චන්ද්‍රිශාන් පෙරේරා රග්බි ශූරතාවය මේ සති අන්තයේ

234

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට මහත් සේවයක් කළ චන්ද්‍රිශාන් පෙරේරා මහතාගේ නාමය ශ්‍රී ලංකා රග්බි ප්‍රජාව තුල සදා නොමැකෙන නාමයකි. මුළු මහත් ශ්‍රී ලංකා රග්බි ප්‍රජාවම ඉදිරිපත් වෙමින් මෙම කර්තව්‍යය සාර්ථක කර ගැනීමට එක් රැස්වනු ඇත.

අගනුවර සහ පිට පළාත් ගැටෙන සංග්‍රාමයේ සංචිතය මෙන්න

ශ්‍රී ලාංකීය රග්බි පිටියේ දැනට ක්‍රීඩා කරන සුපිරිතම ක්‍රීඩකයින් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත වෙනස්ම ආකාරයේ තරගයක් පිළිබඳ ශ්‍රී ලංකා රග්බි සම්මේලනය…

චන්ද්‍රිශාන් පෙරේරා මහතා ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ විධායක අධ්‍යක්ෂකවරයෙකු, ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපතිවරයෙකු හා කාන්ත කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද සේවය සපයා ඇත.

මාස හයකට පෙර චන්ද්‍රිශාන් මහතා පාකින්සන් රෝගය වැළඳීම එක්තැන් වූයේ රෝද පුටුවකට ඔහු සීමා වෙමිනි. ශ්‍රී ලංකා රග්බි තානාපතිවරයෙකු ද වූ චන්ද්‍රිශාන් මහතාට දිරියක් වීමට හා ඔහු වෙනුවෙන් ආධාර පිණිස මෙම තරගය සංවිධානය කර ඇති අතර අප්‍රේල් 9 වැනිදා කොළඹ හැව්ලොක් ක්‍රීඩා පිටියේ දී මෙම තරගය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ විධායක අධ්‍යක්ෂක රොහාන් ගුණරත්න හා තේරීම් කමිටු සභාපති රොහාන් අබේකෝන් මහත්වරුන් තමයි අපට මේ අදහස දුන්නේ, ඒ වගේම මේ කර්තව්‍යය සාර්ථක ලෙස සංවිධානය කිරීමට Dialog Axiata ආයතනය, Expo Lanka ආයතනය හා MAS වැනි ආයතන හොඳින් උපකාර කරන අතර තවත් ආයතන මේ සඳහා උනන්දුවක් දක්වන බවත්, තව දුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා රග්බි උප සභාපති නසීම් මොහොමඩ් මහතා අදහස් දැක්විය.

කොළඹයි නුවරයි ගැටෙන අලුත් තරගාවලියක් තිබ්බොත්?

ගෙවී ගිය වසර කිහිපය පුරාවට ශ්‍රී ලංකා රග්බි පිටිය පදනම් කරගෙන භූමිය කොටස් දෙකකට බෙදුණේ කාටත් නොදැනීය. සමාජ ආර්ථික කරුණු රාශියක් මත ඇතිවුණු මහනුවර…

එසේම මෙම තරගය, ලබන මැයි මස පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන පළමු කාණ්ඩයේ ශ්‍රී ලංකා රග්බි සංචිතය නම් කිරීමට සඳහා වන තේරීම් තරගයක් ලෙස ද හැඳින්වේ. එක් කණ්ඩායමට ක්‍රීඩකයින් 25 දෙනෙකු බැගින් සිටින අතර ශ්‍රී ලංකා සංචිතය සඳහා ක්‍රීඩකයින් 33 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් නම් කරනු ඇත.

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හා ශ්‍රී ලංකා තරග තීරක රොෂාන් මහානාම මහතා සිය අදහස් දක්වමින්,

“ශාන් (චන්ද්‍රිශාන්) මට පමණක් නොවෙයි ක්‍රිකට් ක්‍රීඩාවටම මහත් ශක්තියක් වුනා. අපට උදව්වක් වීමට කවුරුත් නැති අවස්ථාවක හා අපගේ ශාරීරික යෝග්‍යතා වලට පුහුණුකරුවෙක් නොමැති වී සිටි අවස්ථාවක ශාන් අපට උදව්වක් කළේ කිසිදු මුදලක් අය නොකරමින්.” යැයි පැවසීය.

මෙම තරගය පස්වරු 6ට හැව්ලොක් ක්‍රීඩා පිටියේ දී කෘතීම ආලෝක තත්ව යටතේ පැවැත්වීමට නියමිත බවත්, මෙම තරගය නැරඹීමට කිසිදු මුදලක් අය නොකරන අතර තරගය නරඹන්නන්ට සිහිවටනයක් ලබා දීමට ද, ඒ් හරහා ඔවුන්ගේ ආධාර මුදල් ලබා දිය හැකි බව ද නසීම් මහතා තවත් දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<