මීළඟ පරපුරේ තාරකාවන් හට වේදිකාවක් තනාදීමේ බලාපොරොත්තුවෙන් සංවිධානය කෙරෙන ‘ThePapare’ පැසිපන්දු ශූරතාවලිය (TPBC) අඛණ්ඩව දෙවන වසරටත් පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානමින් ය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පාසැල් 28ක කණ්ඩායම් එකම කිරුළක් වෙනුවෙන් තරගාවලියේ දී සටන් වදිනු ඇත.

ද ලාසාල් විද්‍යාලයට දිගුකාලීන සැලැස්මක්

මීළඟ පරපුරේ තාරකාවන් හට වේදිකාවක් තනාදීමේ බලාපොරොත්තුවෙන් සංවිධානය කෙරෙන ‘ThePapare’ පැසිපන්දු..

TPBC 2016 – සාරාංශයක්

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අවසන් වරට වයස අවුරුදු 19න් පහළ සමස්ත ලංකා පාසල් A කාණ්ඩයේ පැසිපන්දු ශූරතාවයක් දිනා ගනු ලැබුවේ 2009 වසරේ දී ය. පසුගිය වසරේ පැවති තරගාවලියේ දී ඔවුන්ට පළමු වටයෙන්ම ඉවත් වීමට සිදු වූ අතර එහි දී ඔවුන් තරගාවලිය සඳහා එක්වුණේ B කාණ්ඩයෙනි.

කණ්ඩායම

2016 වසරේ තරග වාරය අවසන් වීමත් සමඟ කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 04 දෙනෙක් කණ්ඩායමට සමු දුන්නත් කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයින් 2017 තරග වාරය සඳහා කණ්ඩායමේ නායකත්වය දරන නවීන් ආකාෂ් හට සහයෝගය දැක්වීමට එක්වී ඇත. ආකාෂ් සමඟින් නිමාෂ් මලිංක සහ තලාෂ් ද මැල් එක්වීමෙන් කණ්ඩායමට සමබර බවක් එක්වේ.

කණ්ඩායමේ සිටින සෑම ක්‍රීඩකයෙක්ම එක හා සමාන දස්කම්වලින් යුතු නිසා අවශ්‍ය අවස්ථාවල දී ක්‍රීඩකයින් ආදේශ කරමින් තරගය මෙහෙයවීමට හැකි බව 2017 වසර සඳහා කණ්ඩායමේ පුහුණුකාර ධූරය දරන ග්‍රේෂන් ඇන්තනි විශ්වාස කරයි.

කෙසේ නමුත් කණ්ඩායමේ සාර්ථකත්වයට ක්‍රීඩකයින් දුර සිට ලකුණු ලබා ගැනීමට දක්වන ඉහළ දක්‍ෂතාවය බෙහෙවින් ඉවහල් වනු ඇත. එමෙන්ම කණ්ඩායම තුළ දක්‍ෂ ‘Point Guard’ ක්‍රීඩකයින් දෙදෙනෙක් ද සිටින නිසා එය ක්‍රීඩකයින් හට එකිනෙකා අතර පන්දුව හොඳින් හුවමාරු කර ගනිමින් ලකුණු ලබා ගැනීමේ අවස්ථාවන් නිර්මාණය කර ගැනීමට පහසුවක් වනු ඇත.

මේ දිනවල පැවැත්වෙන විභාග කටයුතු නිසා කණ්ඩායමේ පුහුණු කටයුතුවලට බාධා එල්ල වූ අතර කාලය මදිකම හේතුවෙන් ඔවුන් මේ වන විට සතියකට දින 6ක් පුහුණුවීම් කටයුතු සිදු කරන්නේ සීඝ්‍රගාමී පුහුණු වැඩසටහනකට අනුගත වෙමිනි. ඊට අමතරව ඔවුන් ශාරීරික යෝග්‍යතාවය ඉහළ නංවා ගැනීම සඳහා ද වෙනම පුහුණුවීම් කටයුතු සිදු කරයි. එමෙන්ම තරගාවලිය ඉලක්ක කර ගනිමින් ඔවුන් සුහද පැසිපන්දු තරග මෙන්ම ආදි සිසුන් සමඟ තරග කිහිපයකට ද සහභාගී වූ අතර එය ඔවුන්ගේ දස්කම් ඉහළ නංවා ගැනීමට ඉවහල් වී ඇත.

නායක නවීන් ආකාෂ්,     

Catain - Sebs“මට කණ්ඩායම ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. අපිට අවසන් තරගයට සුදුසුකම් ලබන්න පුළුවන් වෙයි. අපේ කණ්ඩායම හොඳ සමබර කණ්ඩායමක්. ඒ වගේම අපට හොඳ පුහුණුකරුවෙකුත් සිටිනවා. ඒ නිසා මම විශ්වාස කරනවා මෙම වසරේ දී නැවතත් ශූරතාවය අපේ පාසලට රැගෙන එන්න අපිට පුළුවන් වෙයි කියලා.”

ප්‍රධාන පුහුණුකරු ග්‍රේෂන් ඇන්තනි,

Coach - Sebs“අපි මෙම තරගාවලිය අවසන් වරට ජය ගත්තේ 2009 වසරේ දී. 2010 වසරේ දී අපි අනුශූරයින් බවට පත්වුණා. මම හිතන විදිහට මෙම වසරේ තරගාවලිය සඳහා ඉදිරිපත් වන කණ්ඩායමත් ඒ කණ්ඩායම් හා සමාන දක්‍ෂතාවලින් සමන්විත කණ්ඩායමක්. කණ්ඩායම තුළ දක්‍ෂයින් සිටින නිසා මට විශ්වාසයක් තියෙනවා මෙම වසරේ තරගාවලිය ජයග්‍රහණය කරන්න අපිට පුළුවන් වෙයි කියලා.”

සංචිතය

නවීන් ආකාෂ් (නායක), නිමාෂ් මලිංක, ඩිලන් ලෝව්, ෂෙනන් කුරේරා, ඩුවේන් ලෝව්, සුතාරක ප්‍රනාන්දු, රොෂේන් ප්‍රනාන්දු, ෂෙනාල් ජයතිලක, ෂෙහාන් ප්‍රනාන්දු, ගයෂාන් ඉරෝෂ, නුවනක ප්‍රනාන්දු, කාවින්ද ද මැල්, තාලාෂ් ද මැල්

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<