තායිපේ සංචාරයට එක්වන 19න් පහළ සංචිතය නම් කෙරේ

367

චීන තායිපේ හීදී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු රග්බි ශූරතාවලියට එක්වන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ රග්බි කණ්ඩායම අද (5) නිවේදනය කෙරිණි. තරගාවලිය පිළිබඳ සුභවාදී පෙරදැක්මකින් යුතුව රොහාන් අබේකෝන් ප්‍රමුඛ තේරීම් කමිටුව ක්‍රීඩකයින් 27 දෙනෙකු කණ්ඩායම සඳහා නම් කර තිබේ.

යොවුන් රග්බි කණ්ඩායමේ සුක්කානම ගැමුණු චේතියට

වින්ග්, සෙන්ටර් මෙන්ම ෆුල් බැක් ස්ථානවල ද එක සේ දස්කම් දක්වන ක්‍රීඩකයෙකු වන මේ වසරේ සාන්ත…

ආසියානු වයස අවුරුදු 19න් පහළ රග්බි ශූරතාව තායිපේ හිදී පැවැත්වෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම තරග තුනක් ක්‍රීඩා කරන ඇත. පසුගිය වසරේ දී පළමු කාණ්ඩයේ ක්‍රීඩා කළේ හොංකොං හා ශ්‍රී ලංකාව පමණි. ශ්‍රී ලංකාවේ දී හා හොංකොං හිදී කණ්ඩායම් දෙක තරග වැදුණු අතර අදියර දෙකම ජය ගැනීමට හොංකොං සමත් විය.

රාජකීය ඉදිරිපෙළ සවිමත් කළ ඉෆාම් ෆරීඩ් හට ජාතික කණ්ඩායම සවිමත් කිරීමේ වගකීම ද දරන්නට සිදු වනු ඇත.

අදියර දෙකකින් යුතු වූ ThePapare මහනුවර (Kandy Reds) හා කොළඹ (Colombo Blues) කණ්ඩායම් අතර රග්බි තරගාවලිය ජාතික කණ්ඩායම තෝරා ගැනීමට තේරීම් තරගාවලියක් ලෙස භාවිතා කෙරිණි.

පසුගිය වසරේ බහමාස් හී පැවැත්වුණු යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම නියෝජනය කළ මොහොමඩ් ශාබීර්, දයාන් සබාර්, විශ්ව රණරාජා හා ගැමුණු චේතිය 19න් පහළ කණ්ඩායමට ඇතුළත් කර තිබේ. මෙම ක්‍රීඩකයින් සිව්දෙනාම පසුගිය වසරේ තරගාවලියේ අදියර දෙකත් ක්‍රීඩා කළ නිසා ඔවුන්ගේ අත්දැකීම් කණ්ඩායමට ඉතා වැදගත් වනු ඇත. මේ වසරේ හොංකොං හී පැවති වයස අවුරුදු 20න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගී  වූ රාජකීය විද්‍යාලයේ ජනිඳු දිල්ශාන් හා සාන්ත ජෝසප් විද්‍යාලයේ ඩිලාන් කාවින්ද ද කණ්ඩායමට කැඳවා තිබේ.

අගනුවර ක්‍රීඩකයෝ උඩරට පරාජය කරමින් ශූරතාවය දිනති

ThePapare.com අනුග්‍රහයෙන් පැවැත්වුණු කොළඹ පාසල් කණ්ඩායම (Colombo Blues කණ්ඩායම)….

කෙසේ වෙතත් මලියදේව විද්‍යාලයේ හා වත්මන් මහනුවර ක්‍රීඩා සමාජයේ සෙන්ටර් ක්‍රීඩක ලහිරු දවුලගල ට කණ්ඩායමේ ස්ථානයක් හිමිව නොමැති අතර හරිත් සේනානායකට ද කණ්ඩායමට කැඳවීම් ලැබී නැත.

දුශාන්ත් ලෙව්කේ කණ්ඩයමේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර ThePapare වෙත අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ තෝරාගෙන ඇති කණ්ඩායම පිළිබඳ තමන්ට හොඳ විශ්වාසයක් ඇති බවයි. ආරම්භයේ දී ක්‍රීඩකයින් 37 දෙනෙකුගෙන් ක්‍රීඩකයින් 30 දෙනෙකු තෝරා ගත් අතර ඉන්පසු අවසන් සංචිතය සඳහා ක්‍රීඩකයින් 27 දෙනෙකු තෝරා ගන්නා ලදි.

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය ආරම්භයේ දී පුහුණුවීම් ආරම්භ කළේ ගැමුණු චේතිය හට කණ්ඩායමේ නායකත්වය ලබා දීමත් සමඟය. මෙවර තරගාවලියත් කණ්ඩායමට එතරම් පහසු නොවන්නේ සිය ප්‍රධානතම ප්‍රතිවාදීන් වන හොංකොං කණ්ඩායම ද තරගාවලියට එක්වන නිසයි.

ශ්‍රී ලංකා කණ්ඩායම පහත පරිදි වේ.

ඉදිරිපෙළ – ප්‍රවින්ද විජේතිලක (ත්‍රිත්ව), හිමන්ත හිරුශාන් (රාජකීය), රශ්මික චන්ද්‍රරත්න (කිංග්ස්වුඩ්), අදීශ හඳුන්පතිරණ (සාන්ත තෝමස්), ජුලියන් චාල්ස් (සාන්ත පීතර), ඉෆාම්  ෆරීඩ් (රාජකීය), ෆාඩිල් අදහන් (රාජකීය), මොහොමඩ් ශාබීර් (සාන්ත අන්තෝනි), දයාන් සබාර් (වෙස්ලි), රිසිත් කවාන්ජන (රාජකීය),තරිඳු ද අල්විස් (සාන්ත ජෝසප්), මලීශ මධුමෙවන් (රාජකීය), රවිඳු අංජුල (ඉසිපතන)

පසුපෙළ – ජේසන් කරුණාරත්න (සාන්ත පීතර), මුබීන් ෆලීල් (රාජකීය), ඉෂාර හේරත් (මලියදේව), කළිඳු නන්දිල (රාජකීය), රුක්ෂාන් මදුසංක (සාන්ත පීතර), ජනිදු දිල්ශාන් (රාජකීය), ශාන් අකිල (සාන්ත ජෝසප්), විශ්ව රණරාජා (ත්‍රිත්ව), කේෂාන් කාවින්ද (සාන්ත ජෝසප්), ඉෂාර ලියනගේ (සාන්ත ජෝසප්), තුවාන් සාමිල් (ලුම්බිණි), තරිඳු හෙට්ටිආරච්චි (විද්‍යාර්ථ), ගැමුණු චේතිය(සාන්ත ජෝසප්)  

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<