ඩී. එස්. පොඩ්ඩෝ 13න් පහළ ශූරතාව දිනයි

498

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 13න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ක්‍රීඩකයෝ අද (25) සමත් විය.

දකුණු ලක පාසලකට සුපිරි අටට වරම්

කැලණිය ගුරුකුල විද්‍යාලය හමුවේ පළමු ඉනිමේ ජයක් ලබාගත් ගාල්ල මහින්ද විද්‍යාලය වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයට සුදුසුකම් ලබා ගන්නා ලදි.

අවසන් මහා තරගය පැවතියේ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර කොළඹ වෙස්ලි විද්‍යාලයීය පිටියේ දී ය. මෙම තරගය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අතර මග දී නතර කරන්නට යෙදුණ අතර තරගයේ ජයග්‍රහණය ලබා ගන්නා ලද ප්‍රසාද ලකුණු මත තීරණය කෙරුණි.

කාසියේ වාසිය දිනූ මහින්ද විද්‍යාලයීය නායක ධනුජ ඉඳුවර පළමුවෙන් පන්දුවට පහර දීමට ඩී. එස්. සේනානායක විද්‍යාලයීය නායක මාධව චතුරංගට ආරාධනා කරන්නේය. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 9ක් දැවී ලකුණු 241ක් ලබා ගත්හ. අත්හිටවූ එම ඉනිම වෙනුවෙන් ඔවුන් වැය කළේ පන්දුවාර 41.1ක් පමණි. පන්දුවට පහර දීමේ දී රුචිර තීක්ෂණ ලකුණු 56ක් ලබා ගත් අතර දේශාන් හෙට්ටිගේ ලකුණු 47ක් ලබා ගන්නේය.

ඊට අමතරව ගවිරු ශෙනාෂ් (39) සහ කෝෂික ප්‍රනාන්දු (33) ද පිතිකරුවන්සේ දක්ෂතා දැක්විය. පන්දු යැවීමේ දී සාවින්ද්‍ය රන්මිණ කඩුලු 3ක් ලබා ගත් අතර හිරුණ මන්දිල සහ අදීශ සඳළිඳු කඩුලු 2 බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි මහින්ද විද්‍යාලයීය ක්‍රීඩකයන්ට අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගය නතර කරන විට ලබා ගත හැකි වූයේ කඩුල්ලක් දැවී ලකුණු 40ක් පමණි. අයහපත් කාලගුණ තත්ත්වය වෙස්ලි පිටිය වට කරන විට ඩී. එස්. ක්‍රීඩකයෝ යවා තිබුණේ පන්දුවාර 14ක් පමණි.

එම ඉනිමේ දී චන්දුප ද සිල්වා නොදැවී ලකුණු 17ක් ලබා සිටියේය.

විසඳුමක් නැති සල්පිටි රයිගම් කෝරල සටනේ චමෝද්ගෙන් ශතකයක්

පිළියන්දල මධ්‍ය විද්‍යාලය සහ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය අතර 17 වැනි වරට පැවති සල්පිටි රයිගම් කෝරල වාර්ෂික මහා ක්‍රිකට් තරගය…

අවසාන මහ තරගය සඳහා ඩී. එස්. සේනානායක විද්‍යාලය සුදුසුකම් ලබන්නේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය, කොළඹ ඉසිපතන විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය පෙර අර්ධ අවසන් පූර්ව වටයේ දී, අර්ධ අවසන් පූර්ව වටයේ දී සහ අවසන් පූර්ව වටයේ දී පරාජය කරමිනි.

මහින්ද විද්‍යාලය මෙම තරගය සඳහා සුදුසුකම් ලබන්නේ කොළඹ තර්ස්ටන් විද්‍යාලය, බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය පෙර අර්ධ අවසන් පූර්ව වටයේ දී, අර්ධ අවසන් පූර්ව වටයේ දී සහ අවසන් පූර්ව වටයේ දී පරාජය කරමිනි.

ඩී. එස්. සේනානායක විද්‍යාලය; පළමු ඉනිම පන්දු වාර 41.1ක දී කඩුලු 9ක් දැවී 241: රුචිර තීක්ෂණ 56, දේශාන් හෙට්ටිගේ 47, ගවිරු ශෙනාෂ් 39, කෝෂික ප්‍රනාන්දු 33, සාවින්ද්‍ය රන්මිණ 3/25, හිරුණ මන්දිල 2/36, අදීශ සඳළිඳු 2/62

මහින්ද විද්‍යාලය; පළමු  ඉනිම පන්දු වාර 14.0ක දී කඩුල්ලක් දැවී 40: චන්දුප ද සිල්වා නොදැවී 17


13න් පහළ දෙවැනි කොටසේ අවසන් තරගය හෙට

මේ අතර ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 13න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ අවසාන මහ තරගය හෙට (26) කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයීය පිටියේ දී පැවැත්වීමට නියමිතය.

මෙම තරගය සඳහා යාපනය සාන්ත ජෝන් විද්‍යාලය සහ ගනේමුල්ල ගලහිටියාව මධ්‍ය විද්‍යාලය සුදුසුකම් ලබා ඇත. සාන්ත ජෝන්ස් විද්‍යාලය ඇන්ටන් අභිශේක් මෙහෙය වනු ලබන අතර ගලහිටියාව මධ්‍ය විද්‍යාලය එසඳ සිතුම් මෙහෙයවනු ලබයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<