ධර්මාශෝක ක්‍රීඩකයින් අපරාජිත බව රැකගනී

382
BasketBall sin

දකුණු පළාත් ආරාධිත පාසල් පැසිපන්දු තරගාවලියේ දෙවන දිනය වන අද (14), තවත් උණුසුම් තරඟ කිහිපයක් සාර්ථකව නිමාවට පත්විය.

අද දිනයේ ප්‍රථමයෙන් තරඟ බිමට පිවිසීමට නියමිතව සිටියේ ගාල්ල සාන්ත තෝමස් විද්‍යාලය හා මාතර රාහුල විද්‍යාලය යි. නමුත් සාන්ත තෝමස් විද්‍යාලය තරඟයට සහභාගී නොවීම නිසාවෙන් නිතරඟයෙන් ජයග්‍රහණය හිමි වූයේ රාහුල විද්‍යාලීය කණ්ඩායමටයි.

පසුගිය ලිපි: ධර්මාශෝක ක්‍රීඩකයින් පැසිපන්දුව උණුසුම් කරයි

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හා ගාල්ල මහින්ද විද්‍යාලය අතර තරඟය

දිනයේ දෙවන තරඟය වූ මෙම තරඟයෙන් 71 – 54ක් ලෙසින් ජයග්‍රහණය වාර්තා කලේ ධර්මාශෝක කණ්ඩායමයි.

ධර්මාශෝක කණ්ඩායමේ දසුන් නිලන්ත ඊයේ දිනයේදී මෙන්ම පන්දුව ප්‍රතිවාදීන් අතරින් මනාව රැගෙන යමින් අවස්ථා කිහිපයකදීම තම කණ්ඩායමට ලකුණු රැස් කරදීමට සමත් වූ අතර එම කණ්ඩායමේම අයේෂ් හා සචින්  සුක්ෂම ලෙස පන්දුව හුවමාරු කරමින්  තම කණ්ඩායම ජයග්‍රහණය දෙසට තවත් ලංකරන ලදී.

ඒ අනුව පළමු වට දෙක තුළ ලකුණු 20ක් හා 22ක් ධර්මාශෝක ක්‍රීඩකයින් ලබා ගැනීමට සමත් වූ අතර මහින්ද විද්‍යාලය පළමු වට දෙක තුළ ලකුණු 11ක් හා 13ක් ලබා ගත්තේය.

පළමු අර්ධය: ධර්මාශෝක විද්‍යාලය 42 – 24 මහින්ද විද්‍යාලය

දෙවන අර්ධයේ අවසන් අදියරයේදී මහින්ද විද්‍යාලය ලකුණු 08කින් ඉදිරියට පැමිණියත්, එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය.

සම්පූර්ණ ලකුණු : ධර්මාශෝක විද්‍යාලය 71 – 54 මහින්ද විද්‍යාලය

ධර්මාශෝක විද්‍යාලය මහින්ද විද්‍යාලය
පළමු කාර්තුව 20 11
දෙවන කාර්තුව 22 13
තෙවන කාර්තුව 22 15
සිව්වන කාර්තුව 07 15

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය හා ගාල්ල ඇලෝසියස් විද්‍යාලය අතර තරඟය

ඇලෝසියස් ක්‍රීඩකයින් පන්දුවේ හිමිකාරිත්වය තමන් සන්තකයේ රදවාගෙන ලකුණු රැස් ක‍ලේ රිච්මන්ඩ් ක්‍රීඩකයින් ආරම්භයේ සිටම අසරණ කරමිනි.

මදුෂාන් හා ශාමික සමඟ එක්වූ මිලාන් මනා අවබෝධයකින් යුක්තව පන්දුව හුවමාරු කරගනිමින් කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු හඹා යන ලදී.

පළමු අර්ධයන් දෙක තුළදී ලකුණු 15ක් හා 16ක් ලබා ගනිමින් ප්‍රථම අර්ධය නිමාවට පත්වන විට, ඇලෝසියස් ක්‍රීඩකයින් ලකුණු 31ක් ලබා ගනිමින් පෙරමුණ ගෙන සිටියේය.

