නිදුක් සහ දුල්මිණ රිච්මන්ඩ්වරුන්ට හිසරදයක් වෙයි

675

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ සිංගර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (24) පැවති තරගයක දී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය පරාජය කිරීමට ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය සමත් විය. 

මෙම තරගයේ දී සාන්ත ඇලෝසියස් විද්‍යාලයේ නිදුක් අභිෂේක් සහ දුල්මිණ විජේනායක දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් රිච්මන්ඩ් විද්‍යාලයීය පිතිකරුවෝ අසරණ කළහ.

ඉසුරු අයේෂ් ගල්කිස්ස තෝමසුවන් මෙල්ල කරයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර්…

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය (Group E)

රත්ගම මහජන ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් පැරබෝලා ක්‍රමය අනුව කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත ඇලෝසියස් විද්‍යාලය සමත් විය. 

කාසියේ වාසිය දිනා ගත් රිච්මන්ඩ් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ ද ඔවුන් තම ඉනිමට ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 105ක් පමණි. ඊට පිළිතුරු ඉනිමේ වට වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 34කට සීමා වූ අතර ඉලක්කය වූයේ ලකුණු 87කි. එය කඩුලු 7ක් පමණක් දැවී පසුකර යෑමට සාන්ත ඇලෝසියස් ක්‍රීඩකයෝ සමත් වූහ.

රිච්මන්ඩ් විද්‍යාලය; සියලුම දෙනා දැවී 105 (38.1) භානුක මනෝහර 25, ප්‍රවීන් තඹවිට 23, නිදුක් අභිෂේක් 3/07, දුල්මිණ විජේනායක 3/34, මිතුන් නිශාක 2/22

සාන්ත ඇලෝසියස් විද්‍යාලය; කඩුලු 7ක් දැවී 87 (29.2) නවිඳු ප්‍රනාන්දු 35, මිතුන් නිශාක නොදැවී 20, චමත් දිල්සර 2/20, කවිඳු නිර්මාණ 2/27 

කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය සහ කැළණිය ගුරුකුල විද්‍යාලය (Group J)

කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 82ක ජයග්‍රහණයක් ලබා ගැනීමට තිස්ස ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ ගුරුකුල ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි තිස්ස ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 237ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙස ගුරුකුල ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 145ක් පමණි.

තිස්ස මධ්‍ය මහා විද්‍යාලය; කඩුලු 8ක් දැවී 237 (49) රන්දුල දසුන් 72, තමල් සාරංග 50, නිකිල් ශෂ්මික 28, ටශ්මින්ත උදේශ් 3/26, තරුෂ මධුශාන් 2/40

ගුරුකුල විද්‍යාලය; සියලුම දෙනා දැවී 145 (34.2) සිතිජ චමෝද් 74, චමල් සාරංග 3/18, පැතුම් හර්ෂාන් 2/33

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය (Group D)

කොළඹ ඩී. එස්. පිටියේ දී (23) නිමා වූ මෙම තරගයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වූහ.

එම තරගයේ දී ඩී. එස්. විද්‍යාලය වෙනුවෙන් දකුණතින් පිට දඟපන්දු යැවූ මනින්ද්‍ර ජයතිලක ලකුණු 18කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූ අතර පන්දුවට පහර දීමේ දී අමිත දාබරේ පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 59ක් ලබා ගත්තේය. 

ශ්‍රී සුමංගල විද්‍යාලය; සියලුම දෙනා දැවී 119 (32) ගයාෂ ගිම්හාන් 20, දෙනෙත් සිල්වා 22, මනින්ද්‍ර ජයතිලක 5/18, විනුක ද සිල්වා 2/09, විශ්ව ජයසිංහ 2/14

ඩී. එස්. සේනානායක විද්‍යාලය; කඩුලු 3ක් දැවී 120 (26.2) අමිත දාබරේ 59, පමුදිත පෙරේරා 33, හේෂාන් උමින්ද 2/29

මාතලේ සාන්ත තෝමස් විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය (Group L)

මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයීය පිටියේ දී (23) නිමා වූ මෙම තරගයෙන් කඩුලු 9ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ත්‍රිත්ව විද්‍යාලය සමත් විය. 

එම තරගයේ දී ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් අර්ධ ශතක දෙකක් වාර්තා වීම කැපී පෙණුනි. 

සාන්ත තෝමස් විද්‍යාලය; සියලුම දෙනා දැවී 124 (41.5) තිසුම් සුබසිංහ 59, තීරක රණතුංග 2/13, උමයිර් රිසාන් 2/17, මතීෂ පතිරණ 2/24

ත්‍රිත්ව විද්‍යාලය; කඩුල්ලක් දැවී 125 (13.2) අක්රම් මුතාලිප් නොදැවී 59, අභිශේක් ආනන්දකුමාර් නොදැවී 58

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<