තර්ස්ටන් ක්‍රීඩකයෝ සෙබා හමුවේ පරාජයට

175

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ සිංගර් කුසලාන පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව නියෝජනය කිරීමට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම් බවට පත් වීමට මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සමත් විය. 

අගනුවර කණ්ඩායම් ආධිපත්‍ය පතුරවයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ සිංගර් කුසලාන පළමු කොටසේ ක්‍රිකට්….

තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරග ආරම්භ කරමින් අද (25) මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය පිටියේ දී පැවති සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර තරගයේ දී සාන්ත සෙබස්තියන් විද්‍යාලය කඩුලු 6ක පහසු ජයග්‍රහණයක් ලබා ගනිමින් මෙම අවස්ථාව උදාකර ගත්තේය. 

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගය වර්ෂාව හේතුවෙන් පන්දුවාර 22ක තරගයක් සේ ආරම්භ වූයේ පස්වරු 2.45ට ය. කාසියේ වාසිය දිනා ගත් සෙබස්තියන් නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි තර්ස්ටන් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 43ක් පමණි. 

එම ඉනිම වරෙක කියැවුණේ කඩුලු 7කට ලකුණු 20ක් ලෙසිනි. එම අවස්ථාවේ දී 8 වැනි කඩුල්ලට එක් වූ ඉසිර මතීෂ සහ නිපුන් ප්‍රේමරත්න (5) ලකුණු 19ක සබඳතාවක් ගොඩ නැගූහ. එය ඉනිමේ හොඳම කඩුලු අතර ලකුණු සබඳතාව වූ අතර ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ඉසිර මතීෂ ය. ඔහු ලකුණු 17ක් ලබා ගත්තේය.

ග්‍රෑන්ඩ්හෝම් ඇතුළු නවසීලන්ත පිතිකරුවෝ ශ්‍රී ලංකාව අසරණ කරති

විටින් විට ඇදහැලෙන වර්ෂාවට ද කාලය වැය කරමින් පැවැත්වෙන ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ…..

එම ඉනිම විනාශ කිරීමේ දී දකුණතින් පා දඟ පන්දු යැවූ කළණ සන්දීප ලකුණු 11කට කඩුලු 3ක් ද, දකුණතින් වේගපන්දු යැවූ හිරුමාල් පෙරේරා ලකුණු 12කට කඩුලු 2ක් ද සහ වමතින් පා දඟපන්දු යැවූ සඳුන් ප්‍රනාන්දු ලකුණු 13කට කඩුලු 2ක් ද දවා ගත්හ. 

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සත්කාරක ක්‍රීඩකයෝ 14 වැනි පන්දුවාරයේ දී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගත්හ. ඒ වෙනුවෙන් කඩුලු 4ක් වැය වූ අතර එම කඩුලු ප්‍රමාණයෙන් කඩුලු 3ක් දවා ගැනීමට දකුණතින් පා දඟපන්දු යැවූ හිමාෂ් නිශාම් ලකුණු 8කට කඩුලු 3ක් දවා ගත්තේය. 

තර්ස්ටන් විද්‍යාලය; සියලුම දෙනා දැවී 43 (20.2) ඉසිර මතීෂ 17, කළණ සංදීප 3/11, හිරුමාල් පෙරේරා 2/12, සඳුන් ප්‍රනාන්දු 2/13

සාන්ත සෙබස්තියන් විද්‍යාලය; කඩුලු 4ක් දැවී 46 (14) සවිඳු රොද්‍රිගෝ 20, සුඛිත ප්‍රසන්න 12, හිමාෂ නිශාම් 3/08

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<