සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ දැවැන්ත ඉනිමක් ගොඩ නගති

301

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධාන කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ දෙදින තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සහභාගී වන කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර අද (15) ආරම්භ වූ තරගයේ දී නිපුන් සුමනසිංහ සහ සචින්ත රවිඳුගේ දක්ෂතා හේතුවෙන් දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සාන්ත ජෝසප් විද්‍යාලය සමත් විය.

රන් සටනට ඩී. එස්. සහ මහානාම ක්‍රීඩකයින් සූදානම්

ජයග්‍රහණ සපිරි තරග වාරයක් සමඟින් කොළඹ මහානාම විද්‍යාලය දොළොස්වැනි රන් මහා සටනට පිවිසෙද්දී, ප්‍රතිවාදීන් පරදවමින් කුසලානය ඩී. එස්. සේනානායක විද්‍යාලයට ගෙන යාමේ අරමුණින් ඩී. එස්. ක්‍රීඩකයෝ මෙවර මහා තරග පිටියට පිවිසෙනු ඇත. තරගය එළඹෙන 16 හා 17 (හෙට සහ අනිද්දා) කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මේ අතර පැවති වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කළ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය සහ කොළඹ නාලන්ද විද්‍යාලය අතර තරගය පන්දුවාර 15ක් අවසානයේ දී නතර කර දැමීමට ඒ. එම්. ප්‍රියන්ත සහ රුවන් ජයවීර යන විනිසුරුවන් තීරණය කළහ. ඒ තණතීරුව ක්‍රීඩා කිරීමට තරම් සුදුසු නොවීම හේතුවෙනි. ඒ වෙද්දී කාසියේ වාසිය දිනා සිටි වේල්ස් කුමරුවෝ කඩුලු 3ක් දැවී ලකුණු 44ක් ලබා සිටියහ.

සාන්ත ජෝසප් සහ සාන්ත සෙබස්තියන් අතර තරගය

කොළඹ තර්ස්ටන් පිටියේ දී පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 360ක් රැස් කළහ. දිනය අවසානයේ බේල්ස් ඉවත් කෙරෙන විට සාන්ත සෙබස්තියන් විද්‍යාලය කඩුල්ලක් දැවී ලකුණු 22ක් ලබා සිටියේය.

තීරණාත්මක තරගයක කාසියේ වාසිය තමන් සන්තක කර ගැනීමට සාන්ත ජෝසප් විද්‍යාලයීය නායක ජෙහාන් ඩැනියෙල් සමඟින් සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය නායක තරුෂ ප්‍රනාන්දු පිටියට පිවිසි අතර එහි දී ජයග්‍රහණය ලබා ගැනීමට ජෙහාන් ඩැනියෙල් සමත් විය. ඒ අනුව ඔවුන් තෝරා ගනු ලැබුවේ පළමුව පන්දුවට පහර දීමයි.

එකී තීරණය සර්ව සාධාරණ කළ නිපුන් සමරසිංහ සහ සචින්ත රවිඳු අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූහ. වමතින් පන්දුවට පහර දෙන ඉදිරිපෙළ පිතිකරු නිපුන් සුමනසිංහ පන්දු 105කට මුහුණ දෙමින් ලකුණු 93ක් ලබා ගත්තේය. ඔහුගේ ඉනිම හතරේ පහර 5කින් සහ හයේ පහර 3කින් අලංකාර කිරීමට ද ඔහු සමත් විය.

කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමයේ මෙවර වාසිය කා හටද?

කන්ද උඩරට පැරණිතම මහා ක්‍රිකට් සංග්‍රාමය වන මහනුවර ධර්මරාජ විද්‍යාලය හා මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අතර පැවැත්වෙන 112 වැනි සුලෝහිත සංග්‍රාමය ලබන 16 හා 17 (හෙට සහ අනිද්දා) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය. ටී. බී. තෙන්නකෝන් අනුස්මරණ කුසලානය සඳහා මෙවර තරග කරන ධර්මරාජ විද්‍යාලයීය හා කිංග්ස්වුඩ් විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩයම් ගැන ThePapare.com තබන සටහනකි මේ.

නිපුන්, නායක ජෙහාන් ඩැනියෙල් සමඟ එක්වෙමින් හතර වැනි කඩුල්ලට එක් කළ ලකුණු සංඛ්‍යාව 45කි. ඩැනියෙල් ලකුණු 32ක් ලබා ගත්තේය.

සචින්ත රවිඳු පන්දු 110කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 57ක් ලබා ගත්තේය. කණ්ඩායමට අවශ්‍යම අවස්ථාවක මිරංග වික්‍රමගේ සමඟ 9 වැනි කඩුල්ලට එක් වෙමින් වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 59කි. එය එම ඉනිමේ හොඳම ලකුණු සබඳතාව ද විය. මිරංග ලබා ගත් ලකුණු සංඛ්‍යාව 35කි.

පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 86කට කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දක්වද්දී දකුණතින් දඟපන්දු යැවූ නායක තරුෂ ප්‍රනාන්දු ලකුණු 30කට කඩුලු 2ක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් දිනය අවසන් වන විට නිසිත අභිලාශ් නොදැවී ලකුණු 12ක් ලබා සිටියි.

තරගය දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිත ය.

සාන්ත ජෝසප් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 360 (97.3) නිපුන් සුමනසිංහ 93, සචින්ත රවිඳු 57, මිරංග වික්‍රමගේ 35, ජෙහාන් ඩැනියෙල් 32, රෙවන් කෙලී 32, එරොන් ගුණරත්න 31, දුනිත් වෙල්ලාලගේ 30, ප්‍රවින් ජයවික්‍රම 4/86, තරුෂ ප්‍රනාන්දු 2/30

සාන්ත සෙබස්තියන් විද්‍යාලය; පළමු ඉනිම කඩුල්ලක් දැවී 22 (7.0) නිසිත අභිලාශ් නොදැවී 12

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<