ධර්මාශෝක ක්‍රීඩකයින් පැසිපන්දුව උණුසුම් කරයි

821
Basketball - Amabalngoda Zonal

ධර්මාශෝක විද්‍යාලීය එළිමහන් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දකුණු පළාත් ආරාධිත පාසල් පැසිපන්දු තරගාවලියේ තවත් තරඟ කිහිපයක් අද (13) සවස පැවැත්විය.

පසුගිය ලිපි: ජයග්‍රහණය ධර්මාශෝක, ඇලෝසියස් සහ රිච්මන්ඩ් විද්‍යාලයට

එම තරඟ නම්, ගාල්ල සාන්ත තෝමස් විද්‍යාල හා ගාල්ල මහින්ද විද්‍යාලය, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය, මාතර රාහුල විද්‍යාලය හා ගාල්ල ඇලෝසියස් විද්‍යාලය අතර තරඟ ත්‍රිත්වයයි..

ගාල්ල සාන්ත තෝමස් විද්‍යාලයට එදිරිව ගාල්ල මහින්ද විද්‍යාලය

තරඟය ආරම්භයේදී මහින්ද විද්‍යාලයේ ක්‍රීඩකයින් ඉතා උපක්‍රමශීලීව පන්දුව හුවමාරු කරමින් පළමු සහ දෙවන වටයන්හිදී පෙරමුණ ගන්නේ ලකුණු 26ක් තම කණ්ඩායමට එකතු කර ගනිමින් වන අතර ප්‍රතිවාදී සාන්ත තෝමස් විද්‍යාලයට එම වටයන්හීදී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 10ක් පමණි.

පළමු අර්ධය: මහින්ද විද්‍යාලය 26 – 10 සාන්ත තෝමස් විද්‍යාල

දෙවන අර්ධයේදී සාන්ත තෝමස් ක්‍රීඩකයින් තමන්ගෙන් පළමු අර්ධයේදී ගිලිහුණු තරඟය තමන් දෙසට හරවා ගැනීමේ බලාපොරොත්තු සහිතව කණ්ඩාමට ලකුණු 12ක් එකතු කර ගත්තද, අවසන් වටයේදී නැවතත් ක්‍රියාත්මක වු මහින්ද ක්‍රීඩකයින් අවසන් මිනිත්තු කිහිපය තුළ ලකුණු 06ක් ලබා ගනිමින් තරඟයේ ජයග්‍රහණය වාර්තා කළේය.

සම්පූර්ණ ලකුණු: මහින්ද විද්‍යාලය 36 – 26 ශාන්ත තෝමස් විද්‍යාලය

මහින්ද විද්‍යාලය සාන්ත තෝමස් විද්‍යාල
පළමු කාර්තුව 12 02
දෙවන කාර්තුව 14 08
තෙවන කාර්තුව 04 12
සිව්වන කාර්තුව 06 04

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට එදිරිව ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය

ඉතා තියුණු තරඟයක් වූ මෙම තරගයේ පළමු වට දෙක තුළ ධර්මාශෝක ක්‍රීඩකයින් ලකුණු 45ක් ලබා ගත් අතර ප්‍රතිවාදී රිච්මන්ඩ් විද්‍යාලය ලකුණු 25ක් ලබා ගත්තේය.

පළමු අර්ධය: ධර්මාශෝක විද්‍යාලය 45 – 25 රිච්මන්ඩ් විද්‍යාලය

ධර්මාශෝක ක්‍රීඩකයින්  ඔවුන් පවත්වාගෙන ආ රිද්මය එලෙසම පවත්වා ගනිමින් ‍අවසන් වට දෙක තුළ ආක්‍රමණශීලීව ක්‍රීඩා කරමින් ලකුණු 81ක් දක්වා ලකුණු සංඛ්‍යාව වැඩි කර ගැනීමට සමත් විය.

සම්පූර්ණ ලකුණු: ධර්මාශෝක විද්‍යාලය 81 – 61 රිච්මන්ඩ් විද්‍යාලය

ධර්මාශෝක විද්‍යාලය රිච්මන්ඩ් විද්‍යාලය
පළමු කාර්තුව 29 08
දෙවන කාර්තුව 16 17
තෙවන කාර්තුව 20 26
සිව්වන කාර්තුව 16 10

මාතර රාහුල විද්‍යාලයට එදිරිව ගාල්ල ඇලෝසියස් විද්‍යාලය

දිනය අවසන් කරමින් පැවති මෙම තරඟයේ ඇලෝසියස් විද්‍යාලය පළමු වටයේදී ලකුණු 26කුත්, දෙවන වටයේදී ලකුණු 19කුත් ලබා ගන්නා විට රාහුල විද්‍යාලයට එම වට දෙක තුළ දී ලබා ගැනීමට හැකි වූයේ පිළීවෙලින් ලකුණු 09ක් සහ 05ක් පමණි.

පළමු අර්ධය: ඇලෝසියස් විද්‍යාලයත්  45 – 14 රාහුල විද්‍යාලයත්

දෙවන අර්ධයේදී රාහුල ක්‍රීඩකයින්, ඇලෝසියස්  ක්‍රීඩකයින්ට සාපේක්ෂව ලකුණු අතරට පැමිණියද එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවුණි.

සම්පූර්ණ ලකුණු: ඇලෝසියස් විද්‍යාලයත්  54 – 28 රාහුල විද්‍යාලයත්

ඇලෝසියස් විද්‍යාලය රාහුල විද්‍යාලය
පළමු කාර්තුව 26 09
දෙවන කාර්තුව 19 05
තෙවන කාර්තුව 04 07
සිව්වන කාර්තුව 05 07

මෙම තරගාවලියේ හෙට (14) පැවැත්වෙන තරඟ පහතින් දැක්වේ.

පිරිමි අංශය

  • ගාල්ල සාන්ත තෝමස් විද්‍යාලය හා මාතර රාහුල විද්‍යාලය
  • අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හා ගාල්ල මහින්ද විද්‍යාලය
  • ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය හා ගාල්ල ඇලෝසියස් විද්‍යාලය
  • ගාල්ල සාන්ත තෝමස්  විද්‍යාලය හා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය
  • මාතර රාහුල විද්‍යාලය හා ගාල්ල මහින්ද විද්‍යාලය
  • අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හා ගාල්ල ඇලෝසියස් විද්‍යාලය

කාන්තා අංශය

  • අනුලා දේවි බාලිකා විද්‍යාලය හා සුජාතා බාලිකා විද්‍යාලය
  • ධර්මාශෝක විද්‍යාලය හා සුජාතා බාලිකා විද්‍යාලය

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට 

English Translate: Two out of two for Dharmashoka College