ජයග්‍රහණය ධර්මාශෝක, ඇලෝසියස් සහ රිච්මන්ඩ් විද්‍යාලයට

1225
Basketball - Amabalngoda Zonal

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදී පැසිපන්දු සංගමය මඟින් ප්‍රථමවරට සංවිධානය කරන දකුණු පළාත් ආරාධිත පාසල් පැසිපන්දු තරගාවලිය, අද (13), හෙට (14) සහ අනිද්දා (15) ධර්මාශෝක විද්‍යාලීය එළිමහන් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

පසුගිය ලිපි: ජාතික වොලිබෝල් සංචිත ස්ථාපිත කිරීම ආරම්භ වේ

උදෑසන 7ට පමණ අරම්භ වුණු මෙම තරගාවලියේ අද උදෑසන පැවැත්වූයේ පිරිමි අංශයේ තරඟ පමණි. ධර්මාශෝක විද්‍යාලය, මාතර සාන්ත තෝමස් විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය, ගාල්ල ඇලෝසියස් විද්‍යාලය, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාල හා මාතර රාහුල විද්‍යාලය යන විද්‍යාලයන් හි පිරිමි පැසිපන්දු කණ්ඩායම් අද දිනයේදී තරඟ කරන ලදී.

ධර්මාශෝක විදුහලට එදිරිව සාන්ත තෝමස් විදුහල

දිනයේ පළමු තරඟය ලෙස අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය අතර තරඟය පැවැත්විය. තරඟයේ ආරම්භයේ සිටම තම කණ්ඩායමේ ජය තහවුරු කරගනිමින් ‍‍‍දක්ෂ ලෙස  ක්‍රීඩා කල ධර්මාශෝක විද්‍යාලීය කණ්ඩයම පළමු අර්ධ අවසන් වන විට ලකුණු 36ක් ලබා ගැනීමට සමත් විය. එම අර්ධයේදී ප්‍රතිවාදී මාතර සාන්ත තෝමස් විද්‍යාලීය කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 04ක් පමණි.

පළමු අර්ධය: ධර්මාශෝක විද්‍යාලය 36 – 04 සාන්ත තොමස් විද්‍යාලය

දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු කිහිපයක් යනතුරු සාන්ත තෝමස් විද්‍යාලයට ලකුණු ලබා ගැනීමට අවස්ථාවක් ලබා නොදුන් ධර්මාශෝක ක්‍රීඩකයින් එම අර්ධය තුළ ලකුණු 31ක් තම කණ්ඩායමට එකතු කරගැනීමට සමත් වූ අතර එහිදී ධර්මාශෝක විද්‍යාලයේ දසුන් නිලන්තගේ දස්කම් කැපීපෙනුනි.

අවසානයේ ලකුණු 67-06ක් ලෙස ලකුණු පුවරුව සටහන් කරමින් මෙම තරඟය ජය ගත්තේ ධර්මාශෝක විද්‍යාලයයි.

සම්පූර්ණ ලකුණු: ධර්මාශෝක විද්‍යාලය 67 – 06 සාන්ත තෝමස් විද්‍යාලය

ධර්මාශෝක විද්‍යාලය සාන්ත තෝමස් විද්‍යාලය
පළමු කාර්තුව 21 00
දෙවන කාර්තුව 15 04
තෙවන කාර්තුව 21 00
සිව්වන කාර්තුව 10 02

ගාල්ල මහින්ද විදුහලට එදිරිව ගාල්ල සාන්ත ඇලෝසියස් විදුහල

මෙම තරඟයේදී පළමු අර්ධයේ ලකුණු 28ක් ලබා ගනිමින් පෙරමුණ ගැනීමට සාන්ත ඇලෝසියස් ක්‍රීඩකයින් සමත් වූ අතර මහින්ද විද්‍යාලීය ක්‍රීඩකයින්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 16ක් පමණි.

පළමු අර්ධය: මහින්ද විද්‍යාලය 16 – 28 සාන්ත ඇලෝසියස් විද්‍යාලය

දෙවන අර්ධය ආරම්භයේදී පළමු ලකුණ ලබා ගැනීමට මහින්ද විද්‍යාලය සමත් වුවත්, තවත් ලකුණු 34ක් ලබා ගනිමින් සමස්ථ ලකුණු සංඛ්‍යාව 62ක් දක්වා වර්ධනය කරගත් සාන්ත ඇලෝසියස් විද්‍යාලය එම තරඟයේ ජයග්‍රහණය ලබා ගත්තේය.

සම්පූර්ණ ලකුණු: සාන්ත ඇලෝසියස් විද්‍යාලය 62 – 29 මහින්ද විද්‍යාලය

මහින්ද විද්‍යාලය සාන්ත ඇලෝසියස් විද්‍යාලය
පළමු කාර්තුව 07 14
දෙවන කාර්තුව 09 14
තෙවන කාර්තුව 06 23
සිව්වන කාර්තුව 07 11

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට එදරිව මාතර රාහුල විද්‍යාලය

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය හා මාතර රාහුල විද්‍යාලය අතර තරඟයෙන් ජයග්‍රහණය ලබා ගැනීමට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සමත් විය. මෙම තරඟයේ පළමු වටය තුළ දී ලකුණු 6ක පරතරයක් තබා ගැනීමට රාහුල විද්‍යාලය සමත් වූ අතර පළමු අර්ධය නිමාවන විට ලකුණු 12-11ක් ලෙස රාහුල ක්‍රීඩකයින් පෙරමුණ ගැනීමට සමත් විය.

පළමු අර්ධය: රාහුල විද්‍යාලය 12 -11 රිච්මන්ඩ් විද්‍යාලය

දෙවන අර්ධය ආරම්භයේදී තරඟය තමන් දෙසට නතු කරගැනීමට රිච්මන්ඩ් විද්‍යාලීය ක්‍රීඩකයින් සමත් වූ අතර එම අර්ධයේදී ඔවුන් තවත් ලකුණු 40ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කරන ලදි.

සම්පූර්ණ ලකුණු: රිච්මන්ඩ් විද්‍යාලය 51 – 32 රාහුල විද්‍යාලය

රාහුල විද්‍යාලය රිච්මන්ඩ් විද්‍යාලය
පළමු කාර්තුව 10 04
දෙවන කාර්තුව 02 07
තෙවන කාර්තුව 06 16
සිව්වන කාර්තුව 14 24

  තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට  

English Translation: Dharmashoka, St Aloysius & Richmondites top first session