ජාතික තලයේ රග්බි ක්‍රීඩකයෙක්ට තරග තහනමක්

765

ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායම නියෝජනය කළ, මේ වන විට මහනුවර ක්‍රීඩා සමාජයේ ‘wing three-quarter’ ස්ථානයේ ක්‍රීඩා කරන විශ්වමිත්‍ර ජයසිංහ හට වහාම බලපැවැත්වෙන පරිදි වසර 2ක තරග තහනමක් ලබා දී ඇත. ඒ අනුව ඔහුට රග්බි ක්‍රීඩාවට අදාළ කිසිදු ආකාරයේ තරගයකට සහභාගී වීමට නොහැකිය.

ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් 5 වැනි ස්ථානයේ

දකුණු කොරියාවේ දී පැවති ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ දී ශූරතා කුසලානය සඳහා වූ අර්ධ…

27 වන වියේ පසුවන විශ්වමිත්‍ර පසුගිය ජූලි මාසයේ දී පැවති 47 වෙනි වෙළඳසේවා රග්බි තරගාවලිය අතරතුර විනිසුරුවරයෙකු සමඟ ගැටුමක් ඇතිකර ගැනීමේ සිදුවීමට අදාළව ඔහුට මෙම තරග තහනම පනවා ඇත. එහි දී ‘Access Group’ කණ්ඩායම නියෝජනය කළ විශ්වමිත්‍ර ‘MAS Holdings’ සහ ‘Access’ කණ්ඩායම අතර පැවති ශූරතා කුසලානය සඳහා වන අවසන් මහා තරගය අතරතුර තරගය බාරව සිටි අතුරු විනිසුරුවරයා සමඟ ගැටුමක් ඇති කරගත්තේය.

එම සිදුවීමෙන් අනතුරුව එහි දී පහරකෑමට ලක්වූ එම විනිසුරුවරයා ඒ සම්බන්ධව පොලිස් පැමිණිල්ලක් ගොනු කළ අතර කෙසේ නමුත් පසුව විශ්වමිත්‍ර වරද පිළිගෙන එම අදාළ පාර්ශවයන්ගෙන් සමාව ඉල්ලා සිටීමෙන් අනතුරුව එම පැමිණිල්ල විනිසුරුවරයා විසින් ඉල්ලා අස්කර ගන්නා ලදි.

එම සිදුවීම සම්බන්ධයෙන් එහි දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා රග්බි විනිසුරුවරුන්ගේ සංගමයේ (SLRRS) සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ මෙම සිදුවීම විනය කමිටුව වෙත රැගෙන ගිය පසු විශ්වමිත්‍ර හට ඒ සඳහා දඬුවම් ලැබෙනු ඇති බවයි.

“තුන්වන කොන්දේසිය තමයි ඔහු (විශ්වමිත්‍ර) වරද පිළිගෙන සමාව ඉල්ලා සිටිය යුතුයි. සිව්වන කොන්දේසිය තමයි මෙම නීතිමය ක්‍රියාමාර්ග ලෝක රග්බි සංගමයේ විමර්ශනයකට සම කරන්න බැහැ. ඒ අනුව මෙම කොන්දේසි හතර යටතේ විනිසුරුවරයා ඔහුට සමාව දීමට තීරණය කළා.”

ඒ අනුව ශ්‍රී ලංකා රග්බි සංගමයේ විනයට අදාළ විමර්ශනය අවසානයේ විශ්වමිත්‍ර එම සිදුවීමට අදාළව වැරදිකරු ලෙස තීරණය කෙරුණු අතර ඒ අනුව 2017 වසරේ ජූලි මස 23 වන දින සිට බලපැවැත්වෙන පරිදි ඔහුට වසර 2ක කාලයක් සඳහා කිසිදු ආකාරයේ තරගකාරී රග්බි තරගයක් සඳහා සහභාගී වීමට නොහැකි වන පරිදි තරග තහනමක් පැනවීමට තීරණය කෙරිණි.

එමෙන්ම ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිල ආරංචි මාර්ගවලට අනුව තරග තහනම වහාම බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කෙරෙන අතර එය 2019 වසර දක්වා ක්‍රියාත්මක කෙරෙනු ඇත.

කෙසේ නමුත් විභාගය අවසන් වූ විට එම තීරණයට අදාළව දඬුවම ලිහිල් කර ගැනීමට හෝ ඉවත් කර ගැනීමට විශ්වමිත්‍ර හට අභියාචනයක් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.

ශ්‍රී ලංකාවේ සිටින වේගවත් ‘wing three-quarter’ ක්‍රීඩකයෙක් ලෙස සැලකෙන විශ්වමිත්‍ර 2016 වසරේ දී මහනුවර ක්‍රීඩා සමාජය සමඟ එක්වීමට පෙර නාවික හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරනු ලැබීය. Dialog ක්‍රීඩා සමාජ රග්බි තරගාවලිය යටතේ පසුගිය තරග වාරයේ දී ඔහු උත්සාහක දිනුම් 3ක් වාර්තා කර ගන්නට සමත් විය.

එමෙන්ම ඔහු ශ්‍රී ලංකා ජාතික සත් සාමාජික කණ්ඩායමේ ද වැදගත් ක්‍රීඩකයෙක් වූ අතර ඔලිම්පික් තරග සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියට මොනෑකෝ බලා ගිය සංචිතයේ ද ඔහු සාමාජිකයෙක් විය.

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට