අභිශේක්ගේ දක්ෂතා සාන්ත ජෝන් පළමු කොටසට උසස් කරයි

216
Sri Lanka Schools Cricket U13 cricket

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 13න් පහළ දෙවැනි කොටසේ ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට යාපනය සාන්ත ජෝන් විද්‍යාලය සමත් විය.

කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයීය පිටියේ දී පැවති මෙම තරගයේ ප්‍රතිවාදීන් වූයේ ගලහිටියාව මධ්‍ය විද්‍යාලයයි. තරගය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නතර කරන විට සාන්ත ජොන් විද්‍යාලය පළමු ඉනිමේ ජයග්‍රහණය ලබා සිටීම හේතුවෙන් ඔවුන්ට තරගයේ ජයග්‍රහණය හිමි විය.

ඩී. එස්. පොඩ්ඩෝ 13න් පහළ ශූරතාව දිනයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 13න් පහළ පළමු…

කාසියේ වාසිය දිනූ සාන්ත ජොන් නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගලහිටියාව ක්‍රීඩකයන්ට රැස් කර ගත හැකි වූයේ ලකුණු 115ක් පමණි. ගලහිටියාව ඉනිම විනාශ කිරීමේ මූලිකත්වය ගත්තේ ආරම්භක වේගපන්දු යවන ඒ. අභිශේක් ය. දකුණතින් වේගපන්දු යැවූ ඔහු ලකුණු 28කට කඩුලු 6ක් දවා ගත්තේ ය. ඔහුට අමතරව වයි. විතුශාන් සහ ඒ. ජසීල් කඩුලු 2 බැගින් දවා ගත්හ.

එම ඉනිමේ කැපී පෙණෙන ඉනිමක නිරත වූයේ චුනුල්මික රාජපක්ෂ ය. ඔහු පන්දු 48ක ද ලකුණු 44ක් ලබා ගත්තේ ය.

පිළිතුරු  ඉනිමේ දී සාන්ත ජෝන්ස් ක්‍රීඩකයන් අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කරමින් සිටිය දී පන්දු යැවීමේ දී දක්ෂතා දැක්වූ ඒ. අභිශේක් පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දක්වමින් ඉනිම ගොඩනැගීමේ පෙරමුණ ගත්තේය. ඔහු පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 76ක් රැස් කළේය. කණ්ඩායම වෙනුවෙන් දැක්වූ මෙම දක්ෂතා හේතුවෙන් ඔහු තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණි.

කඩුලු 5ක් දැවී ලකුණු 46ක් ලෙසින් තිබූ ලකුණු පුවරුව ඉහළ නැංවීමේ දී අභිශේක් අනෙක් අන්තයෙන් සිටි වයි. විතුශාන් (7) කඩුල්ලේ රඳවා ගනිමින් 6 වැනි කඩුල්ලට ලකුණු 82ක සබඳතාවක් ද එක් කිරීමට සමත් විය.

සාන්ත ජෝන්ස් ඉනිමේ කඩුලු බිඳ දැමීමේ දී හේමාල් දෙව්මික ලකුණු 38කට කඩුලු 4ක් දවා ගත්තේය.

ගලහිටියාව මධ්‍ය විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 115 (26.2) චනුල්මික රාජපක්ෂ 44, සෙනුග පියුමාල් 23, ඒ. අභිෂේක් 6/28, වයි. විතුශාන් 2/33, ඒ. ජසීල් 2/28

සාන්ත ජෝන්ස් විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 7ක් දැවී 138 (40.0) ඒ. අභිෂේක් 76, හේමාල් දෙව්මික 4/38

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<