ඥානිස්සර විද්‍යාලය මංගල තරගය ජය ගනී

206

දර්ගා ටවුන්, ඥානිස්සර මහා විද්‍යාලය සහ අහුංගල්ල රාජපක්ෂ මහා විද්‍යාලය අතර පැවති මංගල යහළුවන්ගේ වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දී කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඥානිස්සර විද්‍යාලය සමත් විය.

කෞෂාන් සසංක ඌව රන් සටනේ දී ශතකයක් ලබා ගනී

බණ්ඩාරවෙල සාන්ත ජෝසප් විද්‍යාලය සහ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය අතර 15 වැනි වරටත් පැවැත්වෙන ඌව රන් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දී…

කාසියේ වාසිය දිනා ගත් ඥානිස්සර මහා විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි රාජපක්ෂ ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 184ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ඥානිස්සර ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 194ක් ලබා ගත්හ.

අනතුරුව ලකුණු 10ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි රාජපක්ෂ ක්‍රීඩකයෝ එවර සියලුම දෙනා ම දැවී ලකුණු 141ක් ලබා ගත්හ. ජයග්‍රහණය සඳහා ලකුණු 132ක ඉලක්කයක් පසු පස ගිය ඥානිස්සර ක්‍රීඩකයෝ කඩුලු 7ක් පමණක් දැවී එම අභියෝගය ජය ගත්හ.

රාජපක්ෂ විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 173 (52) මළිඳු ප්‍රියදර්ශන 32, සසිඳු නිමේෂ් 28, සුදේශ් ගද්දික 26, හිරුෂ ගිම්හාන් නොදැවී 21, ජයනාත් දිල්හාර 36, මොහොමඩ් මාපාස් 3/36, විශ්ව තරංග 2/26, චානුක ඩිල්ශාන් 5/46

ඥානිස්සර මහා විද්‍යාලය; පළමු ඉනිම (තරගය පළමු දිනයට නතර කරන විට පන්දුවාර 29.1ක දී කඩුලු 5ක් දැවී 117) සියලුම දෙනා දැවී 194 (54.5) සිතුම් කල්ප 47, හර්ෂ සඳරැස් 18, උදිත් රෂාන් 34, මොහොමඩ් මාෆාස් 20, හිරුෂ ගිම්හාන් 3/71, ඉරෝෂාන් සඳමල් 3/61, ජයමුතු දිල්හාර 2/19, ක්‍රිශාන් ලක්මාල් 2/11

රාජපක්ෂ විද්‍යාලය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 141 (29.5) සසිඳු නිමේෂ් 52, මළිඳු ප්‍රියදර්ශන 23, විශ්ව තරංග 5/49, මොහොමඩ් මාපාස් 2/45

ඥානිස්සර මහා විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 134 (29.5) චමෝද රවීන් 30, නිමේෂ් අනුරාධ 25, මොහොමඩ් මාෆාස් නොදැවී 22, හිරුෂ ගිම්හාන් 5/57


ඌව රන් සටන විසඳුමක් නෑ

බණ්ඩාරවෙල සාන්ත ජෝසප් විද්‍යාලය සහ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය අතර 15 වැනි වරටත් පැවති ඌව රන් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය ඊයේ (16) බණ්ඩාරවෙල නගර සභා ක්‍රීඩාංගණයේ දී ජය පරාජයෙන් තොරව අවසන් විය.

කාසියේ වාසිය දිනා ගත් සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිවිස සියලුම දෙනා දැවී ලකුණු 292ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 95ක් පමණි. ලකුණු 197ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ බණ්ඩාරවෙල මැදි විදුහල් ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 111ක් ලබා සිටිය හ.

බණ්ඩාරවෙල දෙවැනි ඉනිමේ කඩුලු 5ක් ලකුණු 42කට දවා ගැනීමට දකුණතින් වේගපන්දු යවන ලෙශාන් දිල්රුක්ෂ සමත් විය.

