මහින්දයේ සිතිර තුන් ඉරියව්වෙන් වැඩ පෙන්වයි

279

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ සිංගර් කුසලාන පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයේ අද (5) පැවති තරගයක දී ගාල්ල මහින්ද විද්‍යාලයේ සිතිර හේලිත තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වමින් දවසේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත් විය. 

2019/20 වර්ෂ සඳහා 19න් පහළ ක්‍රිකට් සටනේ තරග වදින පාසල් තීන්දුයි

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සම්මේලනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට්…

ගාල්ල මහින්ද විද්‍යාලය සහ කඳාන ද මැසිනෝද් විද්‍යාලය (Group X)

ගාල්ල මහින්ද විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයෙන් ද මැසිනෝද් ක්‍රීඩකයෝ ලකුණු 26ක ජයග්‍රහණයක් ලබා ගත්හ. 

කාසියේ වාසිය දිනා ගත් ද මැසිනෝද් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් ලකුණු 248ක් ලබා ගත්හ. එම ඉනිම වෙනුවෙන් මිතුල් සෙනරත් පන්දු 95කට මුහුණ දෙමින් ලකුණු 73ක් ලබා ගත්තේය. කඩුලු ලබා ගැනීමේ දී සිතිර හේලිත සහ කුශාන් මධූශ කඩුලු 4 බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මහින්ද විද්‍යාලයීය ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 222කි. එම ඉනිම වෙනුවෙන් සිතිර හේලිත අර්ධ ශතයක් ලබා ගත් අතර පන්දු යැවීමේ දී ෂෝවන් කෞෂල්‍ය කඩුලු 4ක් දවා ගත්තේය. 

ද මැසිනෝද් විද්‍යාලය; සියලුම දෙනා දැවී 248 (49.5) ලෙස්ටර් ජයවීර 32, රුවින් ෆොන්සේකා 47, මිතුල් සෙනරත් 73, සහන් කෝසල 28, ෂෙවෝන් කෞෂල්‍ය 20, සිතිර හේලිත  4/50, තීක්ෂණ සංජීව 2/64, කුශාන් මධූශ 4/38

මහින්ද විද්‍යාලය; සියලුම දෙනා දැවී 222 (49.1) සිතිර හේලිත 60, ශාක්‍ය සම්පත් 28, කවිඳු ලක්ෂාන් 49, චේතිය ගුණසේකර 26, සිහින සිතුමිණ 3/46, ෂෝවන් කෞෂල්‍ය 4/47

සෙබස්තියන් ක්‍රීඩක සුඛිත්, සවිඳු සහ සඳුන්ගෙන් කැපී පෙනෙන දක්ෂතා

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ සිංගර් කුසලාන පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයේ U…

කොළඹ රාජකීය විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය (Group T)

කොළඹ රාජකීය විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට රාජකීය විද්‍යාලය සමත් විය. 

කාසියේ වාසිය දිනූ ආනන්ද ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 145ක් පමණි. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ අනුජ ජයවීර ය. ඔහු පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමගින් ලකුණු 32ක් ලබා ගත්තේය. කඩුලු ලබා ගැනීමේ දී වමතින් දඟ පන්දු යැවූ ගිෂාන් බාලසූරිය ලකුණු 29කට කඩුලු 3ක් දවා ගත්තේය. 

Photos: Royal College vs Ananda College | U17 Cricket Tournament 2019 | 2nd Round

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි රාජකීය ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 146ක් ලබා ගත්හ. 

එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු ඉසිවර දිසානායක අර්ධ ශතකයක් ලබා ගනිමින් කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළේය. ඉසිවර පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තේය. ඔහු සහ කවිඳු පතිරත්න තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 56ක සබඳතාවක් එක් කළහ. කවිඳු පතිරත්න පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තේය. 

දකුණතින් පිට දඟපන්දු යැවූ සවිරු බණ්ඩාර ලකුණු 34කට කඩුලු 3ක් දවා ගත්තේය. 

ආනන්ද විද්‍යාලය; සියලුම දෙනා දැවී 145 (44.5) අනුජ ජයවීර 32, හංසක ජයසිංහ 28, කවිඳු පතිරත්න 2/20, ගිෂාන් බාලසූරිය 3/29, සදිශ් රාජපක්ෂ 2/13

රාජකීය විද්‍යාලය; කඩුලු 7ක් දැවී 146 (42.4) ඉසිවර දිසානායක 52, කවිඳු පතිරත්න 30, දසිස් මංචනායක 20, විනුක දම්සිත් 2/20, සවිරු බණ්ඩාර 3/34

ආරක්ෂාව ගැන බලන්න ශ්‍රී ලංකාවෙන් පාකිස්තානයට 4ක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයට පෙර එරට පවතින වත්මන් ආරක්ෂක තත්වය පිළිබඳව සොයා බැලීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ….

කැළණිය ගුරුකුල විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය (Group T)

මහර බන්ධනාගාර පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 79ක ජයග්‍රහණයක් ලබා ගැනීමට තර්ස්ටන් විද්‍යාලය සමත් විය. 

කාසියේ වාසිය දිනා ගත් තර්ස්ටන් විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 118ක් ලබා ගත් අතර ගුරුකුල විද්‍යාලයට සියලුම දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 39ක් පමණි. 

තර්ස්ටන් විද්‍යාලය; සියලුම දෙනා දැවී 118 (37.4) විහඟ ජයනාම 25, රනේෂ් සිල්වා 21, යශ්මින්ත සුදේශ් 3/14, තුෂාර මධුශාන් 2/18, විහඟ ඉරංජන 2/22

ගුරුකුල විද්‍යාලය; සියලුම දෙනා දැවී 39 (25.1) නිපුන් ප්‍රේමරත්න 3/06, බවන්ත ජයසිංහ 2/08, දනංජ සිල්වා 2/08, ලොනෙත් විජේරත්න 2/10

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය (Group W)

කුරුණෑගල දී පැවති මෙම තරගයෙන් පැරබෝලා ක්‍රමවේදය අනුව ලකුණු 40ක ජයග්‍රහණයක් ලබා ගැනීමට මලියදේව විද්‍යාලය සමත් විය. 

Photos: Maliyadeva College vs Maris Stella College – U17 Cricket Tournament 2019 | 2nd Round

කාසියේ වාසිය දිනූ මලියදේව ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 8ක් දැවී ලකුණු 211ක් ලබා ගත් අතර වර්ෂාව හේතුවෙන් මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට ජයග්‍රහණය වෙනුවෙන් පන්දුවාර 20ක දී ලකුණු 119ක් ලබා ගත යුතු විය. නමුත් තරගය නතර කරන විට ඔවුන්ට ලබා ගත හැකි වූයේ කඩුලු 5ක් දැවී ලකුණු 80ක් පමණි. 

මෙම තරගයේ දී මලියදේව විද්‍යාලයේ කවීෂ සමරකෝන් නොදැවී ලකුණු 64ක් ලබා ගනිමින් දක්ෂතා දැක්විය. 

මලියදේව විද්‍යාලය; කඩුලු 8ක් දැවී 211 (50) කවීෂ සමරකෝන් නොදැවී 64, කවිඳු රන්මල් 48, ආලෝක ලක්ෂාන් 2/36, සෙනත් ප්‍රනාන්දු 2/40, සංදීප ඉඳුවර 2/45

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය; කඩුලු 5ක් දැවී 80 (20) කවිච් කුමාරසිරි 28, හසිඳු කහගොල්ල 3/22, පසිඳු විජේරත්න 2/29

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<