ඉන්දියාවෙන් පහර කෑ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ භූතානය හමුවේ කබලෙන් ලිපට

299

2018 SAFF වයස අවුරුදු 15න් පහළ කාන්තා පාපන්දු ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ තරග දෙකෙන්ම ඉතා දරුණු පරාජයන් අත්විඳින්නට ශ්‍රී ලංකාවට සිදු විය.

තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයේ දී ඉන්දියාව හමුවේ ගෝල 12-0ක පරාජයක් අත්විඳි අතර දෙවන තරගයේ දී භූතානය හමුවේ ගෝල 6-0කින් පරාජය වන්නට ඔවුන්ට සිදු විය.

ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩිකාවෝ භූතානය බලා පිටව යයි

ශ්‍රී ලංකා වයස අවුරුදු 15න් පහළ කාන්තා පාපන්දු කණ්ඩායම දෙවන වරටත් පැවැත්වෙන..

ඉන්දියාව සමඟ තරගයේ දී ශ්‍රී ලංකාවට සෑහෙන කලකට අමතක නොවන ගෝල සංග්‍රහයක් හිමි වූ අතර ශිල්කී දෙවී තරගයේ පළමු මිනිත්තුවේ පළමු ප්‍රහාරයෙන්ම ඉන්දියාව වෙනුවෙන් ගෝලයක් රැස් කළේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දරුණු පසුබෑමකට ලක් කරමිනි.

පසුගිය වසරේ අනුශූරියන් වූ ඉන්දියාව වෙනුවෙන් ලින්ඩා කොම් හා අවිකා සින්ග් අටවන මිනිත්තුව වන විට තවත් පහසු ගෝල ද්විත්වයක් වාර්තා කළ අතර ශ්‍රී ලංකා ගෝල රකින්නිය වූ ජෙගනාතන් ජෙතුන්සිකා අවස්ථා දෙකක් ව්‍යර්ථ කිරීමට සමත් වුවත් ඇයගේ හුදකලා උත්සාහය පමණක් ජයග්‍රහණයට ප්‍රමාණවත් වූයේ නැත.  

සුනීතා මුන්ඩා සිය පළමු ගෝලය වාර්තා කරගද්දී දක්ෂ ක්‍රීඩා විලාසයක නිරත වූ ශිල්කී දේවී පළමු අර්ධය තුලම සිය ගෝල ත්‍රිත්වය සම්පූර්ණ කර ගන්නා ලදි.

දෙවන අර්ධය ද පළමු අර්ධයට වඩා වැඩි වෙනසක් නොපෙන්වූ වූ අතර අවිකා සින්ග් හා ක්‍රිටිනා දේවී පහසු ගෝල ද්විත්වයක් රැස්කර ගත්තේ දෙවන අර්ධය ද සිය ග්‍රහණයට ගනිමිනි.

සංචාරක ලිතුවේනියාවෙන් සත්කාරක ශ්‍රී ලංකාවට ප්‍රහාරයක්

ලිතුවේනියා කණ්ඩායම සුහද තරග දෙකක් සඳහා ශ්‍රී ලංකාවේ නිරත වන අතර ඉන් දෙවන සුහද..

ඉන්දීය ක්‍රීඩිකාවන්ගේ වේගය හමුවේ අසරණ වුවද ශ්‍රී ලංකාව වෙනුවෙන් ශ්‍රී ලංකා නායිකා කාවින්දි ජයකොඩි ඉන්දීය ක්‍රීඩිකාවන් නැවැත්වීමට දැඩි උත්සහයක් දරනු දක්නට ලැබුණු අතර නිමේෂා සඳරුවනි, ටෂානි ජයකඩු, මදුශානි කුමාරි, එස්. තවප්‍රිය, කිරුශාන්තිනි, අමානි සේනාධීර හා ඉඳුනි නිම්සරා ද සිය උපරිමය කණ්ඩායමට ලබාදෙනු දක්නට ලැබුණි.

