවෝන් ඩැනියෙල් 52, යෙසිත් රූපසිංහ 28, චනුල් අතුකෝරල 3/39, දිනෙත් සමරවීර 3/40

නාලන්දා විද්‍යාලය; සියලුම දෙනා දැවී 167 (42.1) රවීන් ද සිල්වා 47, විනුක නානායක්කාර 21, නදිල් ජයකොඩි 21, ශෙනුක ද සිල්වා 2/09, යෙසිත් රූපසිංහ 2/24, මිතිර තෙනුර 2/32, දුනිත් වෙල්ලාලගේ 2/35

නැවත උපන් ආදරය

ඔහු වසරකට පසු ටෙස්ට් පිටියට පිවිසෙන විට එංගලන්ත ප්‍රේක්ෂකයන් වැලි කඩදාසි වනමින් ඔහුට උසුළු විසුළු කළේය

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය (Group U)

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 185ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සත්කාරක මහනුවර ක්‍රීඩකයෝ සමත් වූහ. 

කාසියේ වාසිය දිනා ගත් සත්කාරක අන්තෝනුවෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස කඩුලු 9ක් දැවී ලකුණු 331ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් සංචාරක අන්තෝනුවන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 146ක් පමණි. 

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය; කඩුලු 9ක් දැවී 331 (50) කවිඳු ෂෙහාන් 85, අසිත වන්නිනායක 68, ගිහාන් ඊබට් 57, දමිත බණ්ඩාර 37, චමිඳු කුශාන් 37, පැතුම් විහඟ 3/33, රන්පත් ගමගේ 3/64

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය; සියලුම දෙනා දැවී 146 (41) නිරෝෂන් ප්‍රනාන්දු 29, ගිහාන් සස්මිත 26, හිරුෂාන් දසනායක 24, අසිත වන්නිනායක 3/20, නිම්නක ජයතිලක 3/30, ගිහාන් ඊබට් 2/27 

ඉන්දියාව ශාස්ත්‍රිව කණ්ඩායෙමන් අයින් කරයි ද?

නිමාව දුටු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ වටය දක්වා ඉතා හොඳින් තරඟ වැදි ප්‍රබල…

කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය (Group V)

කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට මහානාම විද්‍යාලය සමත් විය.  

කාසියේ වාසිය දිනාගත් ලුම්බිණි ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 127ක් පමණි. ඊට පිළිතුරු ලෙසින් මහානාම ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 132ක් ලබා ගත්හ.

Photos: Mahanama College vs Lumbini College – U17 Cricket Tournament 2019 | 2nd Round

මහානාම විද්‍යාලයේ නායක පවන් රත්නායක මෙම තරගයේ දී තමන් මුහුණ දුන් 50 වෙනි පන්දුවේ දී අර්ධ ශතකය රැස් කළ අතර ඔහු තරගය ජයග්‍රහණයෙන් යුක්තව නිමා කරන විට හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 74ක් ලබා සිටියේය. දකුණතින් දඟපන්දු යැවූ පවන් ලකුණු 21කට කඩුලු 3ක් දවා ගනිමින් පන්දු යැවීමේ දී ද දක්ෂතා දැක්විය.

ලුම්බිණි විද්‍යාලය; සියලුම දෙනා දැවී 127 (45.1) නෙතුල් රාජපක්ෂ 25, පවන් රත්නායක 3/21, සෙතුම් කෙනුල 2/22, අචින්ත සුපුන් 2/25

මහානාම විද්‍යාලය; කඩුලු 5ක් දැවී 132 (26.2) පවන් රත්නායක නොදැවී 74, බවන්ත හිමාල් 2/21, තෂික නිර්මාල් 2/15

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<