සවිඳු සහ කළණ සාන්ත අන්තෝනුවන් අමාරුවේ දමයි

359

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය අතර ඊයේ (18) නිමා වූ වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ දෙවැනි වටයේ තරගයේ දී ජයග්‍රාහී සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් දක්ෂතා දැක්වීම සවිඳු රොද්‍රිගෝ සහ කළණ පෙරේරා සමත් වූහ.

රශාන් නාලන්දා ජයග්‍රහණයේ නියමුවා වෙයි

කොළඹ නාලන්දා විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය අතර අද (17) කොළඹ වෙස්ලි විද්‍යාලයීය…

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ දෙවැනි වටයේ U කාණ්ඩය යටතේ පැවති මෙම තරගය මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය පිටියේ දී පැවැත්විය. 

කාසියේ වාසිය දිනා ගත් සාන්ත සෙබස්තියන් නායකයා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් පළමුවෙන් පන්දුවට පහරදීම තෝරා ගනිමින් පිටියට පිවිසෙමින් සියලුම දෙනා දැවී ලකුණු 191ක් ලබා ගත්තේය. එම ඉනිම වෙනුවෙන් දකුණතින් පන්දුවට පහර දුන් සවිඳු රොද්‍රිගෝ අර්ධ ශතකයක් ලබා ගනිමින් දක්ෂතා දැක්විය. 

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි සංචාරක සාන්ත අන්තෝනි විද්‍යාලය සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 166ක් පමණි. එම ඉනිම ප්‍රතිවාදී ලකුණු ප්‍රමාණයට අඩුවෙන් සීමා කිරීමේ දී උපනායක කළණ සංදීප වමතින් දඟ පන්දු යවමින් ලකුණු 35කට කඩුලු 4ක් දවා ගත්තේය. 

සාන්ත සෙබස්තියන් විද්‍යාලය; සියලුම දෙනා දැවී 191 (49.3) සවිඳු රොද්‍රිගෝ 54, යශාන් අවිශ්ක 31, අසිත වන්නිනායක 2/28, දම්සර අමරසේන 2/41, ගිහාන් ඊබට් 2/47

සාන්ත අන්තෝනි විද්‍යාලය; සියලුම දෙනා දැවී 166 (44.1) චමිඳු වික්‍රමසිංහ 36, චන්දිමාල් හේරත් 35, යුගේෂ් රාමයියා 25, කළණ සංදීප 4/35, සඳුන් ප්‍රනාන්දු 3/31, හිරුමාල් පෙරේරා 2/26

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<