රිච්මන්ඩ් විද්‍යාලයේ ජී. ද සිල්වා, ඕ. ටී. නදුන් සහ ජනිත් ලක්ෂාන් අවස්ථා කිහිපයකදී ලකුණු ලබා ගත් අතර එය ප්‍රතිවාදීන් හඹා යෑම‍ට තරම් ප්‍රමාණවත් නොවීය.

පළමු අර්ධය: ඇලෝසියස් විද්‍යාලය 31 – 13 රිච්මන්ඩ් විද්‍යාලය

දෙවන අර්ධයේ පළමු වටය තුළ රිච්මන්ඩ් ක්‍රීඩකයින් ලකුණු 11ක් ලබා ගනිමින් ඉදිරියට පැමිණියත්, නැවතත් ක්‍රියාත්මක වූ ඇලෝසියස් ක්‍රීඩකයින් අවසන් වටය තුළ ලකුණු 12ක් ලබා ගනිමින් නියමිත කාලය අවසන් වන විට ජය තමන් සතු කරගත්තේය.

සම්පූර්ණ ලකුණු: ඇලෝසියස් විද්‍යාලය 51 – 34 රිච්මන්ඩ් විද්‍යාලය

ඇලෝසියස් විද්‍යාලය රිච්මන්ඩ් විද්‍යාලය
පළමු කාර්තුව 15 08
දෙවන කාර්තුව 16 05
තෙවන කාර්තුව 08 11
සිව්වන කාර්තුව 12 10

මාතර රාහුල විද්‍යාලය හා ගාල්ල මහින්ද විද්‍යාලය අතර තරඟය

මහින්ද ක්‍රීඩකයින් උදෑසන ධර්මාශෝක ක්‍රීඩකයින්ගෙන් ලද දැවැන්ත පරාජය හේතුවෙන් මෙම තරඟය ඔවුන්ට ඉතා තීරණාත්මක තරඟයක් විය.

මෙහිදී මහින්ද විද්‍යාලය වෙනුවෙන් නායක ශානුක ඉතා දක්ෂ ලෙස ක්‍රීඩා කළ අතර කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයින් මනාව ස්ථානගත කරමින් ලකුණු ලබා ගැනීමට තරම් ඔහු සූක්ෂම විය. ඒ සඳහා ඔහුට අඟනා සහයෝගයක් ලබාදුන් අනාගත නායකත්වයට උරුමකම් කියන විහඟ, ප්‍රතිවාදීන්ගේ අභියෝගයක් බවට පත්විය.

ඒ අනුව පළමු අර්ධයේ වට දෙක තුළ ලකුණු 19ක් හා 06ක් මහින්දයන් ලබා ගත් අතර රාහුලයන් ලකුණු 10ක් හා 15ක් ලබා ගත්තේය. එම අර්ධය තුළ දෙපිලම සම ලකුණු ලබා ගැනීමට සමත් විය.

පළමු අර්ධය: මහින්ද විද්‍යාලය 25 – 25 රාහුල විද්‍යාලය

දෙවන අර්ධය ආරම්භයේ සම තත්වයක කණ්ඩායම් දෙකම පසුවූවත්, අවසානය වන විට මහින්දයන් තම ජය මාවත නිවැරදිව සකසා ගත්තේ අවසන් වට දෙක තුළ ලකුණු 18ක් හා 17ක් ලබා ගනිමිනි.

