බිසඳු සහ ප්‍රශාන් රාජකීය ජයක් ලබා ගැනීමට හවුල්වේ

397

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ දෙවැනි වටයේ අද (16) නිමා වූ තරග අතරින් සුපිරි දක්ෂතා දැක්වීමට කොළඹ රාජකීය විද්‍යාලයේ බිසඳු සන්දීව් සහ ප්‍රශාන් කල්හාර සමත් වූහ.

ඩිනාල් සහ දුනිත් පාසල් ක්‍රිකට් පිටිය උණුසුම් කරයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු…

කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය (Group T)

කොළඹ තර්ස්ටන් පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට රාජකීය විද්‍යාලය සමත් විය. 

කාසියේ වාසිය දිනූ තර්ස්ටන් විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස කඩුලු 8ක් දැවී ලකුණු 188ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් රාජකීය විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 194ක් ලබා ගත්තේය. 

තර්ස්ටන් ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු විහඟ ජයමාන්න ලකුණු 58ක් ලබා ගනිද්දී එම ඉනිමේ කඩුලු 4ක් ලකුණු 38කට දවා ගැනීමට ගිශාන් බාලසූරිය සමත් විය. 

ජයග්‍රාහී රාජකීය ඉනිම වෙනුවෙන් බිසඳු සන්දිව් සහ ප්‍රශාන් කල්හාර සිල්වා අර්ධ ශතක වාර්තා කළහ. එහි දී වමත් පිතිකරු ප්‍රශාන් කල්හාර පන්දු 104කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 50ක් ලබා ගත්තේය. බිසඳු සන්දිව්ගේ නොදැවී වාර්තා කළ ලකුණු 66 ඉනිම පන්දු 44කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් ඇතුළත් විය. ඔවුන් දෙදෙනා අතර 6 වැනි කඩුල්ලට නොබිඳුණු සබඳතාව ලකුණු 94කි. 

තර්ස්ටන් විද්‍යාලය; කඩුලු 8ක් දැවී 188 (50) විහඟ ජයනාම 58, ඉසිර මතීෂ නොදැවී 28, රනේෂ් සිල්වා 27, ගිෂාන් බාලසූරිය 4/38, සදීශ රාජපක්ෂ 2/14, කවිඳු පතිරත්න 2/28

රාජකීය විද්‍යාලය; කඩුලු 5ක් දැවී 194 (44.5) බිසඳු සන්දිව් නොදැවී 66, ප්‍රශාන් කල්හාර සිල්වා නොදැවී 50, දසිස් මංචනායක 38, නිපුන් කාංචන 2/23, බවන්ත ජයසිංහ 2/49

සිව්වැනි ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ඉලක්කයක් ලැබෙන ලකුණු

ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පසුගිය 14 වැනිදා ආරම්භ වූ ශ්‍රී ලංකා හා නවසීලන්තය පළමු ටෙස්ට්…

මීගමුව සාන්ත පීතර විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය (Group S)

ගොඩිගමුවේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 36ක ජයග්‍රහණයක් ලබා ගැනීමට මහින්ද විද්‍යාලය සමත් විය. 

කාසියේ වාසිය දිනා ගත් සත්කාරක සාන්ත පීතර විද්‍යාලයීය නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මහින්ද විද්‍යාලය සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 155ක් පමණි. එම ඉනිම අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කිරීමේ දී ලසිත් නිසලංක ලකුණු 06කට කඩුලු 5ක් දවා ගත්තේය. 

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සාන්ත පීතර ක්‍රීඩකයන්ගේ ඉනිම ලකුණු 119කට සීමා කිරීමට සංචාරක මහින්ද විද්‍යාලයීය පන්දු යවන්නෝ සමත් වූහ. එහි දී කවිඳු ලක්ෂාන් ලකුණු 5කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතරව සිතිල හේලිත කඩුලු 3ක් ද ඉෂාන් චාරුක කඩුලු 2ක් ද දවා ගත්හ.

මහින්ද විද්‍යාලය; සියලුම දෙනා දැවී 155 (36.5) සදෙව් ඉඳුවර 33, කෝසල උදයංග 28, නවෝද් පරණවිතාන 27, ශාක්‍ය සම්පත් 21, ලසිත් නිසලංක 5/06, ප්‍රමෝද් කවිඳු 2/33

සාන්ත පීතර විද්‍යාලය; සියලුම දෙනා දැවී 119 (38.4) බ්‍රයන් ජුලියන් 39, ප්‍රමෝද් කවිඳු 35, කවිඳු ලක්ෂාන් 3/05, සිතිල හේලිත 3/16, ඉෂාන් චාරුක 2/22

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<