විනුකගෙන් විශිෂ්ට පන්දු යැවීමක්

96

කොළඹ නාලන්දා විද්‍යාලයේ දකුණතින් පිට දඟපන්දු යවන විනුක නානායක්කාරගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් අද (21) දින නාලන්දා පිටියේ පැවති නාලන්දා විද්‍යාලය සහ ඩි ලා සාල් විද්‍යාලය අතර තරගයෙන් කඩුලු 3ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට නාලන්දා විද්‍යාලය සමත් විය.

පවන් රත්නායක මහානාමයට ජය ගෙනේ

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (20) පැවති…

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන සිංගර් කුසලාන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (21) දින නිමාවූ අතර ඒ අතුරින් කඩුලු 9ක ජයග්‍රහණයක් ලබා ගැනීමට බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සමත් විය.

කොළඹ නාලන්දා විද්‍යාලය සහ කොළඹ ඩි ලා සාල් විද්‍යාලය අතර තරගය (Group A)

කොළඹ නාලන්දා විද්‍යාලයීය පිටියේදී පැවති මෙම තරගයේ දී කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට නාලන්දා ක්‍රීඩකයන් සමත් විය.

කාසියේ වාසිය දිනූ සත්කාරක ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ඩි ලා සාල් ක්‍රීඩකයන් සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 71ක් පමණි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නාලන්දා ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී එම ඉලක්කය පසු කළහ.

ඩි ලා සාල් විද්‍යාලය: සියලු දෙනා දැවී 71 (29.5) ශේවින්ද විජේසූරිය 24, විනුක නානායක්කාර 5/16, දිනෙත් සමරවීර 3/10.

නාලන්දා විද්‍යාලය: කඩුලු 3ක් දැවී 72 (12.3) රශාන් දිසානායක 24, කවීශ සොයිසා 2/14.

කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර තරගය (Group C)

කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයීය පිටියේදී පැවති මෙම තරගයේ දී ලකුණු 80ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට මහානාම විද්‍යාලය සමත් විය.  

කාසියේ වාසිය දිනූ මහානාම විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 7ක් දැවී ලකුණු 215ක් රැස්කර ගැනීමට සමත් විය. පෙර තරගයේ දී ශතකයක් වාර්තා කළ පවන් රත්නායක අද දින තම ඉනිමේදී පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 55ක් රැස්කර ගත්තේය. ඊට අමතරව සදිශාන් චමෝද්‍ය පන්දු 115කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 58ක් වාර්තා කළේය.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට ලබාගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 135ක් පමණි.

මහානාම විද්‍යාලය: කඩුලු 7ක් දැවී 215 (50) සදිශාන් චමෝද්‍ය 58, පවන් රත්නායක 55, අචින්ත සුපුන් නොදැවී 26, චමත් චමුපති 23.  හිරුෂ පියුමාල් 2/23, අබිලාශ් දිනකර 2/47.

ආනන්ද ශාස්ත්‍රාලය: සියලු දෙනා දැවී 135 (40.5) හිරුෂ පියුමාල් 33, කවිශ් දිසානායක 3/38, සෙතුම් කෙනුල 2/13, අචින්ත සුපුන් 2/21.

රන්දුල දසුන් ශතයක් ලබා ගනී

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන සිංගර් කුසලාන අන්තර් පාසල් වයස අවුරුදු 17 න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ…

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය අතර තරගය (Group D)

බම්බලපිටියේ දී පැවති මෙම තරගයේ දී කඩුලු 9ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත පීතර විද්‍යාලය සමත් විය.

සත්කාරකයින්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ජයවර්ධනපුර ක්‍රීඩකයන් සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුනු 56ක් පමණි. එම ඉලක්කය එක් කඩුල්ලක් පමණක් දැවී ලබා ගැනීමට සාන්ත පීතර විද්‍යාල ක්‍රීඩකයෝ සමත් වූහ.

ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය: සියලු දෙනා දැවී 56 (15.5) දනාල් හේමානන්ද 4/16, සවිරු පීරිස් 3/10, පබසර හේරත් 3/16.

සාන්ත පීතර විද්‍යාලය: කඩුල්ලක් දැවී 57 (5.4) ශානුක ගලබොඩ 19, ලහිරු දෙවටගේ නොදැවී 17.


වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සහ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය අතර තරගය (Group K)

වත්තල දී පැවති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත අන්තෝනි ක්‍රීඩකයන් සියලු දෙනා දැවී ලකුණු 105ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 111ක් රැස්කර ගනිමින් කඩුලු 7ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය.

සාන්ත අන්තෝනි විද්‍යාලය: සියලු දෙනා දැවී 105 (43.4) ප්‍රසාද් මධුරංග 23, නිහාන් ද සිල්වා 3/17, රවිඳු දිල්ශංක 2/24.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය: කඩුලු 3ක් දැවී 111 (23.1)
නිහාන් ද සිල්වා 40, අයිවන් කල්හාර 23.

ඉසිවර සහ සෙහාන්ගෙන් ශතක සබඳතාවක්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන…

මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය අතර තරගය (Group N)

මහනුවර පොලිස් උද්‍යාන ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය. ඒ වනවිට පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි සංචාරක සාන්ත මේරි ක්‍රීඩකයෝ පන්දුවාර 8යි පන්දු 3ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 51ක් ලබා සිටියහ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<