ලහිරු, අන්තෝනුවෝ අවසන් තරගයට ගෙන එයි

90

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන අන්තර් පාසල් වයස අවුරුදු 15න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ  අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය අද (14) සමත් විය. 

බංගලියන් නිසා ඉදිරිය අහිමි වූ ශ්‍රී ලංකා දක්ෂතා

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් සත්කාරකත්වයෙන් යුත් වයස අවුරුදු 19න් පහළ…..

වේයන්ගොඩ බණ්ඩාරනායක විද්‍යාලයීය පිටියේ දී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමඟ පැවති අවසන් පූර්ව වටයේ තරගයේ දී වැඩි ප්‍රසාද ලකුණු ලබා ගනිමින් ඔවුන් මෙම අවස්ථාව උදාකර ගත්හ. සාන්ත අන්තෝනි විද්‍යාලය සහ ත්‍රිත්ව විද්‍යාලය තරගාවලියේ පළමු වටයේ දී තම තම කාණ්ඩවල ප්‍රමඛයන් වෙමින් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තේය. 

ලහිරු අබේසිංහගේ නායකත්වයෙන් යුත් සාන්ත අන්තෝනි විද්‍යාලය පෙර අර්ධ අවසන් පූර්ව වටයේ දී පසුගිය වසරේ අනුශූරයන් මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයට වඩා වැඩි ප්‍රසාද ලකුණු ලබා ගනිමින් ද අර්ධ අවසන් පූර්ව වටයේ දී කොළඹ ලුම්බිණි විද්‍යාලයට වඩා වැඩි ප්‍රසාද ලකුණු ලබා ගනිමින් ද අද තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේය. 

රහල් අමරසිංහගේ නායකත්වයෙන් යුත් ත්‍රිත්ව විද්‍යාලය පෙර අර්ධ අවසන් පූර්ව වටයේ දී බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය පරාජය කරමින් ද අර්ධ අවසන් පූර්ව වටයේ දී කොළඹ නාලන්දා විද්‍යාලය පරාජය කරමින් ද අද තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේය. 

පන්දුවක් හෝ ක්‍රීඩා නොකරම ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවතට!

මේ දිනවල ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන යොවුන් ආසියානු කුසලාන එක්දින තරගාවලිය දෙස ඇස ගසාගෙන සිටි මෙරට ක්‍රීඩා…..

තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත අන්තෝනි විද්‍යාලයීය නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සතු කර ගත්තේය. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් තම පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 117ක් ලබා සිටිය දී ඉනිම අත්හිට වූහ. එම ඉනිම වෙනුවෙන් තිසර ඒකනායක නොදැවී ලකුණු 26ක් ලබා ගනිමින් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා විය. කඩුලු ලබා ගැනීමේ දී තේමිය ජයසුන්දර ලකුණු 20කට කඩුලු 2ක් දවා ගත්තේය. 

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට තම පළමු ඉනිමට ලබා සිටියේ කඩුලු 5ක් දැවී ලකුණු 49ක් පමණි. එම ඉනිමේ ගමන අඩාල කිරීමේ දී ලහිරු අබේසිංහ ලකුණු 25කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඉඳුවර ගලපිටගේ ලකුණු 05කට කඩුලු 2ක් දවා ගනිමින් ඔහුට අනගි සහයෝගයක් ලබා දුන්නේය. 

යොවුන් ක්‍රීඩකයෙකුට ඉන්දියානු ටෙස්ට් කණ්ඩායමෙන් කැඳවුම්

ඉන්දියානු යොවුන් ක්‍රීඩක ශුබ්මන් ගිල් දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් යුතු ටෙස්ට් තරගාවලියට සහභාගී…..

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මෙම තරගයේ දී ක්‍රියාත්මක වූයේ පන්දුවාර 72ක් පමණි. 

සාන්ත අන්තෝනි විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 117 (54.4) තිසර ඒකනායක නොදැවී 26, අන්ජුල බණ්ඩාර 20, තේමිය ජයසුන්දර 2/20

ත්‍රිත්ව විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 5ක් දැවී 49 (17) ලහිරු අබේසිංහ 3/25, ඉඳුවර ගලපිටගේ 2/05

තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන සතියේ දී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා මෙම තරගය ජයග්‍රහණය කළ සාන්ත අන්තෝනි විද්‍යාලය සමග ගාල්ල මහින්ද විද්‍යාලය පරාජයට පත් කළ වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය සුදුසුකම් ලබා ඇත. 

අවසන් මහා තරගයේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු  සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<