සාන්ත ජෝසප් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 292 (77.2) කෞෂාන් සසංක 103, මලීත මාදීව  60, මලිත් තිලංක 25, චමිඳු හෂේන් 20, අවිශ්ක හංසන 3/31, ජනීෂ හංසන 3/63

බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය; පළමු ඉනිම (පළමු දිනයට නතර කරන විට පන්දු වාර 8/1ක දී කඩුලු 2ක් දැවී 23) සියලුම දෙනා දැවී 95 (45) සදිත් රත්නායක 26, මලින්ත රංගන 3/16, කෞෂාන් සසංක 2/25, ලෙෂාන් දිලුක්ෂ 2/24, ගයාන් බුද්ධික 2/12

බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 111 (46.1) ලක්ෂාන් ශාලින්ද 26, ජනීෂ හංසක නොදැවී 31, ලෙෂාන් දිලුක්ෂ 5/42

ලහිරු රාජකීයයින් ජයග්‍රහණය කරා රැගෙන යයි

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර 44 වැනි වරටත් පැවති එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයේ දී කඩුල්ලක තියුණු ජයක් ලබා ගැනීමට රාජකීය….

නවීන් දේවින්ද ශතකයක් ලබා ගනී

මතුගම සාන්ත මරියා විද්‍යාලය සහ ආනන්ද ශාස්ත්‍රාලය අතර 56 වැනි වරටත් මතුගම දී පැවැත්වෙන පස්දුන් කොරළේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය ඊයේ (16) මතුගම මහජන පිටියේ දී ජය පරාජයෙන් තොරව නිමා විය.

කාසියේ වාසිය දිනූ සාන්ත මරියා විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ආනන්ද ශාස්ත්‍රාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 276ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් සාන්ත මරියා විද්‍යාලය තම පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 358ක් ලබා ගත් හ.

එම ඉනිම වෙනුවෙන් නවින් දේවින්ද ශතකයක් ලබා ගැනීම කැපී පෙණුනි.

ආනන්ද ශාස්ත්‍රාලය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 276 (82) මධුර මල්ෂාන් 85, සිතුම් දේශාන් 50, උළිඳු ප්‍රභාශ්වර 56, කොවිඳු වික්‍රමසිංහ 5/74, තීක්ෂණ ලියනගේ 4/70

සාන්ත මරියා විද්‍යාලය; පළමු ඉනිම (පළමු දිනයට නතර කරන විට පන්දුවාර 6ක දී කිසිවෙක් නොදැවී 40) කඩුලු 7ක් දැවී 358 (103.1) හිරාන් ලක්ෂිත 66, නවීන් දේවින්ද 148, කෝවින්ද වික්‍රමසිංහ 44, නිහාන් වෙල්ගම 42, සහන් විතානගේ 2/41, එනුල අවිශ්ක 2/64


බදුල්ල සාම තරගය විසඳුමක් නෑ

බදුල්ල සරස්වතී මධ්‍ය මහා විද්‍යාලය සහ බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය අතර 10 වැනි වරටත් පැවැත්වෙන සාම මහා සංග්‍රාමය වාර්ෂික ක්‍රිකට් තරගය ඊයේ (16) බදුල්ල මහජන ක්‍රීඩාංගණයේ දී ජය පරාජයෙන් තොරව අවසන් විය.

කාසියේ වාසිය දිනූ බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිවිසි අතර ඔවුන් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 172ක් ලබා ගත් හ. ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට අවසන් වෙද්දී කඩුලු 5ක් දැවී ලකුණු 85ක් ලබා සිටිය හ.

