මහානාම සහ සාන්ත සෙබස්තියන් අවසන් සටනට

140

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ සිංගර් කුසලාන පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට කොළඹ මහානාම විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අද (08) සමත් විය. 

කවිඳු, ජොහෑන්, සඳුන් සහ කෞෂිතගෙන් අර්ධ ශතක

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය …..

මහානාම විද්‍යාලය, කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය පරාජය කරමින් ද සාන්ත සෙබස්තියන් විද්‍යාලය, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය පරාජය කරමින් ද මේ අවස්ථාව දිනා ගත්හ.

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය

මත්තේගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය වර්ෂාව හේතුවෙන් පන්දුවාර 21කට සීමා වූ අතර මහානාම විද්‍යාලයට කඩුලු 5ක ජයග්‍රහණයක් හිමි විය. 

තරගය කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබුණ ද වර්ෂාව සහ පිටියේ තත්ත්වය සැලකිල්ලට ගත් සංවිධායකයෝ තරගය මත්තේගොඩට ගෙන ගියහ.  

කාසියේ වාසිය දිනා ගත් මහානාම විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීමට ප්‍රතිවාදී ඩී. එස්. සේනානායක විද්‍යාලයට ආරාධනා කළේය. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් අර්ධ ශතක දෙකක් සමගින් කඩුලු 5ක් දැවී ලකුණු 141ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් මහානාම විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 142ක් ලබා ගත්තේය. ඒ තවත් පන්දු 14ක් ඉතිරිව තිබිය දී ය. 

ඩී. එස්. සේනානායක ඉනිම වෙනුවෙන් අමිත දාබරේ ලකුණු 72ක් ද පුමුදිත පෙරේරා ලකුණු 58ක් ද ලබා ගත්හ. පිළිතුරු ඉනිමේ දී නායක පවන් රත්නායක පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 52ක් ලබා ගනිමින් ජයග්‍රාහී ඉනිමේ කැපී පෙණෙන ක්‍රීඩකයා බවට පත් විය. 

ඩී. එස්. සේනානායක විද්‍යාලය; කඩුලු 5ක් දැවී 141 (21) අමිත දාබරේ 72,  පුමුදිත පෙරේරා නොදැවී 58, සිතුම් කෙනුල 2/14

මහානාම විද්‍යාලය; කඩුලු 5ක් දැවී 142 (18.4) පවන් රත්නායක 52, සචිර වැලිවත්ත 24, සදිශාන් චමෝද්‍ය 23, විනුක රූබසිංහ 19, මනීන්ද්‍ර ජයතිලක 2/23, සනිරු අබේසේකර 2/30

මෙම තරගය පසුගිය ඉරිදා (06) ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය පිටියේ දී පැවති අතර එය වර්ෂාව හේතුවෙන් අතහැර දමන ලදි. ඒ වෙද්දී කාසියේ වාසිය දිනා ගත් මහානාම විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 135ක් ලබා සිටි අතර තරගය නතර කරන විට මහානාම ක්‍රීඩකයෝ කිසිවෙක් නොදැවී ලකුණු 3ක් පමණක් ලබා සිටිය හ.

සිංහයින්ගේ සුපිරි ජයග්‍රහණයෙන් බුකිය කැලඹේ!

පාකිස්තානය සමඟින් පැවති දෙවන විස්සයි විස්ස තරගය ද ……….

සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ සාන්ත තෝමස් විද්‍යාලය

කොළඹ බී. ආර්. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 31ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත සෙබස්තියන් විද්‍යාලය සමත් විය.

කාසියේ වාසිය දිනා ගත් සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සතු කර ගනිමින් පිටියට පිවිසෙමින් සියලුම දෙනා දැවී ලකුණු 119ක් ලබා ගත්තේය. එම ඉනිම වෙනුවෙන් සඳුන් ප්‍රනාන්දු ලකුණු 32ක් ලබා ගනිද්දී අනුක් පලිහවඩන ලකුණු 14කට කඩුලු 3ක් දවා ගත්තේය. 

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සාන්ත තෝමස් විද්‍යාලයීය ඉනිම ලකුණු 80කට සීමා කිරීමට සාන්ත සෙබස්තියන් පන්දු යවන්නෝ සමත් වූහ. එහි දී වමතින් දඟපන්දු යැවූ සඳුන් ප්‍රනාන්දු ලකුණු 10කට කඩුලු 3ක් දවා ගනිමින් තරගයේ කැපී පෙණෙන ක්‍රීඩකයා බවට පත් විය. ඔහුට අමතර ව කළණ සංදීප කඩුලු 2ක් දවා ගත්තේය. 

සාන්ත සෙබස්තියන් විද්‍යාලය; සියලුම දෙනා දැවී 119 (47.5) සඳුන් ප්‍රනාන්දු 32, අනුක් පළිහවඩන 3/14, අග්නාත් ජනිත් 2/18

සාන්ත තෝමස් විද්‍යාලය; සියලුම දෙනා දැවී 88 (40) අනුක් පලිහවඩන 21, සඳුන් ප්‍රනාන්දු 3/10, කළණ සංදීප 2/14

තරගාවලියේ අවසන් මහා තරගය මේ මස 10 වැනිදා පැවැත්වීමට නියමිත ය.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<