විනුජ සහ සිහින ප්‍රතිවාදින් සසල කරයි

165

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ සිංගර් කුසලාන පළමු කොටසේ දෙවැනි වටයේ අද (21) නිමා වූ තරගවල දී වේගපන්දු යවන්නන්ගේ දක්ෂතා ඉස්මතු වීම කැපී පෙණුණි. 

ඒ අතරින් මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ විනුජ රාන්පෝල් සහ කඳාන ද මැසිනෝද් විද්‍යාලයේ සිහින සිතිමිණ වැඩි දක්ෂතා දැක්වූහ. 

නිපුණ ලුම්බිණි ක්‍රීඩකයෝ අමාරුවේ දමයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු…

මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය සහ ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය (Group Q) 

හොරණ ශ්‍රීපාලි විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට වේල්ස් කුමාර විද්‍යාලය සමත් විය. 

කාසියේ වාසිය දිනා ගත් සංචාරක විද්‍යාලෝක විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි විද්‍යාලෝක ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 110ක් පමණි. එම ඉනිම අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කිරීමේ දී දකුණතින් මද වේගපන්දු යවන උප නායක විනුජ රාන්පෝල් ලකුණු 18කට කඩුලු 4ක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි වේල්ස් කුමරුවෝ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 113ක් ලබා ගත්හ. ඒ තවත් පන්දුවාර 32ක්  ඉතිරිව තිබිය දී ය. 

විද්‍යාලෝක විද්‍යාලය; සියලුම දෙනා දැවී 110 (47.5) එල්. ආර්. චාමික 27, විනුජ රාන්පෝල් 4/18, සසිඳු පැතුම් 3/21, ආදිත හිමාෂ 2/14

වේල්ස් කුමාර විද්‍යාලය; කඩුලු 3ක් දැවී 113 (17.1) තරිඳු අමරසිංහ 39, ඔමේශ් මෙන්ඩිස් 29

ශ්‍රී ලංකාව 2009න් පසු කිවියන්ට එරෙහිව ටෙස්ට් තරගාවලි ජයකට

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග…

කඳාන ද මැසිනෝද් විද්‍යාලය සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය (Group S)

කඳානේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සත්කාරක ද මැසිනෝද් විද්‍යාලය සමත් විය. 

පැවති අයහපත් කාලගුණ තත්ත්වය සහ ක්‍රීඩාංගණ තත්ත්වය හේතුවෙන් මෙම තරගය පන්දුවාර 28ක් ලෙසින් ක්‍රියාත්මක විය. කාසියේ වාසිය දිනා ගත් ධර්මාශෝක විද්‍යාලයීය නායකයා පළමුවෙන් පන්දුවට දීමේ තීරණයට පිවිසෙමින් පිටියට පිවිස සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලබා ගත්තේ ලකුණු 62ක් පමණි. ඊට පිළිතුරු ලෙසින් ද මැසිනෝද් ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 63ක් ලබා ගත්හ.

ධර්මාශෝක ඉනිම අඩු ලකුණු ප්‍රමණයකට සිමා කිරීමේ දී දකුණතින් මද වේගපන්දු යැවූ සිහින සිතුමිණ ලකුණු 22කට කඩුලු 4ක් දවා ගත්තේය. 

ධර්මාශෝක විද්‍යාලය; සියලුම දෙනා දැවී 62 (18.1) මනීෂ රශ්මික 19, සිහින සිතුමිණ 4/22, ප්‍රමෝද් රාජමුනින්ද්‍ර 2/11, චානුක සිල්වා 2/19

ද මැසිනෝද් විද්‍යාලය; කඩුලු 6ක් දැවී 63 (18.1) රුවින් ෆොන්සේකා 25, ශෝන් ප්‍රනාන්දු 21, හසිඳු දිනුජය 3/15, නවීන් රසංග 2/22

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<