මෙම තරගයේ පළමු දිනය නිමා වෙද්දී කැපී පෙනෙන දක්ෂතා දැක්වූයේ සරස්වතී විද්‍යාලයේ සී. තීක්ෂණ ය. ඔහු පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 50ක් ලබා ගත්තේ ය. ඊට අමතරව පන්දු යැවීමේ දී බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ වේගපන්දු යවන තේමිය මනූෂ ලකුණු 18කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

සරස්වතී මධ්‍ය මහා විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 172 (63) සී. තීක්ෂණ 50, එස්. ප්‍රසාද් 41, තේමිය මනූෂ 4/18, දිනර සස්මික 3/51

බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය; පළමු ඉනිම (පළමු දිනයට නතර කරන විට පන්දු වාර 22ක දී කඩුලු 5ක් දැවී 85) සියලුම දෙනා දැවී 144 (40.3) ලක්ෂාන් මධුශිත 39, කවිඳු හිමංස 24, සචින් කාවින්ද 29, කවිදු හිමංස 24, එස්. සංතෝෂ් 5/38, පී. කිංග්ස්ටන් 2/12, ආර්. ගුණසීගන් 3/43

සරස්වතී මධ්‍ය මහා විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 183 (52.1) සී. කිංග්ස්ටන්47, ආර්. ගුණසීලන් 55, එස් සන්තුශ් නොදැවී 22, පැහැසර කේශාන් 2/36, දිනාර ශස්මික 2/31

බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 91 (21) දිනුර ශෂ්මික 32, ලෙඔන් බොනිවෙන්චර් 36, එස්. සන්තුහ් 2/48

හෂිකගේ සුපිරි ඉනිම ධර්මරාජ බලාපොරොත්තු සුන් කරයි

113 වැනි වරටත් පැවති මහනුවර ධර්මරාජ විද්‍යාලය හා මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අතර “කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමය” අද (16) ජය පරාජයෙන්…

සසිත් මනුරංග ශතකයක් ලබා ගනී

මාතර රාහුල විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය අතර අද (160 මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ වාර්ෂික ක්‍රිකට් තරගයේ දී රාහුල විද්‍යාලය වෙනුවෙන් සසිත් මධුරංග ශතකයක් ලබා ගැනීමට සමත් විය.

රාහුල විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 281 (90.5) සසිත් මනුරංග 119, චමුදිත ඩිල්ශාන් 43, සහන් බණ්ඩාර 36, භාග්‍ය එදිරිවීර 21, සිනෙත් සිතාර 3/65, කවිඳු රිද්මාල් 3/66. සචිර රශ්මික 2/54

සාන්ත තෝමස් විද්‍යාලය; පළමු ඉනිම (පළමු දිනයට නතර කරන විට) කිසිවෙක් නොදැවී 52 (8) සචිත රණසිංහ නොදැවී 23  


උතුර සටනේ එක්දින තරගයේ ජය සාන්ත ජෝන්ස් ක්‍රීඩකයන්ට

යාපනය මධ්‍ය මහා විද්‍යාලය සහ සාන්ත ජෝන් විද්‍යාලය අතර 17 වැනි වරටත් පැවති උතුරු වාර්ෂික එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයේ දී කඩුලු 2ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත ජෝන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

Photos: St John’s College Jaffna vs Jaffna Central College | Battle of the North – 17th Limited Overs Encounter

යාපනය මධ්‍ය මහා විද්‍යාලය; සියලුම දෙනා දැවී 221 (46) එස්. සරන්කන් 36, ඒ. නිතුශාන් 32, බී. ඉන්තුජාන් 22, රාජ් ක්ලින්ටන් 20, ඇන්ටන් අබිශේක් 4/37, ඇන්ටන් සරාන් 3/21

සාන්ත ජෝන් විද්‍යාලය; කඩුලු 8ක් දැවී 222 (48) ඒ. සුඛීතන් 61, එම්. අබිනාශ් 53, ටී. දිනෝෂාන් නොදැවී 24, කේ. තරිශාන් 23, එස්. මතුශා්න 3/24, ටී. විතුශාන් 2/32

>> ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් පිටුවට <<