සම්පූර්ණ ලකුණු: මහින්ද විද්‍යාලය 60 – 53 රාහුල විද්‍යාලය

මහින්ද විද්‍යාලය රාහුල විද්‍යාලය
පළමු කාර්තුව 19 10
දෙවන කාර්තුව 06 15
තෙවන කාර්තුව 18 12
සිව්වන කාර්තුව 17 16

ධර්මාශෝක විද්‍යාලය හා ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය

අතිශය තියුණු සටනක් ආරම්භයේ සිටම පැවැති අතර එහිදී ධර්මාශෝක කණ්ඩායමේ දසුන් නිලන්ත ක්‍රියාත්මක වූයේ ප්‍රතිවාදීන්ට තවත් අභියෝගයක් වෙමිනි. පෙර තරගවලදී මෙන්ම මෙම තරගයේදී ද දසුන් නිලන්ත තම කණ්ඩායම වෙනුවෙන් ලකුණු රැස්කරන්නට සමත් විය. ඊට සසිදු හා ශෙහාන් එක් වෙමින් පන්දුවේ අයිතිය දසුන් වෙත භාර කළේ ප්‍රතිවාදීන් මවිතයට පත්කරමිනි.

පළමු අර්ධය: ධර්මාශෝක විද්‍යාලය 48 – 30 ශාන්ත ඇලෝසියස් විද්‍යාලය

දෙවන අර්ධයේ අවසන් වටය තුළ ඇලෝසියස් ක්‍රීඩකයින් ලකුණු 20ක් ලබා ගනිමින් ඉදිරියට පැමිණියද ඊට පෙර වටයේදී ධර්මාශෝක ක්‍රීඩකයින් ලකුණු 21ක් ලබා සිටියේය.

සම්පූර්ණ ලකුණු: ධර්මාශෝක විද්‍යාලය 83 – 66 ශාන්ත ඇලෝසියස් විද්‍යාලය

ධර්මාශෝක විද්‍යාලය

සාන්ත ඇලෝසියස් විද්‍යාලය

පළමු කාර්තුව

20

17

දෙවන කාර්තුව

28

13

තෙවන කාර්තුව

21

16

සිව්වන කාර්තුව

14

20


ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය හා ගාල්ල මහින්ද විද්‍යාලය

මෙහිදී ලකුණු 61- 58ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරන්නට මහින්ද විද්‍යාලය සමත්විය. එහිදී පළමු අර්ධයේ මුල් කාර්තු දෙක තුළ රිච්මන්ඩ් විද්‍යාලය ලකුණු 14ක් හා 16ක් ලබා ගනිමින් පෙරමුණ ගෙන සිටියේය.

රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් ජනිත් ලක්ෂාන් මහින්දයන් අතරින් ඇදී ගියේ මෙම තරගය තමන්ගේ කරගනිමිනි. ඔහුට තවත් සහයක් ලබා දුන් සිනෙත් පන්දුව උපක්‍රමශීලීව හුවමාරු කිරීමට සමත් වූ අතර අමතර ලකුණු 02ක් ද ලබා ගැනීමට සමත්විය.

පළමු අර්ධය: රිච්මන්ඩ් විද්‍යාලය 30 – 25 මහින්ද විද්‍යාලය

රිච්මන්ඩ් විද්‍යාලයෙන් පළමු අර්ධයේදී ලබා දුන් අභියෝගයට සාර්ථක පිළිතුරක් ලබාදීමට ශානුක ප්‍රමුඛ මහින්ද ක්‍රීඩකයින් සමත් වූ අතර, එම අර්ධයේදී ලකුණු 15ක් හා 16ක් ලබා තරගය ජයගැනීමට මහින්ද විද්‍යාලය සමත්වූයේ අමතර ලකුණු 06ක්ද කණ්ඩායමට එකතු කර ගනිමිනි.

සම්පූර්ණ ලකුණු: රිච්මන්ඩ් විද්‍යාලය 58 – 61 මහින්ද විද්‍යාලය 61

මහින්ද විද්‍යාලය

රිච්මන්ඩ් විද්‍යාලය

පළමු කාර්තුව

12

14

දෙවන කාර්තුව

13

16

තෙවන කාර්තුව

15

12

සිව්වන කාර්තුව

16

14

අමතර කාර්තුව

06

02


තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට