රග්බි ක්‍රීඩකයින් ද කළු පැලඳ පිටියට පිවිසෙයි

240

පසුගිය පාස්කු ඉරිදා දිනයේ දී සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය අයවලුන් සිහිපත් කරමින් මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කරන්නට ඊයේ (02) ශ්‍රී ලංකා සභාපතිගේ රග්බි කණ්ඩායමට කටයුතු කළේය.

ශ්‍රී ලංකාවෙන් බාබේරියන්ස්ට හොඳ සංග්‍රහයක්

අද (2) මැලේසියාවේ UPM ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු …..

මැලේසියන් බාබේරියන්ස් කණ්ඩායමට එරෙහිව මැලේසියාවේ දී පැවති සුහද තරගයක් ආරම්භ කිරීමට පෙර ඔවුන් මෙසේ සිය කනගාටුව ප්‍රකාශ කර සිටි අතර 250 අධික පිරිසකට මරු කැඳවූ, 500කට අධික පිරිසක් තුවාලකරුවන් බවට පත්කළ මෙම ත්‍රස්ත ප්‍රහාරයට ශෝකය පල කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරගය සඳහා සහභාගී වූයේ ද අතේ කළු පටියක් පැලඳ ගෙන වීම විශේෂත්වයකි.

මේ පිළිබඳව ශ්‍රී ලංකා සභාපතිගේ රග්බි කණ්ඩායමේ සහය පුහුණුකරු ෆාසිල් මරීජා සිය ට්විටර් ගිණුම හරහා පණිවුඩයක් නිකුත් කරමින් පවසා සිටියේ “පසුගිය සතියේ පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් දිවි අහිමි වූවන් සිහිපත් කරමින් අපි ඊයේ තරගයට පෙර නිහඬතාවක් ආරක්ෂා කළා. මැලේසියාවට එරෙහිව පැවති එම තරගය සාර්ථකව ක්‍රීඩා කරන්නට අපිට පුළුවන් වුනා. ඒක තරගාවලියට හොඳ ආරම්භයක්, අපේ අනිත් තරගය පැවැත්වෙන්නේ සෙනසුරාදා” යනුවෙනි.

ශ්‍රී ලංකාවෙන් බාබේරියන්ස්ට හොඳ සංග්‍රහයක්

අද (2) මැලේසියාවේ UPM ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු ……

ශ්‍රී ලංකා සභාපතිගේ රග්බි කණ්ඩායම සහ මැලේසියන් බාබේරියන්ස් කණ්ඩායම අතර පැවැත්වුණු මෙම තරගයෙන් ලකුණු 55-14ක් ලෙස පහසු ජයක් ලබා ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයින් සහභාගී වන මීළඟ තරගය ලබන සෙනසුරාදා (04) බුකිට් ජලීල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.30ට. තරගයේ ප්‍රතිවාදීන් වන්නේ මැලේසියානු ජාතික රග්බි කණ්ඩායමයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<