ඩිනාල් සහ දුනිත් පාසල් ක්‍රිකට් පිටිය උණුසුම් කරයි

230

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ තරගාවලියේ දෙවැනි වටයේ අද (15) නිමා වූ තරග අතරින් සුපිරි දක්ෂතා දැක්වීමට කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයීය නායක ඩිනාල් අනුරාධ සහ උපනායක දුනිත් වෙල්ලාලගේ සමත් වීම කැපී පෙනුනි.

යසිරුගෙන් තුන් ඉරියව් දක්ෂතා

යසිරු රොද්‍රිගෝගේ තුන් ඉරියව් දක්ෂතා උපයෝගී කර ගත් ගල්කිස්ස සාන්ත තෝමසුවෝ අද (13) ගල්කිස්සේ දී නිමා වූ කොළඹ ඩී. එස්. සේනානායක….

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය (Group X) 

කොළඹ දී පැවති මෙම තරගයෙන් ලකුණු 120 ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත ජෝසප් විද්‍යාලය සමත් විය. 

කාසියේ වාසිය දිනා ගත් සාන්ත ජෝසප් ක්‍රීඩකයන් පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 7ක් දැවී ලකුණු 225ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් සංචාරක ධර්මරාජ විද්‍යාලයට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 105ක් පමණි. 

Photos : St. Joseph’s College vs Dharmaraja College – U17 Cricket Tournament 2019 | 2nd Round

මෙම තරගයේ දී සත්කාරක සාන්ත ජෝසප් විද්‍යාල කණ්ඩායම වෙනුවෙන් දකුණතින් පිත්ත හැසිර වූ ඩිනාල් අනුරාධ නොදැවී ලකුණු 98ක් ලබා ගත්තේය. ඔහු තම ඉනිම වෙනුවෙන් පන්දු 152ක් වැය කළ අතර හතරේ පහර 11ක් ඊට ඇතුළත් විය. පන්දු යැවීමේ දී ද සාන්ත ජෝසප් විද්‍යාල කණ්ඩායම වෙනුවෙන් වමතින් දඟපන්දු යවන දුනිත් වෙල්ලාලේ ලකුණු 07කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය. ඊට අමතරව සාන්ත ජෝසප් විද්‍යාලයේ මිතිර තේනුර ද අර්ධ ශතකයක් වාර්තා කළේය. 

සාන්ත ජෝසප් විද්‍යාලය: කඩුලු 7ක් දැවී 225 (50) ඩිනාල් අනුරාධ නොදැවී 98, මිතිර තේනුර 59, අංජන දික්කුඹුර 2/35, තිශාන් හේරත් 2/42. 

ධර්මරාජ විද්‍යාලය: සියලු දෙනා දැවී 105 (34) චේතිය වීරකෝන් 46, දුනිත් වෙල්ලාලගේ 5/07, යෙසිත් රූපසිංහ 3/19.

ලක්මාල් හා දික්වැල්ල ශ්‍රී ලංකා බලාපොරොත්තු ඉහළ නංවයි

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඊයේ (14) ගාල්ල…

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය (Group W)

ගල්කිස්සේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 186ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සත්කාරක සාන්ත තෝමස් විද්‍යාලය සමත් විය. 

කාසියේ වාසිය දිනා ගත් සත්කාරක සාන්ත තෝමස් විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 7ක් දැවී ලකුණු 240ක් ලබා ගත්හ. එම ඉනිම වෙනුවෙන් අනීෂ් කමලචන්ද්‍ර පන්දු 120කින් ලකුණු 88ක් රැස් කිරීමට සමත් විය. ඊට අමතරව අගනාත් ජනීෂ් පන්දු 29කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 44ක් ලබා ගත්තේය. 

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි මලියදේව විද්‍යාල කණ්ඩායම ලකුණු 54කට සීමා කිරීමට සාන්ත තෝමස් ක්‍රීඩකයෝ සමත් වූහ. එහි දී සුපිරි පන්දු යැවීමක නිරත වූ වමතින් වේගපන්දු යවන ක්‍රීඩක යසිරු රොද්‍රිගෝ ලකුණු 20කට කඩුලු 7ක් දවා ගැනීමට සමත් වීම කැපී පෙනුනි.  

සාන්ත තෝමස් විද්‍යාලය: කඩුලු 7ක් දැවී 240 (50) අනීෂ් කමලචන්ද්‍ර 88, අගනාත් ජනීෂ් නොදැවී 44, ඉසුරු මඩවල 30, වී. පෙරේරා 26, මතීෂ වීරසිංහ 3/39, නිකිල ධර්මදාස 3/69. 

මලියදේව විද්‍යාලය: සියලු දෙනා දැවී 54 (14.2) කවීෂ සමරකෝන් 19, යසිරු රොද්‍රිගෝ 7/20, කැනිස්ටන් ගුණරත්නම් 2/25.

දිනාල් සහ මිතිර සාන්ත ජෝසප් දිනවයි

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයේ දිනාල් අනුරාධ සහ මිතිර තේනුරගේ කැපී පෙනෙන දක්ෂතා සමඟින් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය…

මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය සහ කළුතර විද්‍යාලය (Group R)

ගම්පොළ වික්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයීය පිටියේ දී ඊයේ (14) පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. වර්ෂාව හේතුවෙන් මෙම තරගය පන්දුවාර 4කට පමණක් සීමා විය. 

කාසියේ වාසිය දිනා ගත් කළුතර විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත සිල්වෙස්තර විද්‍යාලය තරගය නිමා කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 28ක් ලබා සිටියේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<