බලාපොරොත්තු රැසක් සමඟින් වොලිබෝල් කණ්ඩායම් නේපාලයට

161

2019 නොවැම්බර් 27 සිට දෙසැම්බර් මස 03 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ වොලිබෝලි තරග සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ජ්‍යේෂ්ඨ පිරිමි සහ කාන්තා වොලිබෝල් කණ්ඩායම් 2019 නොවැම්බර් 25 වැනිදා (ඊයේ) නේපාලයේ කත්මන්ඩු බලා පිටත් විය.

තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ කාන්තා කණ්ඩායමේ නායකත්වය අශානි චමෝදිකාට හිමිව ඇති අතර ජ්‍යෙෂ්ඨ පිරිමි කණ්ඩායමේ නායකත්වය දීප්ති රෝමේෂ්ට හිමිව ඇත. 

මීගමු වෙරළ තීරය දෙසැම්බරයේ දී වොලිබෝල්වලින් උණුසුම් වෙයි

සන්ක්වික් හා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය එක්ව වාර්ෂිකව සංවිධානය….

රටවල් 06ක් සහභාගී වන මෙම ක්‍රීඩා උළෙල තරග කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන අතර ඒ සඳහා පිරිමි අංශයෙන් ශ්‍රී ලංකාව B කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතය. එම කාණ්ඩය සඳහා පාකිස්තානය සහ මාලදිවයින ඇතුලත්ව ඇත. පිරිමි A කාණ්ඩය යටතේ ඉන්දියාව, බංග්ලාදේශය හා නේපාලය ඇතුලත්ව ඇත. 

කාන්තා අංශයෙන් ද ශ්‍රී ලංකාව B කාණ්ඩයෙන් තරග වදින අතර B කාණ්ඩයේ අනෙකුත් රටවල් ලෙස පාකිස්තානය සහ මාලදිවයින ඇතුලත්ව ඇත. A කාණ්ඩය සඳහා ඉන්දියාව, නේපාලය හා බංග්ලාදේශය ඇතුලත්ව ඇත. 

මෙම ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන පිරිමි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස  කියුබානු ජාතික මැනුවෙල් තොරෙස් මහතා, සහාය පුහුණුකරු ලෙස සමන් චන්ද්‍රනාත් මහතා, අභ්‍යාසක ලෙස සුසිරි මංගල මහතා සහ කණ්ඩායම් කළමනාකරු වශයෙන් කේ. ආර්. ඩී. සී. රත්නමුදලි මහතා කටයුතු කරනු ලබයි. 

වාසනාවන්ත අංක 7 – ගිබා

අංක 7 වාසනාවන්ත ඉලක්කමක් බව පුරාවෘත වල සඳහන් වන කරුණක්…..

එමෙන්ම සහභාගී වන කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කියුබානු ජාතික රොබේටෝ සෙපෙරෝ මහතා, සහාය පුහුණුකරු ලෙස ජානක ඉන්ද්‍රජිත් මහතා, අභ්‍යාසක ලෙස අමිල විජේපාල මහතා සහ කණ්ඩායම් කළමනාකරු වශයෙන් චන්දන විජේසිංහ මහතා කටයුතු කරනු ලබයි.

සංචාරයට පිටව යාමට පෙර පිරිමි හා කාන්තා කණ්ඩායම සමූහ ඡායාරූප සඳහා පෙනී සිටින ලදි.

ජ්‍යෙෂ්ඨ කාන්තා කණ්ඩායම

තිළිණි වාසනා – උපනායිකාව, අමිල විජේපාල මහතා – අභ්‍යාසක, චන්දන විජේසිංහ මහතා – කණ්ඩායම් කළමනාකරු, රොබේටෝ සෙපෙරෝ මහතා – ප්‍රධාන පුහුණුකරු, ජානක ඉන්ද්‍රජිත් මහතා – සහය පුහුණුකරු, අශානී චමෝදිකා ජයතුංග – කණ්ඩායම් නායිකාව

දෙවන පේලිය – වමේ සිට

සචිනි චාරුකා, දිලුෂා සංජීවනි, දිලුක්ෂි හර්ෂනි, නිමේෂිකා සෙව්වන්දි, නදුනි හිමංසලා, අරුණ වසන්ති

තුන්වන පේලිය – වමේ සිට

රුවනි තක්ෂලා, අනුත්තරා සඳමාලි, කවීෂා ලක්ෂානි, හෂිනි ලක්ෂිකා, අප්සරා සෙව්මාලි, අමානි කෞෂල්‍යා

ජ්‍යෙෂ්ඨ පිරිමි කණ්ඩායම

 

පළමු පේලිය අසුන්ගෙන (වමේ සිට)

ලසිඳු මෙත්මාල් – උපනායක, සුසිරි මංගල මහතා – අභ්‍යාසක, මැනුවෙල් තෝරෙස් මහතා – ප්‍රධාන පුහුණුකරු,, කේ. ආර්. ඩී. සී. රත්නමුදලි මහතා – කණ්ඩායම් කළමනාකරු, සමන් චන්ද්‍රනාත් මහතා – සහාය පුහුණුකරු, දීප්ති රොමේෂ් – කණ්ඩායම් නායක

දෙවන පේලිය – වමේ සිට

කසුන් චතුරංග, ඒ. ඩබ්. ලක්මාල්, ශෙහාන් විමුක්ති

තුන්වන පේලිය – වමේ සිට

ඉසුරු මධුෂාන්, නලීන් කරුණාරත්න, ශෂික ලක්ෂාන් කැලනියගේ, වසන්ත ලක්මාල්, අයේෂ් දිල්ෂාන්, මලිත් දිනිඳු, දිලින සුදාරක, ධනුෂ්ක දිල්ෂාන්, මහේෂ් චන්ද්‍රකුමාර

යොවුන් සංචිතයට නැතිවම බැරි පොඩි මෑන් – කවිඳු පබසර

පසුගිය දා නිමා වුන තෙවැනි ආසියානු 23න් පහළ වොලිබෝල් ශූරතාවට….

තරගාවලියේ පිරිමි තරග කාලසටහන

  • නොවැම්බර් 29 – ශ්‍රී ලංකාව හා මාලදිවයින – පස්වරු 7
  • නොවැම්බර් 30 – ශ්‍රී ලංකාව හා පාකිස්තානය – පස්වරු 3
  • දෙසැම්බර් 01 – පළමු අවසන් පූර්ව තරගය – පස්වරු 3
  • දෙසැම්බර් 01 – දෙවන අවසන් පූර්ව තරගය – පස්වරු 5
  • දෙසැම්බර් 02 – තුන්වැනි ස්ථානය සඳහා වන තරගය – පස්වරු 2
  • දෙසැම්බර් 03 – අවසන් මහා තරගය – පස්වරු 4

තරගාවලියේ කාන්තා තරග කාලසටහන

  • නොවැම්බර් 28 – ශ්‍රී ලංකාව හා පාකිස්තානය – පස්වරු 7
  • නොවැම්බර් 29 – ශ්‍රී ලංකාව හා මාලදිවයින – පස්වරු 3
  • නොවැම්බර් 30 – පළමු අවසන් පූර්ව තරගය – පස්වරු 5
  • නොවැම්බර් 30 – දෙවන අවසන් පූර්ව තරගය – පස්වරු 7
  • දෙසැම්බර් 02 – තුන්වැනි ස්ථානය සඳහා වන තරගය – පස්වරු 4
  • දෙසැම්බර් 03 – අවසන් මහා තරගය – පස්වරු 2

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<