අගනුවර කණ්ඩායම් ආධිපත්‍ය පතුරවයි

522

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ සිංගර් කුසලාන පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ පෙර අර්ධ අවසන් වටය සඳහා සුදුසුකම් ලැබූ කණ්ඩායම් 16 ප්‍රකාශයට පත් කර ඇත. 

විනුජ සහ සිහින ප්‍රතිවාදින් සසල කරයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ සිංගර් කුසලාන පළමු කොටසේ දෙවැනි….

කණ්ඩායම් 32ක් අතර කාණ්ඩ 8ක් යටතේ පැවති දෙවැනි වටයේ තරගවලින් අනතුරුව එක් එක් කාණ්ඩයෙන් ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථාන දිනා ගත් කණ්ඩායම් පෙර අර්ධ අවසන් පූර්ව වටය සඳහා තෝරා ගන්නා ලදි.  

මෙම කණ්ඩායම් අතරට මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රධානතම පාසල් 3 වන ත්‍රිත්ව, සාන්ත සිල්වෙස්තර සහ සාන්ත අන්තෝනි විද්‍යාලය සුදුසුකම් ලබා ගැනීම කැපී පෙනෙන අතර පෙර වසරවල දී සේ ම මෙම වසරේදීත් අවසන් වටය නියෝජනය කිරීමේ දී වැඩි ඉඩ කඩක් ලබා ගැනීමට අගනුවර විද්‍යාලය සමත් විය. 

‘Q’ කාණ්ඩය – මෙම කාණ්ඩය යටතේ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය, ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය, කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය තරග වැදුණ අතර ඒ අතුරින් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පත් වූ වේල්ස් කුමාර විද්‍යාලය ද දෙවැනි ස්ථානය පත් වූ සාන්ත තෝමස් විද්‍යාලය ද අවසන් 16 දෙනා අතරට එක් වීමට සමත් විය.  

‘R’ කාණ්ඩය –  මෙම කාණ්ඩය නියෝජනය කරමින් බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය, රත්ගම දේවපතිරාජ විද්‍යාලය, මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය සහ කළුතර විද්‍යාලය තරග වැදුණ අතර ඒ අතුරින් පෙර අර්ධ අවසන් පූර්ව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්තේ මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය කළුතර විද්‍යාලයයි. 

‘S’ කාණ්ඩය –  කඳාන ද මැසිනෝද් විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ මීගමුව සාන්ත පීතර විද්‍යාලය මෙම කාණ්ඩය නියෝජනය කළ අතර එහි දී පළමු ස්ථානය ලබා ගත් කඳාන ද මැසිනෝද් විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය පෙර අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්තේය. 

‘T’ කාණ්ඩය – මෙම කාණ්ඩය නියෝජනය කරමින් කොළඹ ආනන්ද විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය, කැළණිය ගුරුකුල විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය තරග වැදුණ අතර එහි දී ඊළඟ වටයට සුදුසුකම් ලබා ගත්තේ රාජකීය විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලයයි. 

‘U’ කාණ්ඩය –  කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය, මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය, වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සහ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලයන්ගෙන් සමන්විත වූ මෙම කාණ්ඩයෙන් පෙරමුණ ගනිමින් පෙර අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ සාන්ත අන්තෝනි විද්‍යාලය සමත් විය. 

‘V’ කාණ්ඩය – මෙම කාණ්ඩය නියෝජනය කරමින් කොළඹ ලුම්බිණි විද්‍යාලය, කොළඹ මහානාම විද්‍යාලය, වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාල තරග වැදුණ අතර එහි දී අපරාජිතව ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැන ගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ද දෙවැනි තැන ලබා ගත් මහානාම විද්‍යාලය ද අවසන් කණ්ඩායම 16 නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්තේය.

‘W’ කාණ්ඩය – කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය තරග වැදුණ මෙම කාණ්ඩයෙන් පෙර  අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්තේ සාන්ත තෝමස් විද්‍යාලය සහ ඩී. එස්. සේනානායක විද්‍යාලයන්ය. 

‘X’ කාණ්ඩය – මෙම කාණ්ඩය යටතේ කොළඹ සාන්ත ජෝශප් විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය තරග වැදුණ අතර එහි දී නාලන්දා විද්‍යාලය සහ සාන්ත ජෝශප් විද්‍යාලය තරගාවලියේ අවසන් 16 දෙනා අතර තේරී පත් විය. 

ඒ අනුව තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලැබූ කණ්ඩායම් මෙසේය;

වේල්ස් කුමාර විද්‍යාලය (මොරටුව), සාන්ත තෝමස් විද්‍යාලය (මාතර), සාන්ත සිල්වෙස්තර විද්‍යාලය (මහනුවර), කළුතර විද්‍යාලය (කළුතර), ද මැසනෝද් විද්‍යාලය (කඳාන), මහින්ද විද්‍යාලය (ගාල්ල), රාජකීය විද්‍යාලය (කොළඹ), තර්ස්ටන් විද්‍යාලය (කොළඹ), සාන්ත සෙබස්තියන් විද්‍යාලය (මොරටුව), සාන්ත අන්තෝනි විද්‍යාලය (කටුගස්තොට), ත්‍රිත්ව විද්‍යාලය (මහනුවර), මහානාම විද්‍යාලය (කොළඹ), සාන්ත තෝමස් විද්‍යාලය (ගල්කිස්ස), ඩී. එස්. සේනානායක විද්‍යාලය (කොළඹ), සාන්ත ජෝසප් විද්‍යාලය (කොළඹ), නාලන්දා විද්‍යාලය (කොළඹ)  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<