මීළඟ පරපුරේ තාරකාවන් හට වේදිකාවක් තනාදීමේ බලාපොරොත්තුවෙන් සංවිධානය කෙරෙන ‘ThePapare’ පැසිපන්දු ශූරතාවලිය (TPBC) අඛණ්ඩව දෙවන වසරටත් පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානමින් ය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පාසල් 28ක කණ්ඩායම් එකම කිරුළක් වෙනුවෙන් තරගාවලියේ දී සටන් වදිනු ඇත.

ප්‍රෙස්බිටීරියන් කාන්තා පාසල අවසන් පූර්ව වටයෙන් ඔබ්බට යන්නට සූදානමින්

මීළඟ පරපුරේ තාරකාවන් හට වේදිකාවක් තනාදීමේ බලාපොරොත්තුවෙන් සංවිධානය කෙරෙන ‘ThePapare’ පැසිපන්දු ශූරතාවලිය…

TPBC 2016 – සාරාංශයක්

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය පසුගිය වසරේ තරගාවලිය සඳහා සහභාගී වූයේ A කාණ්ඩයෙනි. එහි දී ඔවුන්ට තරගාවලියේ පළමු වටයෙන්ම අවාසනාවන්ත ලෙස ඉවත් වීමට සිදුවූයේ ඔවුන් එහි දී සහාභාගී වූ තරග සියල්ලම පරාජයට පත්වීම හේතුවෙනි. තරගාවලියේ පළමු තරගය ඔවුන් ද ලාසාල් විද්‍යාලය හමුවේ ලකුණු 21-20ක් ලෙස පරාජයට පත්වූ අතර අනතුරුව දෙවන තරගය ද ඔවුන් ලකුණු 59-48ක් ලෙස ආසියානු ජාත්‍යන්තර පාසල් කණ්ඩායම හමුවේ පරාජයට පත්විය. අනතුරුව පළමු වටයේ පැවති අවසන් තරගය ද ඔවුන් මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය කණ්ඩායම හමුවේ පරාජයට පත්විය.

කණ්ඩායම

පසුගිය වසරේ තරගාවලිය සඳහා සහභාගී වූ ක්‍රීඩකයින් දෙදෙනෙක් මෙවර ක්‍රීඩා නොකළත් පසුගිය තරග වාරය එක්ව ක්‍රීඩා කළ නිසා කණ්ඩායම තුළ ඇති අන්‍යෝන්‍ය අවබෝධය පිළිබඳව ඔවුන් විශ්වාසයෙන් පසුවෙයි. සමස්තයක් වශයෙන් ගත් කළ කණ්ඩායම තරුණ කණ්ඩායමක් වුවත් කණ්ඩායම තුළ ක්‍රීඩා කරන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් වසර 2-3ක කාලයක් වයස අවුරුදු 19න් පහළ වයස් කාණ්ඩයේ ක්‍රීඩා කර ඇති නිසා ඔවුන්ගේ අත්දැකීම් තරගාවලිය පුරාවට කණ්ඩායමට වැදගත් වනු ඇත.

Photo Album – TPBC17 | D.S. Senanayake College – Colombo|Basketball Team

ඩී. එස්. සේනානායක විද්‍යාලයීය කණ්ඩායමේ විශේෂත්වය වන්නේ ඔවුන් ප්‍රහාරාත්මක මෙන්ම ආරක්ෂාකාරී අංශවලින් සමබර කණ්ඩායමක් වීමට අමතරව කණ්ඩායම තුළ වමත් සහ දකුණත් ක්‍රීඩකයින් ද සමාන ගණනක් සිටීමයි. ඒ හරහා ඔවුන්ට ප්‍රතිවාදී කණ්ඩායම්වල ආරක්ෂාකාරී ක්‍රීඩකයින් පිටියේ පැති දෙකෙන්ම පසුකර යාමට හැකියාව ලැබේ. එමෙන්ම ලකුණු ලබා ගැනීමේ අවස්ථාවන් මඟහැරුණු විට නැවතත් පන්දුව ලබා ගැනීමට කණ්ඩායමේ ක්‍රීඩකයින් දක්වන දක්‍ෂතාවය කෙරෙහි ඔවුන් දැඩි විශ්වාසයකින් පසුවන අතර එය අනෙක් කණ්ඩායම් හා සංසන්දනය කිරීමේ දී ඔවුන්ට වාසිදායක තත්වයක් බව ඔවුන්ගේ විශ්වාසය යි.

නව පුහුණුකරුවෙක්ගේ මාර්ගෝපදේශකත්වයට අනුව සම්පූර්ණයෙන්ම වෙනස් පුහුණු කාලසටහනක් යටතේ නව පුහුණු උපක්‍රම ඔවුන් අනුගමනය කරනු ලැබීය. ඒ අනුව සතියට දින 5 ක් තනි තනිව මෙන්ම කණ්ඩායමක් වශයෙන් ද ඔවුන් දක්වන දුර්වලතා මඟහරවා ගැනීම කේන්ද්‍ර කර ගනිමින් ඔවුන් පුහුණුවීම් කටයුතු සිදු කරන ලදි. එමෙන්ම නව පුහුණුකාර වරයාගේ ගුරුහරුකම් හරහා මෙම වසරේ දී තරගාවලිය ජයග්‍රහණය කිරීමට හැකිවනු ඇතැයි කණ්ඩායමේ ක්‍රීඩකයින් විශ්වාසයෙන් පසුවෙයි.

නායක හංසික බ්‍රාහ්මණගේ,

Captain - DS“අපි පසුගිය වසරට වඩා මෙවර තරගාවලිය සඳහා ගොඩක් මහන්සි වුනා. අපිට හොඳ කණ්ඩායමක් සිටිනවා. ඒ ගැන කිසිම සැකයක් නැහැ. අපි සැලකිය යුතු කාලයක් සඳහා ඒකට ක්‍රීඩා කළා. මට කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ දක්‍ෂතා ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ නිසා අපි පසුගිය වසරට වඩා හොඳ ප්‍රතිඵලයක් මෙවර බලාපොරොත්තු වෙනවා.”

ප්‍රධාන පුහුණුකරු චමින්ද සෙම්බුකුට්ටිආරච්චි,

“මම මාස 3ක පමණ කාලයක ඉඳන් මොවුන්ට පුහුණුවීම් කටයුතු සිදු කරනවා. මේ දක්වා කණ්ඩායම හොඳින් කටයුතු කළා. නමුත් තව දියුණු විය යුතු අංශ තියෙනවා. නමුත් මොවුන් දැඩි කැපවීමකින් කටයුතු කරනවා. ඒ නිසා මම විශ්වාස කරනවා කණ්ඩායම මෙම වසරේ දී අවම වශයෙන් අර්ධ අවසන් පූර්ව වටය සඳහා හෝ සුදුසුකම් ලබයි කියලා.”  

සංචිතය

හංසික බ්‍රාහ්මණගේ (නායක), චාමික ලසිත්, දිනුත් අභිලාශ, චාරුක අබේවික්‍රම, රසී පූර්ණක, කේසර ලක්ෂාන්, කවිඳු ලෝචන, නිකිල ප්‍රමුදිත, නදීන් අභිලාෂ්, විනුෂ්ක පෙරේරා, රවීන් සේනාරත්න, විෂා සහන්

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට