ඩී. එස්. සහ ත්‍රිත්ව ක්‍රීඩකයෝ තවත් ඉදිරියට

208

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ සිංගර් කුසලාන පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගැනීමට කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අද (27) සමත් විය. 

තර්ස්ටන් ක්‍රීඩකයෝ සෙබා හමුවේ පරාජයට

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ සිංගර්…

මෙම තරගවල දී ජයග්‍රාහී ඩී. එස්. සේනානායක විද්‍යාලය වෙනුවෙන් මනින්ද්‍ර ජයතිලක, තිවිරු ගුණවර්ධන සහ පුමුදිත පෙරේරා අර්ධ ශතක ලබා ගනිමින් කැපී පෙනෙන ඉනිම් ක්‍රීඩා කළ අතර පසිඳු දෙනිපිටිය පන්දු යැවීමෙන් දක්ෂතා දැක්විය. 

පැවති අනෙක් තරගයේ ජයග්‍රාහකයන් වූ ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් රනුද සෝමරත්න අර්ධ ශතකයක් ලබා ගනිමින් දක්ෂතා දැක්වූ අතර ප්‍රතිවාදී පරාජිත කණ්ඩායමේ නවෝද් පරණවිතාන පන්දු යැවීමේ දී දක්ෂතා දැක්විය. 

මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය සහ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය  

මහනුවර පල්ලෙකැලේ බන්ධනාගාර ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයෙන් ලකුණු 93ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඩී. එස්. සේනානායක විද්‍යාලය සමත් විය. 

කාසියේ වාසිය දිනූ සාන්ත සිල්වෙස්තර නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සංචාරක ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 242ක් ලබා ගත්හ. 

එහි දී නායක මනීන්ද්‍ර ජයතිලක පන්දු 72කට මුහුණ දෙමින් ලකුණු 73ක් ලබා ගත් අතර ඔහුට මනා සහයෝගයක් ලබා දුන් දකුණත් පිතිකරු තිවිරු ගුණවර්ධන පන්දු 56කට මුහුණ දෙමින් ලකුණු 61ක් ලබා ගත්තේය. ඊට අමතරව උපනායක පුමුදිත පෙරේරා ද පන්දු 66ක දී ලකුණු 61ක් ලබා ගත්තේය. 

කඩුලු ලබා ගැනීමේ දී චරිත රාජගුරු, සත්සර ගමගේ සහ පසිඳු ජයකොඩි කඩුලු 2 බැගින් ලබා ගත්හ. 

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සත්කාරක සාන්ත සිල්වෙස්තර ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 149ක් පමණි. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ පසිඳු ජයකොඩි ය. ඔහු ලකුණු 27ක් ලබා ගත්තේය. එම ඉනිම සීමා කිරීමේ දී පසිඳු දෙනිපිටිය ලකුණු 23කට කඩුලු 3ක් දවා ගනිමින් හොඳම පන්දු යැවීම වාර්තා කළේය. 

ඩී. එස්. සේනානායක විද්‍යාලය; කඩුලු 9ක් දැවී 242 (47) මනීන්ද්‍ර ජයතිලක 73, තිවිරු ගුණවර්ධන 62, පුමුදිත පෙරේරා 61,  චරිත් රාජගුරු 2/25, සත්සර ගමගේ 2/21, පසිඳු ජයකොඩි 2/15

සාන්ත සිල්වෙස්තර විද්‍යාලය; සියලුම දෙනා දැවී 149 (36.4) චරිත් රාජගුරු 21, පසිඳු කොරලගෙදර 27, පසිඳු ජයකොඩි 27, බිනුර ලොකුපිටිය 2/12, පසිඳු දෙනිපිටිය 3/23

ඩොනල්ඩ් ඩක්ට උපත දුන් බ්‍රැඩ්මන්

ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් යනු එතෙක් මෙතෙක් ක්‍රිකට් ක්‍රීඩාවට බිහි වූ හොඳම පිතිකරුවා බවට සැකයක්…

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර තරගය 

මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 30ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සත්කාරක ත්‍රිත්ව විද්‍යාලය සමත් විය. 

කාසියේ වාසිය දිනා ගත් ත්‍රිත්ව විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් පිටියට පිවිසෙමින් සියලුම ක්‍රීඩකයෝ දැවී ලකුණු 160ක් ලබා ගත්හ. එම ඉනිම වෙනුවෙන් රනුද සෝමරත්න නොදැවී ලකුණු 57ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. ඔහු පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් තම ඉනිමට එක් කළේය. 

ඊට අමතරව නායක අභිෂේක් ආනන්දකුමාර 37කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 24ක් ද, උමයිර් රයිසාන් පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 29ක් ද ලබා ගත්හ. 

කඩුලු ලබා ගැනීමේ දී වමතින් දඟපන්දු යැවූ නවෝද් පරණවිතාන ලකුණු 29කට කඩුලු 4ක් ලබා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර චේතිය ගුණසේකර ද කඩුලු 3ක් දවා ගත්තේය. 

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සංචාරක මහින්ද ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 130ක් පමණි. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ වමත් පිතිකරු කවිඳු ලක්ෂාන් ය. ඔහු පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තේය. 

කඩුලු ලබා ගැනීමේ දී මතීෂ පතිරණ, රනුද සෝමරත්න සහ පසන් ගනේගොඩ කඩුලු ද්විත්වය බැගින් බෙදා ගත්හ. 

ත්‍රිත්ව විද්‍යාලය සියලුම දෙනා දැවී 160 (39.3) අභිෂේක් ආනන්දකුමාර 24, උමයිර් රයිසාන් 29, රනුද සෝමරත්න 57, නවෝද් පරණවිතාන 4/29, චේතිය ගුණසේකර 3/30

මහින්ද විද්‍යාලය; සියලුම දෙනා දැවී 130 (38.2) භානුක සම්පත් 23, කවිඳු ලක්ෂාන් 34, මතීෂ පතිරණ 2/16, රනුද සෝමරත්න 2/19, පසන් ගනේගොඩ 2/13

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<