රිච්මන්ඩ්වරුන් විද්‍යාලෝකයට පරාජය වේ

286

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ සිංගර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (12) නිමා වූ තරගයක දී ප්‍රබල රිච්මන්ඩ් විද්‍යාලය පරාජය කරමින් ලකුණු 34ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය සමත් වීම කැපී පෙණුනි.

දේවපතිරාජයේ පවන්ගෙන් දැවැන්ත ඉනිමක්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ…

F කාණ්ඩයේ තරගයක් ලෙසින් රත්ගම මහජන ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී ලකුණු 166ක ඉලක්කයක් පසු පස ගිය රිච්මන්ඩ් ක්‍රීඩකයෝ ලකුණු 131කට සීමා කිරීමට විද්‍යාලෝක විද්‍යාලය සමත් වූයේ ය. ඒ තරගය නිමා වීමට තවත් පන්දු 37ක් ඉතිරිව තබා ගනිමිනි.

රිච්මන්ඩ් ක්‍රීඩකයන්ගේ ඉනිම අසරණ කිරීමේ දකුණතින් පිට දඟපන්දු යැවූ රිශාන් චාමික ලකුණු 27කට කඩුලු 3ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය. ඊට අමතරව හංසන ජයනාත් සහ දිලීෂ නෙත්සර ද කඩුලු 2 බැගින් දවා ගත්හ.

පිළිතුරු රිච්මන්ඩ් ඉනිමේ පිතිකරුවන් ලෙසින් දක්ෂතා දැක්වූයේ අචින්ත ඉඳුවර සහ චමත් ඩිල්සර පමණි.

කාසියේ වාසිය දිනූ රිච්මන්ඩ් විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි විද්‍යාලෝක ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 165ක් ලබා ගත් හ. එම ඉනිම වෙනුවෙන් ආරම්භක දකුණත් පිතිකරු ඩිලාන් රශින්ද පන්දු 83කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 52ක් ලබා ගත්තේ ය.

විද්‍යාලෝක විද්‍යාලය; සියලුම දෙනා දැවී 165 (47.1) ඩිලාන් රශින්ද 52, රිශාන් චාමික 22, කල්ප නෙත්සර 2/21, කවිඳු නිර්මාණ 2/29, හසිඳු කවිශ්ක 2/31, පුලිඳු කිරිඇල්ල 2/35

රිච්මන්ඩ් විද්‍යාලය; සියලුම දෙනා දැවී 131 (43.5) අචින්ත ඉඳුවර 28, චමත් ඩිල්සර 23, රිශාන් චාමික 3/27, හංසන ජයනාත් 2/29, දිලීෂ නෙත්සර 2/42

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<