20න් පහළ සත් සාමාජික සංචිතය නම් කෙරේ

1223

එළඹෙන අගෝස්තුවේ පැවැත්වීමට නියමිත ආසියානු වයස අවුරුදු 20න් පහල සත් සාමාජික රග්බි තරගාවලිය ඉලක්ක කරගෙන අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකා රග්බි තේරීම් කමිටුව 36 දෙනෙකුගෙන් යුතු වයස අවුරුදු 20න් පහළ රග්බි සංචිතයක් නම් කර තිබේ.

රග්බි කිරුළ දිනන්නට යන කෝඩුකාර සරසවි සිසුන්

දෙවසරකට වරක් පැවැත්වෙන ලෝක විශ්ව විද්‍යාල රග්බි ශූරතා තරගාවලිය 8 වැනි වරටත් මේ …

ආසියානු වයස අවුරුදු 20න් පහළ සත් සාමාජික තරගාවලිය ආසියානු කලාපයේ පැවැත්වෙන ප්‍රධානතම කනිෂ්ඨ තරගාවලියක් වන අතර 2016 දී ශ්‍රී ලංකා කණ්ඩායම ශූරයින් ලෙසත්, 2017 දී අනුශූරයින් ලෙසත් තරගාවලිය අවසන් කිරීමට සමත් විය. මේ තරගාවලියට 2017 වසරේ පාසල් රග්බි පිටියේ ක්‍රීඩා කළ ක්‍රීඩකයින්ට ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවනු ඇත.

නිමා වූ පාසල් රග්බි ලීග් තරගාවලිය, පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය හා සත් සාමාජික තරගාවලියේ දිගින් දිගටම දස්කම් දැක්වූ පාසල් ක්‍රීඩා තරු මෙන්ම ඩයලොග් අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ  දස්කම් දැක්වූ නියමිත වයස් කාණ්ඩයට අයත් ක්‍රීඩකයින් ද සංචිතයට ඇතුලත් කර තිබේ.

සුදත් සම්පත් මහතාගේ සාර්ථක ධූර කාලයෙන් අනතුරුව කණ්ඩායමේ පුහුණුකරු ලෙස සත් සාමාජික තරගාවලිය ජයග්‍රහණය කළ සාන්ත ජෝසප් විද්‍යාලයේ පුහුණුකරු නිල්ෆර් ඉබ්‍රහිම් මහතා පත් කර ඇති අතර නොබෝ දිනකින් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පුහුණුවීම් ආරම්භ කරනු ඇත.  

නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතය

  1. චමෝද් ප්‍රනාන්දු (CR & FC/ ඉසිපතන)
  2. රවිඳු අංජුල (ඉසිපතන)
  3. හරිත් බණ්ඩාර (CR & FC/ ඉසිපතන)
  4. රැන්ඩි සිල්වා (හැව්ලොක් ක්‍රීඩා සමාජය / ඉසිපතන)
  5. මනුල රත්නයක (ඉසිපතන)
  6. තිමිර අමන්ද (නාවික හමුදා/වෙස්ලි)
  7. දයාන් සබාර් (වෙස්ලි)
  8. අවිශ්ක ලී (CH & FC/ වෙස්ලි)
  9. අවනත ලී (CH & FC /වෙස්ලි)
  10. මුර්ශිඩ් සුබයිර් (වෙස්ලි)
  11. ගිහාන් පෙරේරා (නාවික හමුදා / සාන්ත ජෝසප්)
  12. චතුර සෙනෙවිරත්න (මහනුවර ක්‍රීඩා සමාජය / සාන්ත ජෝසප්)
  13. ගැමුණු චේතිය (සාන්ත ජෝසප්)
  14. දුලංජන පියතිස්ස (සාන්ත ජෝසප්)
  15. දිලාන් කාවින්ද (සාන්ත ජෝසප්)
  16. සාබිත් ෆෙරෝස් (රාජකීය)
  17. ජනිදු දිල්ශාන් (රාජකීය)
  18. තුලයිබ් හසන් (රාජකීය)
  19. තීක්ෂණ දසනායක (සාන්ත පීතර/ හැව්ලොක් ක්‍රීඩා සමාජය)
  20. ජේසන් කරුණාරත්න (සාන්ත පීතර)
  21. කෙනෙත් විමලදාස (සාන්ත පීතර)
  22. රුක්ෂාන් මදුසංක (සාන්ත පීතර)
  23. දිනුක් අමරසිංහ (හැව්ලොක් ක්‍රීඩා සමාජය / සාන්ත අන්තෝනි විද්‍යාලය)
  24. ජෙහාන් සිලේගම (ගුවන් හමුදා ක්‍රීඩා සමාජය/ හැව්ලොක් ක්‍රීඩා සමාජය)
  25. සැමුවෙල් මධුවන්ත (CH & FC/ සාන්ත අන්තෝනි)
  26. දිලුෂ්ක දන්ගේ (මහනුවර ක්‍රීඩා සමාජය / ත්‍රිත්ව)
  27. විශ්ව රණරාජා (ත්‍රිත්ව)
  28. නවීන් හේනකන්කානම්ගේ (CH & FC / ශාන්ත තෝමස්)
  29. ක්‍රිස්ටියන් ඩි ලයිල් (ශාන්ත තෝමස්)
  30. ලක්ෂිත රණවීර (මහනුවර ක්‍රීඩා සමාජය / කිංග්ස්වුඩ්)
  31. හේෂාන් ජැන්සන් (මහනුවර ක්‍රීඩා සමාජය / කිංග්ස්වුඩ්)
  32. බවන්ත උඩන්ගමුව (ධර්මරාජ)
  33. තරිඳු තාරක (CR & FC / ධර්මරාජ)
  34. පසිඳු හෙට්ටිආරච්චි (විද්‍යාර්ථ)
  35. ධනංජය ෆොන්සේකා (විද්‍යා)
  36. එච්. ධනංජය (මලියදේව)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<