රග්බි පිටියට ආදරය කළ ‘ෆාරුක් අංකල්’ නොඑන ගමන් යයි

884

රග්බි ක්‍රීඩාවට වඩා ක්‍රිකට් ක්‍රීඩාව ජනප්‍රිය ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවටම ලැදි ප්‍රේක්ෂකයින් සිටියා නම් ඒ අතලොස්සක් පමණි. එයිනුත් මහනුවර ක්‍රීඩා සමාජය සිය පණ මෙන් සැලකු සුප්‍රසිද්ධ ‘Kandy Fa’ හෙවත් ෆාරුක් හමීඩ් ඊයේ සවස රග්බි පිටියට මෙන්ම ජීවිත පිටියට ද සිය අවසන් හුස්ම එකතු කළා.ඒ සවුදි අරාබියේ මෙඩිනා හිදී.

කන්ද උඩරටින් ආගන්තුකයින්ට සැර සත්කාරයක්

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන අර්ධයේ සිව්වැනි සතියේ ආරම්භක තරගය සඳහා

කොළඹ නුවර භේදයකින් තොරව මහනුවර ක්‍රීඩා සමාජය සහභාගී වන ඕනෑම තරගයකට කණ්ඩායමටත් කලින් පිටියට බසින ෆාරුක් 1990 වසරේ සිටම මහනුවර ක්‍රීඩා සමාජයේ දිරිගන්වන්නෙක්. විද්‍යාර්ථ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඔහු පාසල් වියේ සිටම රග්බි ක්‍රීඩාවට ඉතා ආදරය කළ අයෙක්.

මහනුවර ක්‍රීඩා සමාජයේ කොඩිය උරහිසේ දරාගෙන ජය පරාජය හමුවේ මහනුවර ක්‍රීඩකයින් දිරි ගන්වන ඔහු නොමැතිව නිත්තවෙල මෙන්ම කොළඹ ප්‍රේක්ෂකාගාර වලටද පාළුව දැනෙනු නොඅනුමානය.

මීට මාස හයකට පමණ පෙර ෆාරුක් මහතාට පිළිකාවක් වැළඳී ඇති බව හඳුනා ගත් අතර තත්වය අයහපත් වීමත් සමඟම ඔහුට රෝද පුටුවකට සීමා වීමට සිදු විය.

සවුදි අරාබියේ මෙඩිනා නුවර වන්දනාගමනක යෙදී සිටිය දී ඔහු රෝහල්ගත කර තිබුණි අතර 65 හැවිරිදි ඔහු එහි දී ජිවිත ගමනට සමු දී තිබුණි.

ශ්‍රී ලංකාව පුරා රග්බි වලට ආදරය කරන සියලු දෙනාගේම හදවත් තුළ ‘ෆාරුක් අංකල්’ නොමැකෙන සටහනක් වනු ඇත. විශේෂයෙන්ම ඔබ ලෙසටම ක්‍රීඩාවට ආදරය කරන ThePapare.com අපට ඔබ නැති පාඩුව තදින්ම දැනෙනු ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<