අවසන් ලකුණු තත්වය: ඉන්දියාව 12-0 ශ්‍රී ලංකාව

ගෝල ලබාගත් ක්‍රීඩිකාවෝ

  • ඉන්දියාව – ශිල්කී දේවි 1’, 20’, 44’, ලින්ඩා කොම් 6’, අවිකා සින්ග් 14’, 59’, සුනීතා මුන්ඩා 42’, 79’, ක්‍රිටීනා දේවි 47’, කිරන් 72’, අන්ජු 87’, 89’    

ඉන්දියාවේ ලැබූ දැවැන්ත පරාජයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සත්කාරක භූතානය සමඟ තරග වැදුණු අතර එහි දී ද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදු වූයේ අමිහිරි පරාජයක් අත්විඳින්නටය.

තරගයේ 9 වන මිනිත්තුවේ දී Sonam Lhamo භූතානය වෙනුවෙන් ගෝල ලබාගැනීම ආරම්භ කළ නමුත් මෙවර වඩා උපක්‍රමශීලිව ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මද වේලාවක් යනතුරු සත්කාරකයින්ට ගෝල ලබා ගැනීමට ඉඩ නොදී සිටින්නට සමත් වූහ.  

චෙල්සි හා මැන්චෙස්ටර් යුනයිටඩ් සාර්ථක ආරම්භයන් ලබාගනී

2018-19 එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ තරග ඊයේ (11) ආරම්භ වූ..

කෙසේ වෙතත් ඉතා හොඳ රිද්මයකින් ක්‍රීඩා කළ Lhamo පළමු අර්ධය අවසානයට පෙර දෙවන භූතාන ගෝලයත් රැස් කළේ පළමු අර්ධයේ පෙරමුණ ගනිමින්.

පළමු අර්ධය නිමා වීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ සිය එකම අවස්ථාව හිමි වූ අතර නිදහස් පහරක් හිමිවුවත් එම අවස්ථාව සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වූයේ නැත.  

පළමු අර්ධයේ ගෝල 2-0ක් ලෙස පෙරමුණට පැමිණි භූතාන ක්‍රීඩිකාවන්ට දෙවන අර්ධයේ ද අවස්ථා කිහිපයක් හිමි වුනත් ඒවා සාර්ථක කර ගැනීමට තරම් ඔවුන් වාසනාවන්ත වූයේ නැත.

67 වන මිනිත්තුවේ දී Yeshey Bidha භූතානය වෙනුවෙන් තෙවැනි ගෝලය වාර්තා කළ අතර ඇදහැළුණු වර්ෂාව මධ්‍යයේ Deki Yangdon, Corner අවස්ථාවක් මැනවින් ප්‍රයෝජනයට ගෙන තවත් ගෝලයක් වාර්තා කළේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තවත් අමාරුවේ දමමින්.   

ඊට මිනිත්තු කිහිපයකට පසු Lhamo තවත් ගෝලයක් වාර්තා කළේ සිය ගෝල ත්‍රිත්වය සම්පුර්ණ කර ගනිමිනි.

83 වන මිනිත්තුවේ දී නැවත වරක් ක්‍රියාත්මක වූ Bidha හයවන භූතාන ගෝලයත් වාර්තා කළේ ශ්‍රී ලංකා කණ්ඩායම 2018 SAFF වයස අවුරුදු 15න් පහළ කාන්තා ශූරතාවලියේ කාණ්ඩ වටයෙන්ම තරගාවලියෙන් ඉවතට ඇද දමමින්.

අවසාන ලකුණු තත්වය: භූතානය 6-0 ශ්‍රී ලංකාව

ගෝල ලබාගත් ක්‍රීඩකයෝ

  • භූතානය – Sonam Lhamo 9’, 38’, 79’, Yeshey Bidha 67’, 83’, Deki Yangdon 77’   

>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට<<